පත්තිනි හෑල්ලුව

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    පත්තිනි හෑල්ලුව

    පත්තිනි හෑල්ලුව

    picture.php


    ළඳුනගේ සෙත පතා කවදත්
    නැගුනු සළඹේ ගෝසිය..
    දුටිමි දවසක මෙමා නැවතූ
    පුවරුවේ සන්තෑසිය..
    කාසියේ බර අනුව හිමිවන
    පරිදි දෙවියගේ වාසිය..
    මමත් දන්නැති කෙනෙක් ඇවිදින්
    පැනෙව්වද කොන්දේසිය...

    පවෙන් වැළකී කුසල් කළවුන්
    රකිනු හැකි මුත් නෙත හෙලන්..
    දෙවඟනක් මිස රිදී පහනේ
    භූතයා නොම වෙමි බොලන්..
    බෙලෙක් පිළිමෙට රනින් තැලි පිළි
    සුවඳ දුම් ඕසේට හලන්..
    අහෝ වැඳගෙන ඉන්න හැටි මම
    නිකන් දෙනකල් උඩ බලන්...

    පුතෙක් වැදු පින් කඳක්, කොටහළු
    වෙච්චි කෙල්ලත් කිල්ලට..
    කැවිලි පලතුරු දෙවොලෙ මුල්ලට
    කාසි කොළ කපු මල්ලට..
    එකක් විසි කල නිසා ඉවසන
    මිසක් පඬිපුර දැල්ලට..
    ඉතිරි පියයුර කඩා මෙතනම
    ගසමි කපුවාගේ බෙල්ලට...

    සුවඳ ඇල් වී අතින් වපුරා
    අඳුන් ගිර මඩ කොට පයින්..
    දියෙන් පිස සත් පැයක් ඇතුලත
    දනුත් පිළිගැන්වූ හෙයින්..
    මටත් ඇඬුණා එහෙව් මට දොර
    ළඟදී එකියක් කී දෙයින්..
    "අඹෙන් ඉපදුනු නිසා වෙන්නැති
    ඕකිගෙත් ඔය හැටි ලයින්..."


    -mihir.rc.uom
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xrGYwHp.png


    පතිනි මවුනි බැල්ම හෙලා...
    හද සුව යහනේ රකින්න...

     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    xrGYwHp.png


    පතිනි මවුනි බැල්ම හෙලා...
    හද සුව යහනේ රකින්න...







    Bump
    කාසියේ බර අනුව හිමිවන පරිදි දෙවියගේ වාසිය..
    ඒ වදන....


    bohoma sthuuthiy adahas walata
    :D
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Creative...
    මම හිතුවෙ user name එක බ්ලොග් එහෙක url එකක් කියලා.