පතරොමක කතාව 1

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2094553037_24989d6393.jpg


    පතරොම් ගබඩාවකට යාම ඉතා කල්පනාකාරීව කලයුතු දෙයක්. පළමුව ඔබ ඒ සඳහා නිසි අවසරය ලැබූ පුද්ගලයකු වියයුතුයි. දෙවනුව ඔබ කිසිදු ගිනි අවියක් අත දරාගෙන පතරොම් ගබඩාවට ඇතුළු නොවිය යුතුයි. තුන්වනුව ඔබ ලයිටරයක් හෝ ගිනිපෙට්ටියක් හෝ දැල්වෙන දුම්වැටියක්, ඉටිපන්දමක් හෝ එවැනි ගිනි දැල්ලක් සහිත ලාම්පුවක් හෝ ගිනි ඇවිලෙන සුළු කිසිවක් පතරොම් ගබඩාව වෙත රැගෙන නොආ යුතුයි. පතරොම් ගබඩාවේ සිටින විට ඔබ අවසරයකින් තොරව කිසිදු පතරොමක්, බෝම්බයක් හෝ වෙනත් පුපුරන ද්‍රව්‍යයක් නොඇල්ලිය යුතු අතර සෑම විටම පතරොම් ගබඩා පාලකගේ උපදෙස් අනුව ක්‍රියා කලයුතුයි. මේ උපදෙස් වලට පටහැනිව ක්‍රියා කලොත් ඔබ ක්ෂණික මරණයකට පත්වීමේ අවදානම තිබෙනවා පතරොම් ගබඩාවක් තුලදී. එසේ උපදෙස් වලට පටහැනිව ක්‍රියාකර ඔබ පණ පිටින් පතරොම් ගබඩාවෙන් එලියට ආවොත් හමුදා නීතිය යටතේ ඉතා දැඩි විනය ක්‍රියාමාර්ග වලට යටත්වීමට සිදුවීම අනිවාර්යයි.

    spacesaver-high-density-shelving-ammo-storage.jpg


    පතරොමක් කියන්නේ මොකක්ද? එයට දිය හැකි සරල පිළිතුර මෙයයි. පතරොමක් යනු, ලෝහමය හෝ ප්ලාස්ටික් හෝ, ඉතා ඝන කඩදාසි වැනි ද්‍රව්‍යයකින් හෝ ඒ සියල්ලේම සංකලනයකින් සැකසුන බඳක් සහිත, ක්ෂණිකව ලැබෙන පීඩනයකින් ගිනි ඇවිලෙන උපක්‍රමයකින් සහ එම ගිනි බලයෙන් ඉදිරියට තල්ලුවන මූනිස්සම් සමූහයකින් හෝ එක උණ්ඩයකින් හෝ සමන්විත සිලින්ඩරාකාර හැඩයෙන් යුත් පුපුරන වස්තුවකි. පතරොමකින් ඇති ප්‍රයෝජනය වන්නේ කිසියම් ඉලක්කයක් වෙත විනාශකාරී, මරණීය, ප්‍රහාරයක් එල්ල කිරීමයි. (අවිහින්සාවාදීහු මාගේ මේ ප්‍රකාශය වරදවා වටහා නොගනිත්වා. මා කරන්නේ තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමක් මිස වර්ණනාවක් නොවේ) පතරොමක් පාවිච්චි කිරීමටනම් අනිවාර්යයෙන් තුවක්කුවක් අවශ්‍යයි. පතරොම යන දෙය නිර්මාණය කිරීමට පෙර තිබුණු තුවක්කු, වෙඩිබෙහෙත් තුවක්කුව තුලට කොටා වෙඩි තබන තුවක්කු විය. එම තුවක්කු 19 වන සියවසේ මුල් භාගයේදී පවා පාවිච්චි කෙරුණි.

    පතරොම් සෑදීමේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1580 පමණ ඈතට දිව යනවා. මුල්ම කාලයේ සෑදු පතරොම් ඝන කඩදාසි වලිනුයි සාදා තිබෙන්නේ. එහි අනික් විශේෂත්වයනම් එම පතරොම් තුවක්කුවට වෙඩි බෙහෙත් කොටන ආකාරයට බටයේ අග කෙලවරින් ඇතුළු කිරීමයි. එසේ ඇතුළු කිරීමට පෙර පතරොමේ පසුපස කොන පිහියකින් කපා දමා හෝ කටින් හපා කඩා දමා ඇතුළු කල යුතුයි. ඊට පෙර තුවක්කුවට වෙඩි බෙහෙත් ස්වල්පයක් ඇතුළු කර තිබිය යුතුයි. එසේ මුලින්ම ඇතුළු කල වෙඩි බෙහෙත් ගිනිගත් පසුව ඇතිවන ගිනි බලයෙනුයි පතරොම පත්තු වෙන්නේ.

    1808-swiss-jean-samual-pauly-paper-cartridge.jpg


    19 වැනි ශතවර්ෂයේ මුලදී කඩදාසි පතරොම වැඩිදියුනු වුනා. 1812 සිට ඇරඹුණු ඒ වැඩි දියුණු වීම 1836 වනවිට කැප් එක සහිත පතරොමක් දක්වා දියුණු වුනා. කැප් එක යනු කුමක්ද යන්න පහත විස්තර කරනවා. 1861 – 1865 කාලයේ පැවති ඇමෙරිකානු සිවිල් යුද්ධයේදී පතරොම් නිෂ්පාදනය වඩාත් දියුණු තත්වයට පත්වුනා. 1845 වනවිට වාණිජ මට්ටමින් පතරොම් නිෂ්පාදනය කරන්නට ඇමෙරිකා එක්සත් ජනපදයට හැකියාව ලැබුනා. 1867 වනවිට බ්‍රිතාන්‍යයද ඉතා සාර්ථකව පතරොම් නිපදවූවා.

    පතරොම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තුවක්කු පතරොම් සහ රයිෆල් පතරොම් යනුවෙන්. මුලින්ම නිපදවුණ පතරොම් රයිෆලය වෙනුවෙන් සැකසුන ඒවායි. නමුත් තුවක්කුව වෙනුවෙන්ද පතරොම් නිපදවීම ඉක්මන් වුනේ තුවක්කුව රයිෆලයට වඩා ජනප්‍රිය වීමට පටන්ගත් නිසයි. අපි මුලින්ම බලමු තුවක්කු පතරොමක සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය.

    cartridge20inside.jpg


    දැන් මා ඔබට විස්තර කරන්නේ මෙහි දකුණුපස ඇති තුවක්කු පතරොමක සැකැස්ම යනුවෙන් දක්වා ඇති රූපය පිළිබඳවයි. පතරොම සිලින්ඩරාකාර වස්තුවක් බව ඒ රූපය දෙස බලන ඔබට හොඳින් පැහැදිලි වෙනවා ඇති. දැන් මා ඔබට මේ රූපය විස්තර කරන්නේ එහි පහල සිට ඉහළටයි. මෙහි දැවෙන්නේ පතරොමක හරස්කඩක්. එහි පහල කොටසේ පිත්තල පාදම යන කොටස මේ සිලින්ඩරයේ ශක්තිමත්ම කොටසයි. එය තුල තවත් යාන්ත්‍රණයක් නැතහොත් දාම ක්‍රියාකාරිත්වයක් අඩංගුවී තිබෙනවා. පතරොමේ රතු පැහැති ප්ලාස්ටික් බඳ දරා සිටින්නේද ඒ පාදම විසින්. මේ පාදමේ හරි මැද තිබෙන්නේ පතරොමේ ක්‍රියාකාරිත්වය ආරම්භ කරවන උපකරණයයි. එය හඳුන්වන්නේ ‘ප්‍රයිමරය’ යනුවෙන්. නමුත් අපේ රටේ එදිනෙදා ව්‍යවහාරයේදී මෙයට කියන්නේ ‘කැප් එක’ කියලයි. මේ කැප් එක ඇතුලේ තියෙන්නේ ක්ෂණිකව ලැබෙන පීඩනයකින් ගිනි ඇවිලෙන ඝන රසායනික මිශ්‍රනයකුයි. එයින් ඇති කරන්නේ ගින්නක් මිස පිපුරුමක් නොවේ. එහෙත් එය පිපුරුමක් මෙන් ක්ෂණිකයි. කැප් එකෙන් ඇතිකරදුන් ගිනිබලය වහාම, ඊට ඉදිරියෙන් ඇති, වහා ගිනි ඇවිලෙන සුළු වෙඩි බෙහෙත් වෙත පැතිරෙනවා. එහිදී ඇසිපිය ගසන වේගයෙන් එම වෙඩි බෙහෙත් ගිනි ගන්නවා. මෙසේ ගිනි ඇවිලීමට පතරොම තුල වාතය තිබිය යුතුයි බූසිය නමැති කොටසෙන් එවැනි වායු කුටීරයක් පතරොම තුලා සාදා තිබෙනවා. බූසියද ගිනි ඇවිලෙන සැහැල්ලු ප්ලාස්ටික් වලින් නිපදවා තිබෙන්නේ. වෙඩිබෙහෙත් පත්තුවීම නිසා ඉතා දැඩි පීඩනයක් පතරොම තුල ඇතිවෙනවා. එහි ප්‍රතිපලය වන්නේ ඊට ඉදරියෙන් තිබෙන මූනිස්සම් පතරොමේ ඉදිරි පස මුද්‍රාව(සීල් එක)ද කඩාගෙන තුවක්කු බටන් එලියට විසි වීමයි. තුවක්කු බටයේ දිග නිසා ඒ මූනිස්සම් සෑහෙන දුරක් යන්නට අවශ්‍ය ප්‍රවේගයද ලබාගන්නවා. හැබැයි මේ සියල්ල සිදු වෙන්නේ ඇසිපිය ගසන සැනෙකින් බව ඔබට අවධාරණය කල යුතුයි.

    ඊළඟට සිදුවන්නේ කුමක්ද? පතරොම පත්තුවී වෙඩිල්ල තුවක්කුවෙන් පිටවී අවසන්. එහෙත් පතරොම් කොපුව තවම තුවක්කුව ඇතුලේ තියනවා. නැවත පතරොමක් දැමීම සඳහා තුවක්කුව විවෘත කරන විට හිස් කොපුව එලියට විසිවෙනවා. ඒ සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස්කර තිබෙනවා. පහත දැක්වෙන පින්තූර වලින් ඒ එක් එක් අවස්තාව පැහැදිලි වෙනවා.

    shotgunshella.jpg
    shotgunshell.jpg
    shotgun_03.jpg

    320cai20spm2012gax3in20sxs2020in203000317_0.jpg
    878132_orig.jpg
    gw-1105-stoeger-pic-14.jpg

    imagescapy4bqj.jpg
    r7583_shotgun.jpg


    උපුටාගැනීමකි
     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    වටිනා ත්‍රෙඩ් එකක් ,ඉස්තුතිය් සහෝදරයා
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    mewage thread walata dan inna aya comment ekak wath rep ekak wath danne na,
    meka walak hari mokak hari opadupayak hari unanam onna comment watila thread eka up wela thiyevi.
    mama me thuwakku , unnda gana thibba thread tika baluwa patta machan
    digatama keragena palayan
    REP ++++
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මටත් තව ටික කාලෙකින් මේකක් ඕන වෙයි. හොද ත්‍රෙඩ් එකක් :dull::dull:

    You must spread some Reputation around before giving it to crazybuddy again.

    පතරොමක
    :confused::confused::confused: :P