මේ ත්රෙඩ් එක බම්ප් උනු නිසා වයිෆ්ගෙ ගමේ පන්සලේ සීන් එකක් කියන්න හිතුනා
මෙහෙ පන්සලට අදාල ගම කොටස් වලට වෙන් කරලා තියනවා කලාප කියලා. පහල ගම දකුන කලාපය, පහල ගම බටහිර කලාපය, වැව වටේ ඇල ගම බටහිර කලාපය ආදි වසයෙන්
ඊට පස්සෙ ඒ හැම කලාපෙටම කලාප ලේකම් කියලා කවුරු හරි උපාසකම්මලා දෙන්නෙක් පත් කරලා තියනවා
පන්සලේ හැම සෙනසුරාදම ඉරිදම පූජාව අර කලාපෙකට බාර දීල තියෙන්නෙ. තව මේ දැන් වස් කාල එක කලාපෙකට සතියක් පූජාව බාර දීල තියෙන්නෙ
හොඳම සීන් එක තියෙන්නෙ අර කලාප ලේකම් උපාසකම්මලග ගනකම. පූජාව දවසට ලොකු හාමුදුරුවන්ටත් වැඩිය දඟලන්නෙ අර කලාප ලේකම් උපාසකම්මල. වඳින වෙලාවෙ හාමුදුරුවොන්ග කකුල්දෙක ලඟින්ම පැදුර එලලා තමයි වාඩි වෙන්නෙත්.
මං දවසක් පොඩි එකා එක්ක පංසලට ගිහින් මගේ පාඩුවෙ පැත්තකට වෙලා හිටියා කවුදෝ ඇන්ටි කෙනෙක් ඇවිත් මම කවුද අරකද මේකද අහන්න ගත්තා. මං කිවුවා මම කවුද කියලා කිවුවට පස්සෙ ඒ ඇන්ටි මට කියනවා මම තමයි අද පූජාව තියන කලාපෙ ලේකම් අරකද මේකද හෙන පම්පෝරිය, තව ඇහනවා අපේ කලාපේ ලේකම්ව දන්නවද අඳුන කියාගෙන ඉන්න ඒක සෑහෙන්න වැදගත් වෙනවා etc etc.....