පත්තරෙන්_දැකලා
බදු පැනවීම නිසා සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන භාණ්‌ඩ මිල ඉහළ යැම හේතුවෙන් දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ (29 වැනිදා) පෙරවරුවේ ගිරාඳුරුකෝට්‌ටේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති වකුගඩු රෝග නිවාරණය පිළිබඳ බදුල්ල දිස්‌ත්‍රික් ජාතික වැඩසටහනට එක්‌වෙමිනි.
මේ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද තමා සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥයන් සහ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර පොදු මහජනතාවගේ ආර්ථිකයට බලපා ඇති තත්ත්වයට සහන සැලසීම සඳහා යම් යම් සංශෝධන කිරීමට පැහැදිලි තීන්දුවක් ගන්නා බවද සඳහන් කළේය.
රාජ්‍ය නිලධාරීන්ගේ තීරු බදු සහන වාහන බලපත්‍රය ප්‍රමාණවත් නොවන බවත් ඔවුනට අහිමිවූ එම වරප්‍රසාදය නැවත ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පොරොන්දු විය.
මෙහිදී බදුල්ල දිස්‌ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ජංගම සායන පිළිබඳ වාර්තාව බදුල්ල දිස්‌ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
වකුගඩු රෝගයෙන් දෙමාපියන් අහිමිවූ උසස් පෙළ හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනකු වෙත සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මෙම අවස්‌ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්‌ඩුකාර එම්. පී. ජයසිංහ, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් සහ ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්‍ෂ අසේල ඉද්දවෙල, බදුල්ල දිස්‌ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්‌ද එක්‌ව සිටියහ.
අදදෙරණ