හරිම ලස්සන මනුස්සයෙක්...
සිංහල සමාජයට සහ සාහිත්‍යට ඉතාමත්ම මෙහෙවරක් කරපු මනුස්සයෙක්.
අනිවාර්යයෙන්ම බලන්න පුලුවන්නම්..
උපුටාගැනීම - https://www.buddhistculture.net/350835053530352335173546-3508353835143501354035123535.html
”ඕලු නෙළුම් නෙරිය රඟාලා - කිකිණි හඬන වලා නඟාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ - මගේ කුඩා ඔරුව හබල් ගා”
නෙත ගැටුණු මනරම් දසුනින් සිත මැවුණු සුන්දර හැඟුම් කඩදාසිය මත සටහන් වන්නට වූයේ එලෙසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේ ‘රේඛාව‘ චිත්‍රපටය ඔස්සේ දේශීය ගීත සාහිත්‍යයේ මහත් පෙරළියක් කරන්නට මතු යම් දවසක තමන්ට හැකි වෙතැයි එදා කැලණි ගං ඉවුරේ හිඳගෙන හුන් මර්සලින් ජයකොඩි පියතුමා මොහොතකටවත් නොසිතන්නට ඇත.
පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් සමඟ
මර්සලිනු ජයකොඩි ගරු පියතුමාට බොහෝදෙනකු කීවේ ‘පන්සලේ පියතුමා’ කියා ය. ඊට සුවිශේෂ හේතුවක් තිබිණි. ඒ කතෝලික පූජකවරයකු වුවත් උන්වහන්සේ සතුව බෞද්ධ විඥානයක් - ජීවන දෘෂ්ටියක් තිබීමයි.
ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ මීට අවුරුදු දහයකට පමණ ඉහතදී ජයකොඩි පියතුමා ගැන පොතක් ලියූහ. බෞද්ධ භික්ෂුවක් කතෝලික පූජකවරයකු අළලා පොතක් ලියූ ලෝකයේ ප්‍රථම සහ එකම අවස්ථාව එය යයි මම සිතමි. පොත් නම ‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’ ය. එම පොතේදී තමා ‘පන්සලේ පියතුමා’ යන අන්වර්ථයෙන් හැඳින්වීම ගැන ජයකොඩි පියතුමා මෙසේ අදහස් දක්වා ඇත.
“ඉතින් කවුරුහරි මට පන්සලේ පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන් මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි.”
මෙලෙස බෞද්ධ පරිකල්පනයකින් යුක්තවීමට ජයකොඩි පියතුමාට එක්තරා හේතුවක් තිබිණි. ඒනම්; උන්වහන්සේගේ මව සිංහල බෞද්ධ ගැමි කාන්තාවක වීමය. කුඩා කල පටන්ම මවගේ ආභාසය ලැබීම ගැන ජයකොඩි පියතුමා ඉහත සඳහන් පොතට මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත.

“කලාකරුවකුගේ සේවය එක ආගමකට දහමකට සීමාවන්නේ නෑ. ඒක එකක්. අනෙක කතෝලික වුණත් මගේ මවුපියෝ ගැමියෝ. අනෙක් කාරණාව මගේ මව මුලින් බෞද්ධ කාන්තාවක්. ඇය පසුව කතෝලික වුණත් බෞද්ධ සංස්කෘතියේ හරය සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැනෙ.
ඉතින් මටත් පොඩි කාලේ ලැබුණේ ඒ අම්මාගේ රැකවරණය. ආභාසය. ඒ නැතත් මේක සිංහල බෞද්ධ රටක්නේ. අප දැන් මොන මොන දේවල් කීවත් ඉතිහාසය බොරු කරන්න බැහැනේ. වැඩිම වුණොත් පරම්පරා පහකට, හයකට ඉස්සර මේ කතෝලික සිංහල අය කවුරුත් බෞද්ධ අය. අවුරුදු දහස් ගණනක් සිංහල අයගේ සිතුම් පැතුම් සකස් වුණේ බෞද්ධ අදහස් අනුවයි.”
සෘජුව හා අභීතව ප්‍රකාශ කළ, එහි පැවැත්මට ගී සින්දු ප්‍රබන්ධ කළ කතෝලික පූජකවරයකු තවත් නැතැයි කීම යුක්ති යුක්ත ප්‍රකාශයකි.
ජයකොඩි පියතුමා එක පැත්තකින් ගීතිකා, නත්තල් කැරොල් හා පසම් වැනි කතෝලිකාගම හා බැඳුණු ගීත ලියූ අතර අනිත් පැත්තෙන් බෞද්ධ ගීත ද ලියූහ. එතුමා ලියූ බෞද්ධ ගී අතර වෙසක් - පොසොන් භක්ති ගීත ද ගණනාවකි.
දළදා වහන්සේ වඳින්න ගිය ගමනේ. වමේ සිට ආචාර්ය හේනේපොළ ගුණරතන හිමි, අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහ නාහිමි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි.
සිංහල භාෂාවක්, සිංහල සාහිත්‍යයක් කියා දෙයක් අපේ රටේ අවිච්ඡින්නව පැවැතියේ බෞද්ධ භික්ෂුන් වහන්සේගේ අප්‍රමාණ දායකත්වය නිසා බව ජයකොඩි පියතුමා නිතරම මහත් ඇගැයීමෙන් යුක්තව කියා සිටියේය. ප්‍රවීණ නිවේදක පාලිත සමරසිංහ සමඟ 1987 දී ගුවන්විදුලියේ විචිත්‍රාංගයක් (රේඩියෝ සඟරාව) සඳහා කළ සම්මුඛ සාකච්ඡාවකදී ජයකොඩි පියතුමා මෙසේ ප්‍රකාශ කර ඇත.
“අපේ සාහිත්‍යය ආවේ පන්සලෙන්නේ... පන්සල් තිබුණු නිසා තමයි සිංහලකම රැකුණේ; සිංහල සාහිත්‍යය රැකුණේ.”
‘පන්සල’ යන ශීර්ෂය යටතේ උන්වහන්සේ ලියූ කවියක මෙසේ දැක්වෙයි.
පන්සලටය පෙර පරපුර අකුරු ගියේ..
සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ..
අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ..
අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ..
දළදාව වැඳ පුදාගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා යැයි මම හඟිමි. එය සිදුවූයේ මෙසේ ය. වරක් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ ‘දළදාව බලන්න යමුදැයි’ ජයකොඩි පියතුමාගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ ඉතා කැමැත්තෙන්ම ඊට ඉදිරිපත් වූහ.
දළදාව වැඳපුදා ගැනීමට ගිය ගමනේදී උන්වහන්සේ එවක ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ වූ නිරංජන් විජේරත්න මහතා හමුවූ අවස්ථාවත් අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහනාහිමියන් හමුවූ අවස්ථාවත් දැක්වෙන ඡායාරූප කීපයක් මම දැක ඇත්තෙමි.
අපේ දළදා වහන්සේ පිළිබඳ ජයකොඩි පියතුමා අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.
“දළදාව කියන්නේ අපේ රටේ තිබෙන ලෝක පූජිත ජාතික වස්තුවක්. අපේ ඉතිහාසයත් එක්ක දැඩි සේ සම්බන්ධ, අපේ සංස්කෘතික අනන්‍යතාව අවුරුද්දක් පාසා අදත් මුළු ලෝකයටම කියාපාන පූජනීය වස්තුවක්. ලංකාවේ පමණක් නෙවේ ලෝකයේමත් බෞද්ධයන් ගරු කරන වස්තුවක්.
හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහතා සමඟ
ඉතින් සිංහලයන් හැටියට අපිත් ගිහින් ඒවට සහභාගි වී ඒ ගැන අවබෝධයක් ලබන එක, බලා කියා ගන්න එක වරදක් ද? ලංකාවේ උපන් කෙනකු හැටියට, සිංහලයකු හැටියට මගේ රටට අයිති ජාතික වස්තුවකට ගෞරවය පුද කළාම තියෙන වරද මොකද්ද?”
වන්දනීය සිරිපාදය ගැන ද ජයකොඩි පියතුමා අගනා කවක් ප්‍රබන්ධ කර ඇත. මේ ඉන් උපුටා ගත් කොටසකි..
මෙහි බුදුන්ගේ පා තබා ඇත වන්දනීයයි සිරිපාදය..
රැයෙත් උදයෙත් මිහිරියාවයි ඇසේ රැව්දෙන සාදු නාදය..
පියේ මේකයි දම්ම දීපය මුතු බඳින්නේ අපේ මූදය..
මෙහෙම ලස්සන වෙන රටක් නැත ඇයට කොයි රට වුව පරාදය..
පිරිවෙනකින් ගෞරව සම්මානයක් හිමිකර ගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා වන්නේ ය. ඒ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනිනි. එයින් උන්වහන්සේට ‘කාව්‍ය ශාස්ත්‍ර ශිරෝමණි’ සම්මානය පිරිනමන ලදි.
‘වෙහෙර’ යනුවෙන් ලියූ කවියක උන්වහන්සේ ඇස යන යන තැන පෙනෙන්ට ප්‍රාර්ථනා කළේ පල්ලි නොව වෙහෙරකි. ඒ කවියෙන් අර්ධයක් මෙසේ ය.
ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්..
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්..
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්..
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්..
පල්ලි පිළිබඳ උන්වහන්සේ තුළ ඒ තරම්ම හැඟීමක් තිබුණා යැයි කීම අසීරුය. පාලිත සමරසිංහ සමග කළ ගුවන්විදුලි සාකච්ඡාවේදි උන්වහන්සේ කියා ඇති කරුණක් එසේ සිතන්ට අපට අනුබල දෙයි.
“පල්ලි ඕනැ තරම් තියෙනවා. ඒ තියෙන තරම් හොඳටම ඇති. පල්ලි නැතුවත් ආගම අදහන්න පුළුවන්. අනිත් අයට මම දන්නේ නැහැ. මට නම් පල්ලි නැතුවත් පුළුවන්. ඕනැම තැනකට ගිහිල්ලා දෙවියන් වහන්සේටයි මටයි හමුවෙන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. දෙවියන් වහන්සේ කියලා තියෙන්නෙත් එහෙමයි.”
වෙසක්, පොසොන් වැනි බෞද්ධ ගීත ලිවීම නිසාත් බෞද්ධාගම, බෞද්ධ භික්ෂුන් වහන්සේ නිර්භයව ඇගැයීම නිසාත් මූලධර්මවාදින්ගේ පටු ගර්හාවට ජයකොඩි පියතුමා ලක්වූ වාර අපමණය. එක් අවස්ථාවක උන්වහන්සේ වෙත ලිපියක් එවූ ධර්මෝන්මාදියකු ඉන් කියා සිටීයේ ලෝගුව ගලවා සිවුරක් පොරවා ගන්නා ලෙසය. උන්වහන්සේ එම අධානග්රාහි මතවලට කදිම පිළිතුරක් දී ඇත. එය පාලිත සමරසිංහ සමඟ කළ ගුවන්විදුලි කතාබහේදී උන්වහන්සේ කියා ඇත්තේ මෙපරිදිය.
“ඉතින් මමත් ලියලා ඇරියා, මම ලෝගුවටත් ආදරෙයි, සිවුරටත් ආදරෙයි. මේ දෙකම ආගමික සංකේත පමණක් ය මට ඒකත් හොඳයි මේකත් හොඳයි. දැනට මේක ඇඳගෙන ඉන්නවා. අරකත් ඕනැ වුණොත් ඉස්සරහට ඒකත් අඳිනවා කියලා.”
ජයකොඩි පියතුමාගේ සුවිශිෂ්ට බෞද්ධ නැඹුරුව මෙරට කතෝලික සභාවේද උදහසට ලක්වූ ආකාරයක් පෙනී යයි. එසේ සිතෙන්නේ උන්වහන්සේම කියා ඇති දෙයකිනි.
“රේඛාවේ ගීතවලට සම්මාන ලැබෙද්දි ඒක ගන්න යන්න වාහනය දුන්නේ නැහැ. ආවෙත් ගියෙත් ටැක්සියෙන්.”
කෙසේ වෙතත් ආගම යනු අන් කිසිවක් නොව ආදරයයි. එය උන්වහන්සේ කවියට නඟා අපූරුවට ප්‍රකාශ කළේ මෙලෙසිනි.
කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා..
කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා..
ආදරයයි ආගම යනු හිතේ තියා..
මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා..
මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ - ගරු මර්සලින් ජයකොඩි පියතුමා
මෙන්න මර්සලිනු ජයකොඩි පියතුමා ගැන රජයේ චිත්‍රපට අංශය විසින් නිර්මාණය කරන ලද අපුරු වාර්තාමය වැඩසටහනක්.සිංහල සමාජයට සහ සාහිත්‍යට ඉතාමත්ම මෙහෙවරක් කරපු මනුස්සයෙක්.

Last edited: