පත්තරේ_විස්තරේ
මේ සිද්ධියත් මගේ යාලුවෙක්ට වෙච්ච එකක්. සිද්ධිය උන වෙලාවේ මාත් එතන. ඔය A Level එහෙම ඉවර වුනාට පස්සේ කොල්ලන්ට තියනවනේ ඉබාගාතේ යන කාලයක්. ( ඒ කීවේ campus යන්න පුළුවන් උන් campus පටන් ගන්නකම් එහෙම යන්න බැරි උන් job එකක් හොයාගන්නකම් නැත්නම් මොකක් හරි course එකක් හොයාගන්නකම් වල බහින කාලේ ) මේක උනෙත් මගේ ඒ කාලයේදී……. ඒ කාලෙ ඉතින් වැඩක් කියලා විශේෂ දෙයක් නැති නිසා අපේ වැඩෙත් ඔය පාරේ බෝක්කුවක් එහෙම නැත්නම් කඩ පිලක වෙලා කයිය ගහ ගහ ඉන්න එක. සුපුරුදු පරිදි මම හවස 3,4 වෙද්දි bike එකත් අරන් පාර පැත්තට මාරු උනා. පාරට ආවා විතරයි මගේ යාලුවෙක් හැප්පිලා කියලා ආරංචි උනා. ආරංචිය දුන්න ඒකා කිවේ මේ දැන් අරුගේ bike එක වෑන් එකක හැප්පිලා ඌව ඉස්පිරිතාලේ අරන් ගියා කියලා. මොනව උනත් බල බල ඉන්න පුලුවන් වෙලාවක් නෙවෙයිනේ. දඩි බිඩි ගාලා ඔලු දෙකක් (ඔලු කීවේ helmet )හොයාගෙන මමයි මගේ යාලුවෙකුයි ගියා ඉස්පිරිතාලෙට ගියා.
අපි යනකොටමයි අපේ තුවාලකාරයාව වාට්ටුවට දාලා තියෙන්නේ. උගේ අම්මයි තාත්තායි දෙන්නත් ඇවිල්ලා. ආරංචිය හම්බවුන යාලුවෝ 5ක් 6ක් එහෙමත් ඇවිල්ලා. දොස්තර මහත්තයා මූව බලලා කියනවා ඇහුනා “කියන්න තරම් අමාරුවක් නෑ. කම්පනය තියෙන්නේ ඕක හෙට උදේ වෙද්දි ඇරිලා යයි කියලා”. එහෙම කියලා දොස්තරයි අම්මයි තාත්තයි හිටපු ලොකු ලොකු උදවිය ඇද ලගින් එලියට ගියා. ටක් ගාලා අපි සෙට් එක කිට්ටු උනා ඇද ළගට. අර කීවත් වගේ කිසි හෙනයක් නෑ මුට. පොඩි පොඩි සීරීම් විතරයි. එත් මූ කතා බහක් නෑ. හොල්මන් වෙලා වගේ බලා ඉන්නවා. අපිටත් පොරව දැකලා හෙනම අවුල්. ටිකකින් වටපිට බලලා මූ ඔලුවෙන් මට ළගට කතා කලා. (දැන් අහන්න එපා කොහොමද ඔලුවෙන් කතා කලේ කියලා, ඔලුවෙන් signal එකක් දුන්නා ) ළගට කිට්ටු උනහම මු කනට කරලා අහනවා ” කෝ අම්මයි තාත්තයි එළියට ගියාද” කියලා. මම ” ඕව් ” කිවාහම උඹලා සෙට් එක විතරයි නේද ඉන්නේ කියලා අයෙත් ඇහුවා. මට මාර සතුටුයි. මුට අර තිබුනයි කියන කම්පනය අඩු වෙලා වගේනේ කියලා. ” ඕව් ඕව් මචන් අපි සෙට් එක ඉන්නේ බය වෙන්න එපා උඹට මුකුත් වෙන්නෙ නෑ” කියල මම උත්තර දුන්නා. ඒ පාර මූ “මට මුකුත් වෙන්නේ නෑ කියලා දන්නවා යකෝ….. ඉක්මන් කරලා මගේ ඉනේ තියන පත්තරේ අරන් මොකෙක් හරි එකෙක් ගහගනින් ඉන අස්සේ…. මම මේ දෙලෝ රත් වෙලා හිටියේ Nurse කෙනෙක් හරි Doca හරි කමිසෙ ගලවන්න කියයිද කියලා….. එහෙම උනානම් පටි රෝල්නෙ. මම මේ පත්තරේ අහවලාට දෙන්න යද්දියි bike එක හැප්පුනේ ” කියලා ඉනේ තිබ්බ පත්තරේ අරන් මට දුන්නා.දීලා “අම්මෝ නිවන් ගියා වගේ” කියල කීවා. අපි සෙට් එකටම වාට්ටුව කියල අමතක උනා. ඉල ඇදෙනකන් හිනා. ලස්සනම වැඩේ කියන්නේ එතන හිටපු උන්ට මෙලෝ සිහියක් නෑ. පත්තරේ ගෙදර ගෙනියන්න පොර කනවා.යාන්තම් උන්ට කෑ ගහලා එක පස්සෙ බේරගන්න පුලුවන් කියලා පත්තරෙට අල්ලපු වලිය shape කරගෙන වාට්ටුවෙන් මාරු උනා.
ප.ළි – පත්තරයක් කීවට මේක මේ දිවයින, ලංකාදීප වගේ පත්තරයක් නෙවේ. …. පත්තරයක්. එහෙම කියලත් තේරෙන්නේ නැත්නම් ඒක වැඩිහිටියන්ට පමණක් සුදුසු පත්තරයක්. එහෙම කිවා කියලා කුණුහරුප ලීවා කියලා චෝදනා කරයිද දන්නෑ. මම දන්න විදිහට නම් ඕනෑ ම කොල්ලෙක් ඔය කාලෙදි ඔය වගේ දේවල් බලනවා. ඒ ඉතින් තියන කුතුහලේට. කොහොමත් දැන් ඉන්න උන් නම් පත්තර බලන්නේ නෑතුව ඇති. මොකද දැන් තාක්ෂණය දියුණුයිනේ. දැන් උන්ට කොම්පියුටර්, වීසීඩී, ඩීවීඩී, අන්තර්ජාලය, ජංගම දුරකථන ඔය ඔනෙම දෙයක් තියනවනේ……
උපුටාගැනීම - http://www.thelastrow.net/
කැමති නම් රෙප් දෙන්න.....