පත්තරෙන්_දැකලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,076
    46,619
    113
    පත්තරෙන්_දැකලා

    “බදු වැඩි කිරීම නිසා ජනතාවට ප්‍රශ්ණ…” – සිරිසේන

    news-pm-modi-greets-president-of-sri-lanka-on-their-67th-independence-day-1-65687-65687-maithrip.jpg

    බදු පැනවීම නිසා සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන භාණ්‌ඩ මිල ඉහළ යැම හේතුවෙන් දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ (29 වැනිදා) පෙරවරුවේ ගිරාඳුරුකෝට්‌ටේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති වකුගඩු රෝග නිවාරණය පිළිබඳ බදුල්ල දිස්‌ත්‍රික්‌ ජාතික වැඩසටහනට එක්‌වෙමිනි.

    මේ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද තමා සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥයන් සහ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර පොදු මහජනතාවගේ ආර්ථිකයට බලපා ඇති තත්ත්වයට සහන සැලසීම සඳහා යම් යම් සංශෝධන කිරීමට පැහැදිලි තීන්දුවක්‌ ගන්නා බවද සඳහන් කළේය.

    රාජ්‍ය නිලධාරීන්ගේ තීරු බදු සහන වාහන බලපත්‍රය ප්‍රමාණවත් නොවන බවත් ඔවුනට අහිමිවූ එම වරප්‍රසාදය නැවත ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පොරොන්දු විය.
    මෙහිදී බදුල්ල දිස්‌ත්‍රික්‌ වකුගඩු රෝග නිවාරණ ජංගම සායන පිළිබඳ වාර්තාව බදුල්ල දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

    වකුගඩු රෝගයෙන් දෙමාපියන් අහිමිවූ උසස්‌ පෙළ හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනකු වෙත සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

    මෙම අවස්‌ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්‌ඩුකාර එම්. පී. ජයසිංහ, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් සහ ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්‍ෂ අසේල ඉද්දවෙල, බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් නිමල් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්‌ද එක්‌ව සිටියහ.

    අදදෙරණ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,619
    113
    වැට්‌ බද්දට එරෙහිව ඊයේත් රට පුරා විරෝධතා

    සියයට පහළොවේ (15%) වැට්‌ බද්ද වහාම ඉවත්කරන ලෙස රජයට බල කරමින් ඊයේ (29 වැනිදා) රට පුරා ප්‍රධාන නගර රැසක ව්‍යාපාරිකයෝ කඩ සාප්පු වසා දමමින් උද්ඝෝෂණවල නිරත වූහ.

    අනුරාධපුරය, කිරිබත්ගොඩ, කැලණිය, මාකොළ, බියගම, කඩවත, නිට්‌ටඹුව, බණ්‌ඩාරවෙල ඇතුළු නගර රැසක ඊයේ පෙරවරුවේ සිය කඩ සාප්පු වසා දමමින් ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයක නිරතවීම නිසා සාමාන්‍ය කටයුතු අඩපණ විය.

    මහනුවර නගරයේ සංවිධානය කර තිබූ හර්තාලය හා උද්ඝෝෂණය අවසාන මොහොතේදී තාවකාලිකව නතර කිරීමට එම වෙළෙඳ සංගමය තීරණය කර තිබුණි.

    මෙම උද්ඝෝෂණ සඳහා ව්‍යාපාරිකයන්ට අමතරව එම කඩසාප්පුවල සේවකයන් ඇතුළු පිරිස්‌ එක්‌ව සිටියහ. වැට්‌ බදු නිසා දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විනාශ වී යැමේ අනතුරක්‌ ඇතැයි ද ඔව්හු උද්ඝෝෂණයේ යෙදෙමින් කියා සිටියහ.

    කළු පටි පැළඳ රතිඤ්Æ පත්තු කරමින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් තම ඉල්ලීම් පැහැදිලි කරමින් නගර මධ්‍යයට රැස්‌වූ දස දහස්‌ ගණන් ව්‍යාපාරිකයන් හා සේවකයන් කියා සිටියේ වැට්‌ බදු නිසා ව්‍යාපාර පවත්වාගෙන යැම අසීරු බවය.

    ඊයේ පෙරවරුවේ මෙලෙස කඩ සාප්පු වසා තිබීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව සිටියහ. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන පවා වසා දමා තිබූ අයුරු දක්‌නට ලැබිණ.

    කිසිදු දේශපාලන පෙළඹවීමක්‌ මෙම විරෝධතා පිටුපස නැතැයි අවධාරණය කළ ව්‍යාපාරිකයෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේ "ජනාධිපතිතුමනි, අපේ මේ විරෝධතාව වැට්‌ බදුවලට එරෙහිව යෑයිද වැට්‌ බදු අහෝසි නොකරන්නේ නම් දේශීය ව්‍යාපාරිකයා විනාශ වී යන බවයි. එනිසා වහාම මේ වැට්‌ බදු ඉවත් කරන ලෙසද ඔව්හු ඉල්ලා සිටියහ.

    මෙම උද්ඝෝෂණ හා හර්තාලය සඳහා පක්‍ෂ පාට ජාති ආගම් බේදවලින් තොරව සෑම තරාතිරමකම ව්‍යාපාරිකයන් සහ සේවකයන් එක්‌ව සිටීම කැපී පෙණුන අතර වැට්‌ බදු ඉවත්කරන තුරුම සටන අත්නොහරින බවද එක්‌ දිනක්‌ නොව සතියක්‌ හෝ කඩ සාප්පු වසා සටන් කරන බවද වෙළෙඳ සංගම්වල නායකයෝ කියා සිටියහ.

    රට පුරා ප්‍රධාන නගරවල පැවැති මෙම විරෝධතා නිසා ඊයේ (29 වැනිදා) පෙරවරුවේ මාර්ග අවහිර වී තිබීම නිසා මගී ජනතාවද අපහසුතාවට පත්වූ අතර රැකියාවලට යැමට පැමිණි පිරිසටද නිසි වේලාවට රාජකාරි සඳහා යැමට නොහැකි වී තිබිණි.

    මෙම උද්ඝෝෂණයේ නිරත ව්‍යාපාරිකයන් සකස්‌ කළ සංදේශ ජනාධිපතිවරයා වෙත යෑවීම සඳහා දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් වෙත ලබාදීමද සිදුවිය.

    ඊයේ පැවැති මෙම විරෝධතාවලට පෙර ගම්පහ, මාතර ඇතුළු ප්‍රදේශවලද කඩ සාප්පු වසා දමා ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණ කරමින් වැට්‌වලට එරෙහිව වීදි බැස සිටියහ.

    20160629_094449_resized1_9.png

    20160629_094751_resized1-Copy.png

    20160629_095129_resized1_6-Copy.png

    DSC44911.png

    44381.png

    44441.png

    4413-.png

    4417-.png

    DSC030951.png

    DSC030781.png

    DSC030821.png

    maharagama_617.jpg

    maharagama_6172.jpg

    maharagama_6173.jpg

    හිටන් මේ පාර තමා ඉල්ලන් කෑවේ එංගලන්තේ වැඩ ලංකාවේ කරන්න ගිහින්.දැන් ඔය බය වෙලා ඉන්නේ..:lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    “බදු වැඩි කිරීම නිසා ජනතාවට ප්‍රශ්ණ…” – සිරිසේන

    View attachment 65508

    බදු පැනවීම නිසා සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන භාණ්‌ඩ මිල ඉහළ යැම හේතුවෙන් දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ (29 වැනිදා) පෙරවරුවේ ගිරාඳුරුකෝට්‌ටේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති වකුගඩු රෝග නිවාරණය පිළිබඳ බදුල්ල දිස්‌ත්‍රික්‌ ජාතික වැඩසටහනට එක්‌වෙමිනි.

    මේ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද තමා සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥයන් සහ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර පොදු මහජනතාවගේ ආර්ථිකයට බලපා ඇති තත්ත්වයට සහන සැලසීම සඳහා යම් යම් සංශෝධන කිරීමට පැහැදිලි තීන්දුවක්‌ ගන්නා බවද සඳහන් කළේය.

    රාජ්‍ය නිලධාරීන්ගේ තීරු බදු සහන වාහන බලපත්‍රය ප්‍රමාණවත් නොවන බවත් ඔවුනට අහිමිවූ එම වරප්‍රසාදය නැවත ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පොරොන්දු විය.
    මෙහිදී බදුල්ල දිස්‌ත්‍රික්‌ වකුගඩු රෝග නිවාරණ ජංගම සායන පිළිබඳ වාර්තාව බදුල්ල දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

    වකුගඩු රෝගයෙන් දෙමාපියන් අහිමිවූ උසස්‌ පෙළ හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනකු වෙත සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

    මෙම අවස්‌ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්‌ඩුකාර එම්. පී. ජයසිංහ, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් සහ ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්‍ෂ අසේල ඉද්දවෙල, බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් නිමල් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්‌ද එක්‌ව සිටියහ.

    අදදෙරණ

    රටේ අවාසනාවට පහල උන කාලකන්නියෙක් බං...