පන්සිය පනස් ජාතකය

Help?

Member
Sep 17, 2014
281
22
0
පන්සිය පනස් ජාතකය


මචන්ලා උබල දන්නවද කවුද පන්සිය පනස් ජාතකය ලිවුවේ කියල?

නැත්තන් ඒක කට වහරින් ආපු එකක්ද?

හුදෙක් දැන ගැනීම පිණිසයි.
 
  • Like
Reactions: hemalsilva

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ.

    මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මායිමියන්ගේ අටුවා පාලියට නැගීමේව්‍යාපෘතිය බස්සේ එය පාලියට නැගී අදත් අප අතර "පාලි ජාතකටිඨ කතාව" නමින් පවති. "පන්සිය පනස් ජාතක පොත් වයන්සේ "නමින් සිංහල පාඨක ජකයාගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම පාලි ජාතකටිඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත.

    සිංහල ජාතක පොත ලියවෙන්නට පෙර සිටම ජාතක කතා උගෙනීමට සිංහගයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක්ම හමුවේ.දොගොද්වක සියවසේදී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේත් ජාතක ගාතා සන්නය, වෙසතුරැ දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය ලියවුනේත් ධර්ම ප්‍රදීපිකාවේසිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන්හි ජාතක කතා ඇතුලත් වුයේත් මුවදෙවිදාවත, කුසජාතකය,කවි සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේ එහි ප්‍රතිපල වශයෙනි.

    මහා වංශයෙහි මෙසේ සදහන් වෙයි. "සොළී රටින් පැමිණි නා නා භාෂා විශාරද වු තර්කාගමධාරී වු සුසංයත වු එක් මහ තෙරුන් වහන්සේ කෙනෙකු රාජ ගුරු තන්හි තබා ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජ තෙමේ (1236-1270) උන්වහන්සේගෙන් සියළු ජාතක කතා උගෙන එහි අර්ථ ධාරණය කොට ගෙන පන්සිය පනසන් පමණ වු සියළු ජාතක කතාවන් පාලි භාෂා සිංහල භාෂාවට පෙරලා ත්‍රිපිටකධාරී මහ තෙරවරැන් මැද කියවා පිරිසිදු කොට ලියවා ලක්දිව හැමතැන්හි තැබිබවිය.යලිත් ඒ ජාතක කතාවන් ස්වකීය ශිෂ්‍ය පරමිපරාවෙන් පාලනය කොට පවත්වනු පිනිස ප්‍රඥා වු මේධංකර නමි තෙර කෙනෙකුන් වහන්සේට පැවරීය."


    මෙම සදහනට අනුව පන්සිය පනස් ජාතක පොතේ කතුවරයා කුරුණෑගල රාජධානි කොට ගත් ද්තීය පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජුය. එසේ වුවද ජාතක පොතෙහිම එන සදහනෙහි රජතුමන්ගේ නම සදහන්ව නැත. මහා වංශයෙහි සදහන් වන පරිදි පරාක්‍රම ඇමති වරයාගේ ආරාධනයෙන් වීරසිංහ ප්‍රතිරාජගේ උත්සාහයෙන් අටුවා සාමීන් විසින් සිංහල ජාතක පොත ලියනු ලැබිය. මහා වංශයෙහි සදහනට අනුව ස්විතීය පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා ජාතක කතා සිංහලයට පරිවර්තනය කොට ඒවා ප්‍රචාරය කරවන්නට ඇත.වර්තමාන ජාතක පොතේ සදහන් වන අන්දමට පසුව ජාතක කතා හා පාලි දැන උගත් කතෘ මණ්ඩලයක් විසින් සමිපාදනය කරන්නට ඇත.ලංකාව ථිරවාදය මුලික කරගත් රටක් වුවද කෙමෙන් මහායාන අදහස් කෙරේ සැලකිලිමත් වු අයුරැ මහායාන අදහසින්ම නොවුවත් ජාතක පොත බෝසත් සිරිත මතු කරන්නක් විය.එනමි බෝධිචර්යාවතාරය ආසි කෘතින්හි එන බෝධිසත්ව චර්යාව මේ ජාතක කතා තුලින් නිරූපනය වන ජාතක කතා සමිපාදනය වී තැත්තේ උපදේශ කතා ස්වරූපයෙනි.බෝධසත්ව චරිත ආශ්‍රයෙන් හාක්මුණු මිනිස් සමාජයක් බිහිකිරිම එහි අරමුණ විය. මේ කතා සුදන දුදන ජරිත ලක්ෂණ පිළිබිබු වක සේ රචනා වී ඇත.

    ජාතක පොතෙහි ජාතක කතා පන්සිය පනහක් ගැන සදහන් වුවද දැනට එහි ඇත්තේ ජාතක කතා පන්සිය හතලිස් හතකි.(547).


    ජාතක පොතෙහි එන සෑම කතාවක්ම වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සන්ධි ගැලපීම යනුවෙන් සෑම කතාවකම අවස්තා තුනක් ඇත. වර්තමාන කතාව ගෞතම බුදුරජාණන් වහන්සේලේ කාලයට අයත්ය. අතීත කතාව ඉසිරිපත් කර ඇත්තේ අතීතාවලෝකනයෙනි. වර්තමාන අතීත දෙකෙහි සමිබන්ධය බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වනු ලබයි.ජාතක කතා කරුවාට ආවේනික වූ අපුර්ව ආකෘතිය ජාතක කතා නිර්මානකරුගේ අපුර්ව ප්‍රතිභාව කියා පාන්නක් වේ.ජාතක කතාවන්හි බොහෝ විට උත්සාහ ගෙන ඇත්තේ චරිත වල ආධ්‍යාත්මය දෙසට එබී බැලීමටයි. ජාතක පොතෙහි බස් වහර ගත් විට ජාතක කතා කරුවා තම තෘතිය ව්‍යවහාර භාෂාවට සමීප කරන්නට උත්සාහ ගෙන ඇත. එයට හේතුව කතා කීමේ කලාව පොදු ජනතාවට වඩාත් සමීප වෙමින් කලයුතු යැයි විශ්වාස කිරීම විය යුතුය. මෙම උත්සාහ යන්ගේ ප්‍රතිඵලයක් ජාතක පොත වැඩි වශයෙන් සිංහලයන් අතර භාවිතයට පැමිණි කෘතිය බවට පත්විය.
     
    • Like
    Reactions: shaminda peiris

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    කතෘ අඥාතයි , දෙශකයානෝ ලොවුතුරා බුදුන් වහන්සේ , කට වහරෙන් එන් ඇවිල්ලා පොත් වලට අරන් තියෙන්නෙ අර අටුවාටිකා ටිප්පනි කියන්නේ එ වගේ
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    කතෘ අඥාතයි , දෙශකයානෝ ලොවුතුරා බුදුන් වහන්සේ , කට වහරෙන් එන් ඇවිල්ලා පොත් වලට අරන් තියෙන්නෙ අර අටුවාටිකා ටිප්පනි කියන්නේ එ වගේ


    ඔය 550 ම එක්කෙනෙක් දැනගන්නෙ කොහොමද මචන්.
    එයත් එතකොට ආත්ම 550ක් බුදු හාමුදුරුවො එක්ක ඉන්ඩ ඕන නේද
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඔය 550 ම එක්කෙනෙක් දැනගන්නෙ කොහොමද මචන්.
    එයත් එතකොට ආත්ම 550ක් බුදු හාමුදුරුවො එක්ක ඉන්ඩ ඕන නේද

    උඹට වයස කීයද? :lol:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0

    ඔය 550 ම එක්කෙනෙක් දැනගන්නෙ කොහොමද මචන්.
    එයත් එතකොට ආත්ම 550ක් බුදු හාමුදුරුවො එක්ක ඉන්ඩ ඕන නේද
    හම්භ ගදක් එනවා
     
    Nov 18, 2016
    39
    3
    0
    බුදුන් දෙසන ලද විවිධාකාර දහම් කරුණු නාට්‍යමය රසයක් එක්ක ශ්‍රාවකයාට කාවැද්දීමට නිර්මාණාත්මකව ගොතන ලද කතන්දර පන්සිය ගානක් තමා ඔය පන්සිය පනස් ජාතක කතා පොත කියන්නෙ. ඕක ලියවිලා තියෙන්නෙ මන් හිතන්නෙ අනුරාධපුර යුගයෙදි. එකෙන් කලෙ මිනිස්සුන්ව යහමඟට ගන්න දහම් කරුණු විචිත්‍රවත් ලෙස කාවැද්දවීමට ගත් සාහිත්‍යමය උත්සාහයක්.
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    බුදුන් දෙසන ලද විවිධාකාර දහම් කරුණු නාට්‍යමය රසයක් එක්ක ශ්‍රාවකයාට කාවැද්දීමට නිර්මාණාත්මකව ගොතන ලද කතන්දර පන්සිය ගානක් තමා ඔය පන්සිය පනස් ජාතක කතා පොත කියන්නෙ. ඕක ලියවිලා තියෙන්නෙ මන් හිතන්නෙ අනුරාධපුර යුගයෙදි. එකෙන් කලෙ මිනිස්සුන්ව යහමඟට ගන්න දහම් කරුණු විචිත්‍රවත් ලෙස කාවැද්දවීමට ගත් සාහිත්‍යමය උත්සාහයක්.

    සිරාවටද කියන්නෙ?