ඔහොම නැති පන්සල් පල්ලි නැ බන්. ඕකුන් තනිකර බඩු කාරයෝ, බොනවා නැති වෙන්න. ඇත්තටම ධර්මානුකූලව ඉන්න ස්වාමීන්වහන්සේලා බහුතරයක් ඉන්නෙ ආරන්‍යවල විතරයි. ඒ නිසා කාම රාග නැහැ. ඇතිවෙන්න තියන ඉඩ බොහොම අඩුයි. ඒ ස්වාමීන් වහන්සේලා මිනිස්සු එක්ක ගැටෙන්නෙ නැ. අඩූම තරමේ කතා බහක් නැ. අපි දානේ ගෙනිච්චත් ඒවා කුටියක තියලා යන්න ඕනි. උන් වහන්සේලා උදේට ඇවිත් ඒවා බෙදාගෙන යනවා. සත පහක් අත ගාන්නෙ නැ. තමුන් ගේ පාඩූවේ කුටියට වෙලා පැය 24ම තමුන් ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා. මේවගේ තැන්වලට ගිහි අයටත් ගිහින් පුරුදු වෙන්න පුලුවන්. සතියක් ෆෝන් නැතුව, ඉන්ටනෙට් නැතුව ඉදලා බලපන්කෝ. මාර විදියට බැදීම් වලින් ඈත්වෙලා හිතට ඔලුවට මාර නිදහ්සක් එනවා. සමහර කොල්ලො අවුරුද්දකට සතියක් විතර මේවගේ තැන්වලත ගිහින් ඉදලා එනවා. පට්ට මානසික නිදහසක් තියෙන්නෙ. බුද්දාගමේ තියෙන්නෙ හිත හදන වැඩපිළිවෙලක්. උබලත් හොද ආරණ්‍යකට ගිහින් පොඩි ප්‍රෝගැම් එකකට සහභාගීවෙලා බලපන්කෝ.