පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ

පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ

235418DB00000578-2842322-The_researchers_believe_that_supercritical_carbon_dioxide_may_be-4_1416485065687.jpg


ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් සීමා කරගැනීම නොකළ යුතු යැයිද සඳහන් කරමින බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් නව මතයක් ඉදිරිපත් කරති.

ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍ය වන්නේද මැයෙන් අධ්‍යනයක් සිදුකර ඇති ඔවුන් සොයාගෙන තිබෙන්නේ ජලය නොමැති ඇතැම් අවස්ථාවන්හි පවා ජීවය ඇතිව තිබෙන බවයි.

ජීවය ඇතිවීමට අවශ්‍ය වන එන්සයිම ක්‍රියාවලීන් සිදුවීමට මාධ්‍යය සපයන්නේ ජලයයි.

එම අධ්‍යනයට අනුව ඉතා අධික උෂ්ණත්වයක් හා අධික පීඩනයක් යටතේ කාබන් මූලද්‍රව්‍යයට ජලය වෙනුවට ආදේශයක් ලෙස ක්‍රියා කරමින් ජීවය ඇතිවීමට පදනම ඇතිකළ හැකි බව සඳහන්ය.

ඉහළ උෂ්ණත්වයන් හා ඉහළ පීඩනයන් හිදී කාබන් වලට වායුමය ගුණත් ද්‍රවමය ගුණත් එකසේ ලැබේ.

අධ්‍යනය සිදුකර ඇති විද්‍යාඥයින්ට අනුව මෙසේ කාබන් සම්පූර්ණයෙන්ම වායුවක් හෝ සම්පූර්ණයෙන්ම ද්‍රවයක් හෝ නොවන අවස්ථාවේදී එයට ජීවය ඇතිවීමේ ක්‍රියාවලියට එක්වීමේ හැකියාව පවතී.

මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

235418EA00000578-2842322-image-1_1416484967928.jpg


-Lankadeepa
 
  • Like
Reactions: s.shehan