පන්සිල් මළුව සාකච්චා

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පන්සිල් මළුව සාකච්චා

    Pansil Maluwa 1, 2, 3, 4, 5, 6

    පන්සිල් මළුව 1,2,3,4,5,6

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Pansil Maluwa - 09 යේ මුල පැය බාගයක් පමණ ඇසුවා. මුලම හරියේදී (විනාඩි 5න් පසු) මෙහෙම කියනවා:

    "විඥානය කියන්නේ නෝනා ඇතිවෙමින්, නැතිවෙමින්, මැරෙමින් ගලාගෙන යන්නාවූ දෙයක්. ඒ ගලාගෙන යන්නාවූ දේ අතීතයේ රුව ගුණ, අතීතයේ කුසල් අකුසල් ශක්තීන් කැටිවෙලයි ගලාගෙන යන්නේ."

    මේ ආකාරයේ ගලාගෙන යන විඥානයක් ඇතැයි සිතුනත් එහෙම දෙයක් නොවෙයි වන්නේ කියලා බුදු පියානන් පවසා තියෙනවා. මේ ආකාරයට නැති කාරණාවක් (වැරදි කරුණක්) දහම් යැයි අන් අයට පවසන්න එපායැයි බුදු පියානන් පවසා තියෙනවා.

    මේ ප්‍රකාශනය, එනම් මේ විඥානයේ ගලාගෙන යන ස්වභාවයක් ඇතැයි සිතීම, ඒ තුල කුසල් හා අකුසල් ශක්තීන් කැටිව යන බව සක්කාය දිට්ඨිය නිසා ඇතිවන දෙයක්. සක්කාය දිට්ඨිය ඇතිවන විසි ආකාරවූ වැරදි ලෙස දැකීම් වලින් හතරක් විඥානය නිසා ඇතිවන බව ඔබ සමහරෙක් අසා ඇති. මේත් එයම තමයි - විඥානය ආත්මය සමග නොදැනීම ඈදීම. එනම් එක්කෝ විඥානය ආත්මය ලෙස දකිනවා, නැත්නම් ආත්මය විඥානයෙන් විදහා දැක්වෙනවා කියලා හිතනවා. නැත්නම් ආත්මය තුල විඥානය ඇතැයි දකිනවා, නැත්නම් විඥානය තුල ආත්මය ඇතැයි දකිනවා (නැත්නම් මේ කිහිපයක්ම හරි යැයි හෝ හිතනවා). තමන් පටලවාගෙන කියලා දන්නෙත් නැහැ. ඒ නිසා මෙතන සත්වයෙක් පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ යැයි පුන පුනා කියමින් විඥානය ආත්ම බවකින් ප්‍රකාශ කරනවා (මොකද මීට වෙනස්ම වූ නිවැරදි දෘෂ්ඨිය වූ හේතු ඵල දහම කුමක්දැයි තමන්ට තවම අහුවලා නැති නිසා. ඒ නිසා මේ ආත්ම දෘෂ්ඨියමයි කියන්නේ කියලා තේරෙන්නේත් නැහැ). මේ ආකාරයේ විඥානයේ ගලාගෙන යන කතාවන් හෝ ඒ සමග යන ගුණ, කුසල්, අකුසල් ශක්තීන් ගැන කතා බුදු පියානන්ගේ දේශනා තුල නැහැ. ආර්යය සංඝ රතනය පවසා ඇති දේශනා තුලත් නැහැ. තියෙන්න හැකියාවකුත් නැහැ මොකද ඒක බොරුවක් නිසා. මේ ප්‍රකාශනය නිවන් මග වසන ප්‍රකාශයක්, පෘතග්ජන ස්වභාවය නොඉක්මවූ අයෙකුට (සක්කාය දිට්ඨි සංයෝජන ලෙස පැවතීම නිසාම) හිතෙන වැරදි සහගත මතයක්. බුදුන් විසින්ම ප්‍රතික්ෂේප කරන ලද කරුනක් (පැහැදිලිවම මෙසේ සසරේ යන විඥානයක් ගැන පවසන්නත් එපා යැයි කියූ දෙයක්) බුදුන් විසින් දේශනා කරන ලද ලෙස මේ ස්වාමීන් වහන්සේ පැවසීමෙන් මනා වූ බුදු බණ පටලවා දේශනා කිරීම මේ ස්වාමීන් වහන්සේ කරගන්නා මහා විනාශයක්.

    තවත් මේ භික්ෂූන් වහන්සේලාට සල්ලි දීම ගැන කියන පරස් පර කතාවත් කොහෙත්ම සුදුසු නැහැ. බුදු පියානන් පවසා තියෙනවා භික්ෂූන් වහන්සේලාට සල්ලි පිලිගන්න එපා කියලා. ඒ හේතු ඇතිව. එයින් ඇතිවන ගැටළුව සල්ලි ගන්නා ආකාරය වෙනස් කල විට වෙනස් වන්නේ නැහැ. ඒ ගැටළුව ගැන නොසලකා දුස්සීල බව පිණිස වන, අනාර්යය බව පිණිස වන සල්ලි භාවිතය "අනුමත කරන්නේ නැහැ", නමුත් "මේ ආකාරයට භික්ෂූන් වහන්සේලාට මුදල් දෙන්න" යැයි පැවසීම භික්ෂූන් වහන්සේලාගේ දුක් පිණිසමයි පවතින්නේ. සම්බුද්ධ ශාසනයේ පරිහානිය පිණිසමයි පවතින්නේ. කෙනක් හිතුවානම් භික්ෂූන් වහන්සේලාට මෙවන් දේ හොදයි කියලා, වෙන ආකාරයකින් කිරීම සුදුසුයි කියලා මේ කාරනාවේ බරපතලකම කෙතරම්දැයි දැනගැනීමට අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ (හතරවන පොත) අග්ගික්ඛන්ධෝපම සූත්‍රය (7.2.2.8) කියවා බලන්න. මුදල් ගැනීමක් ගැන එහි සදහන් වන්නේ නැහැ. නමුත් මේ ආකාරයේ භික්ෂූ බව වරදවා ගැනීම කෙබදු විපාක ඇති කරනවාදැයි දැන ගැනීමට හොද සූත්‍රයක් ඒක. බුදුන් වහන්සේ එම සූත්‍රය පැවසුවාම හැටක් පමණ භික්ෂූන් වහන්සේලාගේ කටින් උණු ලේ වැක්කෙරෙන්න ගත්තාලු. ඉතින් එක් ආකාරයකට නොවෙයි වෙනත් ආකාරයකට මුදල් දෙන්න යැයි කීම කාගේම, කවර වර්ගයාගේම විනාසය පිණිස හේතු වනවාදැයි සිතා බලන්න වටිනවා.
     
    හොඳ පැහැදිලි කිරීමක්. :yes::yes:
    වැරදි තැන් ටික පෙන්නුවා වගේම ඒවාට හරියන නිවැරදි පිළිතුරැ ටිකත් දුන්නනම් හොඳයි නේද?
    :):)
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    10532560_723284517727862_7325861119106651215_n.jpg
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හොඳ පැහැදිලි කිරීමක්. :yes::yes:
    වැරදි තැන් ටික පෙන්නුවා වගේම ඒවාට හරියන නිවැරදි පිළිතුරැ ටිකත් දුන්නනම් හොඳයි නේද?
    :):)

    විඥානය ගැන කරුන ගත්තොත්:

    මෙහි නිවැරදි දෙය යැයි වෙන යම් දෙයක් නැහැ. නැති දෙයක් ඇති ලෙස අප තුල දෘෂ්ඨියක් ඇත්නම් එහි නිවැරදි වීම යනු එය වැරදි ලෙස දැක එම දෘෂ්ඨිය ඉවත දැමීමයි. නමුත් එම වැරදි දෘෂ්ඨිය මත පදනම්ව වෙනත් දෙයක් සිදුවන බව දකිනවානම් මුල් දෘෂ්ඨිය වැරදි ලෙස යම් අවස්ථාවක තේරුනොත් එම වෙනත් දෙය (දෙවන කරුණ) සිදුවන නිවැරදි ආකාරය ගැන සොයා බැලිය හැකියී.

    > "විඥානය කියන්නේ නෝනා ඇතිවෙමින්, නැතිවෙමින්, මැරෙමින් ගලාගෙන යන්නාවූ දෙයක්. ඒ ගලාගෙන යන්නාවූ දේ අතීතයේ රුව ගුණ, අතීතයේ කුසල් අකුසල් ශක්තීන් කැටිවෙලයි ගලාගෙන යන්නේ."

    මෙම ප්‍රකාශනය දෙස බැලුවොත් මෙහි පළමු වාක්‍ය වැරදි දෘෂ්ඨියක් (නමුත් පොඩ්ඩක් බුදුන් කී දෙයක් සමග පටලවාගෙන කියන්නේ). මෙහි නිවැරදි වීම නම් මෙය වැරදි ලෙස දැකීමමයි. දෙවන වාක්‍ය දෙස බැලුවොත් ඒ මුල වැරදි මතය හරි යැයි හිතාගෙන තවත් දෙයක් සිදුවන අයුරු පැහැදිලි කරන්න ගත් උත්සාහයකුයි එතන ඇත්තේ. පළමු වාක්‍ය වැරදි නිසා දෙවන වාක්‍යයේ පැහැදිලි කිරීම වැරදියී. කෙනෙක් එවිට හිතන්න ඕනෑ එහෙනම් කුමන නිවැරදි ආකාරයටද මේ දෙවන වාක්‍යයේ කියන දේ සිදුවන්නේ කියලා.

    පළමු වාක්‍යය වැරදි වන්නේ ඇයි? මෙහි "විඥානය කියන්නේ නෝනා ඇතිවෙමින්, නැතිවෙමින්, මැරෙමින්" කියන කොටස නිවැරදි කරුණක්. එය බුදු පියානන් පැවසූ අයුරුමයි. නමුත් "ගලාගෙන යන්නාවූ දෙයක්" යන කොටස වැරදි කරුණක්. යමක "ඇතිවන, නැතිවන, මැරෙන" ලක්ෂණ ඇත්නම් එහි තවත් ගලාගෙන යන බවක් (පවතින බවක්, නිත්‍ය බවක්, ආත්ම බවක්) පවතින්න බැහැ. බුදු පියානන් විඥානය අනිත්‍යයි, දුකයි, අනාත්මයි ලෙස පවසන දේ වෙනත් වචන දාලා (උදා: ගලාගෙන යන බව) නිත්‍ය, ආත්ම ස්වභාවයේ ලක්ෂණ ඇතැයි කීම තමන් විසින් තමන්ම කියාගන්නා දේ ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. මේ නිසා මේ ස්වාමීන් වහන්සේගේ මේ පළමු වාක්‍යයෙන් ප්‍රකාශ වන්නේ ඒ හිමියන් තුල පවතින ආත්ම දෘෂ්ඨිය (සක්කාය දිට්ඨිය සංයෝජන වශයෙන් පැවතීම - විඥානය ආත්ම ස්වභාවයෙන් දැකීම). සියුම්ව විමසීමක් නොකර ඇති නිසා තමන් පවසන දේ තමන් විසින්ම ප්‍රතික්ෂේප කරන බව මේ හිමියන් දන්නේ නැහැ.

    දෙවන වාක්‍ය පැවසීමෙනුත් විඥානය සමග පවත්නා ආත්ම දෘෂ්ඨියමයි පවසන්නේ. හරි හැටි හේතු ඵල දහම තේරුම් නොගැනීම නිසා අනුවන කමින් හිතනවා මේ කුසක් අකුසල් ආදී දේ විපාක ලබාදෙන්න නම් ඒ කාරණා යම් විදිහකට (ශක්තියක් ලෙස) විඥානය සමග ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර ගමන සමග යන්න ඕනෑ කියලා. ඔය කරන්නේ හේතු ඵල දහම කුමක්දැයි නොතේරීම නිසා හේතු ඵල දහමට අනුව සිදුවන දෙයක් විඥානයට පංගාර්තු කිරීම. ඒකෙන්මත් විඥානයට නිත්‍ය, සුඛ, ආත්ම බවක් ඇතැයි හැගීමක් ඇතිවෙනවා. ඉතින් ඔහොම දැක්කාම ආත්ම දෘෂ්ඨියම තව තවත් දැඩි වෙනවා. මොකද දැන් වැරැද්ද හරි යැයි හිතනවාට අමතරව අනුවන කම නිසා එම වැරැද්ද හරි ලෙස තමාට ඒත්තු ගන්වන සාක්කිත් දකින නිසා.

    කෙනෙකුට බොහෝ වූ දහම් අවබෝධයක් ඕනෑ වෙන්නෙ නැහැ මේ අවුල් ප්‍රකාශය අවුල් ප්‍රකාශයක් ලෙස දකින්න. පොඩ්ඩක් හිතා බලන්නකෝ විඥානය නැතිවෙන සුළු දෙයක් නම් ඒ හා සමග කරව ආකාරයකින් හෝ කුසල් අකුසල් ශක්තියක් ඇත්නම් විඥානය නැතිවන විට කවර ලෙසකින් ඒ කුසල් අකුසල් ශක්තිය පවතින්නද කියා?

    අන්තිමට දන්නෙම නැතුව විඥානය ආත්ම දෘෂ්ඨියකින් බදා ගන්නවා (සංයෝජන දහම් ලෙස තමා තුළ පිහිටනවා). සෝවාන් ඵලයටවත් පත් වූ අයෙක් තුළ මේ ආකාරයේ දෘෂ්ඨියක් නැහැ. මොකද විඥානය අනිත්‍ය, දුක්, අනාත්ම ලෙසින් දැකීම නිසා මේ අකාරයේ වෙනත් වචන වලින් වත් විඥානය ආත්ම ලෙසින් දැක්මක් එවන් අයෙක් කරන්නේ නැහැ. යමක් නැති වෙනවා නම් (උදා: විඥානය) එය නැතිවනවා මිස ආයේ එතන ඉතුරුවෙන දෙයක් නැති බව දෘෂ්ඨි සම්මපන්න පුද්ගලයා දන්නවා.

    ඉතින් මේ ස්වාමීන් වහන්සේ මහ රහතුන් වැඩි මග ඔස්සේ කියලා මේ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහානය කිරීම වැලකෙන ලෙස දහම් දෙසීම. ඒ කියන්නේ මහ රහතුන් යම් ආකාරයකට මේ කරුණ දෙස බලා කටයුතු කලාද, මේ ස්වාමීන් වහන්සේ එසේ නොපෙනෙන්නම දහම් දෙසනවා. ආර්යය මාර්ගයේ ආරම්භයේ ඇති සක්කාය දිට්ඨි ප්‍රහානයත් වලක්වමින් මේ දෙසන දහමට මහ රහතුන් වැඩි මග ඔස්සේ යැයි කීම ලැජ්ජා සහගතයි.

    අන්ධ බාලයෙක් මෙවන් කරුනක් කියනවානම් ඒ ගැන අසන්න ගියොත් ඒ අන්ධ බාලයා කරන්නේ එක්කෝ ප්‍රශ්නය මග හරින්න උත්සාහ කරනවා. එක්කෝ ඕක අහන කෙනාට තේරුම් ගන්න බැරි දෙයක් යැයි හඟවන්න උත්සාහ කරනවා. එක්කෝ අහන වෙලාව සුදුසු නැහැ යැයි කියනවා. එක්කෝ අහන කෙනාගේ සුදුසුකම ගැන ප්‍රශ්න කරන්න එනවා. එක්කෝ තරහගිය බවක් දක්වනවා, එක්කෝ බනිනවා,.... ඔය ආකාර දේවල් තමයි සිදුවන්නේ.

    ඉතින් කුමක්ද එතකොට දෙවන වාක්‍යයෙන් කියවෙන දේ නිවැරදි ලෙසින් දැකිය යුතු නම් ඒ නිවැරදි ආකාරය? ඒ නිවැරදි ආකාරය තමයි හේතු ඵල දහම (යමක් හේතු කොට ඵලයක් උපදී). එනම් විඥානය හෝ පංචසකන්ධයේ වෙනයම් ස්කන්ධයක භවයන් හරහා පැවැත්මක් නිසා සිදු නොවන කරුණකට. පංචස්කන්ධය ගත්තොත් ඒ හැම දෙයක්ම අනිත්‍ය, දුක්, අනාත්ම ස්වභාවයේ කරුණු. ඒ නිසා පටිච්ච සමුප්පාද ලෙස (හේතු නිසා ඵල ඇතිවන) ලෙස දැකීම මිසක් පංචස්කන්ධයේ කවර ආකාරයක හෝ පැවැත්මක්, ගලාගෙන යෑමක් නිසා සිදුවන දෙයක් නොවෙයි. ඉතින් නිවැරදි ආකාරය තමයි හේතු ඵල ලෙස මේ කාරනාව දැකීම. මේ සැකෙවින් කීම පැහැදිලි පැහැදිලි මදි නම් තවත් පැහැදිලි කරන්නම.

    මුදල් පිලිගැනීම ගැන කරුණ ගත්තොත්:

    නිවැරදි දේ නම් කවර ආකාරයකට හෝ, කවර කරුණකට හෝ මුදල් පිලිනොගැනීමමයි. කෙනෙක් මහණ වෙන්නේ සල්ලි හොයන්න, රක්ෂාවල් කරන්න ආදී දේ වලට නොවෙයි. කෙනෙක් මහණ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් උත්තරීතරම කාරනයක් නිසා. ඒ උත්තරීතර කාරනය සාක්ෂාත් කරගන්නේ නැතුව විහින් විනාස වෙන්නේ කුමකටද? බුදු පියානන් මෙහි යම් ප්‍රතිපත්තියක් යම් ආකාරයකට දේශනා කර ඇත්තේ එම ප්‍රතිපත්තියේ ප්‍රායෝගිකව යෙදිය හැකි නිසා. බැරි නිසා නොවෙයි. එම ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරන අයට සල්ලි උවමනා වෙනවා. එවන් අය සිවුරු පොරවාගත් මල කදන් ලෙස දැකීම සුදුසුයි. එවන් අය බුද්ධ ශාසනයේ හොරු. පල්ම පල් හොරු. ඔවුන් තමන් විනාශ කරගන්නවාට අමතරව අන් අයත් විනාශ කරනවා (දහම් පටලවනවා). මේ මුදල් කරුණ තේරුම් ගන්න එතරම් අපහසු නැති යැයි හිතන නිසා වැඩි පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. නමුත් ඕනෑ නම් කරන්නම්.
     
    ඒ ස්වාමින් වහන්සේ ගලාගෙන යනවා කිව්ව තැනදී මට තේරුනේ මේ විඥ්ඥානය ඇති වෙමින් නැතිවෙමින් යන ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධවෙනවා කියන්න උත්සහ කළා කියල. ඒක එහෙම නෙවේද?

    ඔයාගේ මේ අර්ථ දැක්වීම කියෙව්වම මට කවදාවත් හිතිච්ච නැති දෙයක් ගැන ප්‍රශ්නයක් ආව.
    එතකොට අපිට පෙර කරන ලද කර්මය විපාක දෙන විදිහ සිද්ධ වෙන්නේ කොහොමද?
     
    විඥානය ඇතිවෙමින්, නැතිවෙමින් සිදුවන ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා තමයි. එසේ සිතීම බුදු පියානන් කියූ අයුරුම තමයි. නමුත් එම ක්‍රියාව නොනැවතී සිදුවීම සහ විඥානය පවතිනවා යැයි සිතීම කාරනාවන් දෙකක්. ඇතිවුන විඥානයක් නැතිවන්නේ ඉතිරියක් නැතිව. නැවත විඥානයක් ඇතිවීම හේතු ඵල දහමට අනුකූලව සිදුවනවා විනා පළමු විඥානයේ යම් ඉතිරිවුන දෙයක් නිසා දෙවන විඥානය ඇතිවනවා නොවෙයි.

    යම් කිසි කෙනෙක් "විඥානය කියන්නේ නෝනා ඇතිවෙමින්, නැතිවෙමින්, මැරෙමින් ගලාගෙන යන්නාවූ දෙයක්. ඒ ගලාගෙන යන්නාවූ දේ අතීතයේ රුව ගුණ, අතීතයේ කුසල් අකුසල් ශක්තීන් කැටිවෙලයි ගලාගෙන යන්නේ." යැයි පවසනවානම් එසේ කීම විඥානයේ නැතිවීමෙන් පසුවත් කුමක් හෝ පවතින ස්වභාවයක් ඇතැයි යන මතයේ සිටම කරන ප්‍රකාශනයක්. එවැනි වැරදි මතයක නොඉද ඔවැනි යමක් කියන්න හැකියාවක් නැහැ. වැරදි දේ හෝ තමන් කියන දේ තමන් විසින්ම ප්‍රතික්ෂේප කරගන්නේ නැතුව කියනවානම් ඒ වැරදි ලෙසින් කියන කෙනා අඩු තරමින් "විඥානය කියන්නේ නෝනා ගලාගෙන යන්නාවූ දෙයක් (පවතින දෙයක්). ඒ ගලාගෙන යන්නාවූ දේ අතීතයේ රුව ගුණ, අතීතයේ කුසල් අකුසල් ශක්තීන් කැටිවෙලයි ගලාගෙන යන්නේ." යැයි කියන්න ඕනෑ. අඩු තරමින් එහෙම බොරුවට හරි කීවොත් එතන ඒ වාක්‍ය දෙකේ ගැලපීමක්වත් තියෙනවා. නමුත් ඉතින් එහෙම බොරුවක් කීවොත් ඒ බුදු පියානන් කියූ විඥානයේ අනිත්‍ය, දුක්, අනාත්ම ස්වභාවයන්ට ප්‍රතිවිරුද්ධව කියන කාරනාවක්මයි. අනෙක් කරුණ නම් බුදු පියානන් කොහේවත් කුසල් අකුසල් ශක්තීන් විඥානයේ කැටිවී ඇතැයි පවසා නැහැ. ඉතින් විඥානය කුමක්දැයි හරිහැටි දැනගෙන මෙහෙම කියන්න හැකියාවකුත් නැහැ. මෙහෙම කීමෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ විඥානය කුමක්දැයි නොදැනම කතා කරන බවක්. ඉතින් බුදු පියානන් විඥානය නිසා ආත්ම දෘෂ්ඨිය හතර ආකාරයකින් ඇතිවේ යැයි කීවාද ඒ කුමක් සදහා කීවාදැයි දැනගෙන ඉන්න විදිහකුත් නැහැ.

    අනෙක් කරුණ නම් මම මේ ස්වාමීන් වහන්සේගේ වෙනත් දහම් දෙසුම් කිහිපයක් අසා තිබෙනවා. ඒ නිසා මා දන්නවා මේ ස්වාමීන් වහන්සේ පංචස්කන්ධය පැහැදිලිව තේරුම් නොගෙනම මෙවන් දේ කියන බව. මේ විඥානය යන කරුන පමණක් නොවෙයි තවත් පංචස්කන්ධය වරදවා වටහා ගැනීම නිසා බුදු පියානන් පැවසූ කරුණු වලට ප්‍රතිවිරුද්ධ දේම මේ ස්වාමීන් වහන්සේ පවසනවා. ඒවා පිළිගන්නා අය ආර්ය මාර්ගය කියලා අනාර්ය මාර්ගයම පිළිගන්නවා.

    > ඔයාගේ මේ අර්ථ දැක්වීම කියෙව්වම මට කවදාවත් හිතිච්ච නැති දෙයක් ගැන ප්‍රශ්නයක් ආව.
    > එතකොට අපිට පෙර කරන ලද කර්මය විපාක දෙන විදිහ සිද්ධ වෙන්නේ කොහොමද?

    ආර්ය මාර්ගය කියන්නේ කවදාවත් නොගිය මගක් මයි. ඉතින් කවදාවත් හිතිච්ච නැති දේවල් ගැන ප්‍රශ්න එනවානම් එය එසේමයි. යම් වැරදි දෘෂ්ඨියක් අවබෝධයෙන් අතහැර දමන තැන පැහැදිලි බව ඇතිවේගෙන එන විට පෙර තමන් ඒ වැරදි දෘෂ්ඨිය නිසා යමක් සිදුවනවායැයි සිතුවානම් ඒ කාරනය දැන් වන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය ඇතිවෙනවා. මම ඉහත කමෙන්ටුවේ කීවෙත් ඕකමයි. මෙසේ ඇතිවන ප්‍රශ්ණ වැල රහත් බවින්ම පූර්ණ ලෙස අවසන් වන දෙයක්.

    ඔබ කර්ම විපාක දෙන විදිහ හොයන්න යන්න එපා. එය සිතන්නට යොමු නොවිය යුතු, නොසිතිය යුතු කරුණක් ලෙස බුදු පියානන් පවසා තිබෙනවා (අංගුත්තර නිකාය, චතුක්ක නිපාතයේ අචින්තෙය්‍ය සූත්‍රය 4.2.3.7). මේ කාරනය ගැන සිතන්න යොමුවීම, සිතීම යන කරුණු උමතු බව ඇති කිරීමටත්, දුක් බවටත් හේතු වන බව අචින්තෙය්‍ය සූත්‍රයේ සදහන්. කුතුහලය ඇතිකරන ප්‍රශ්නයක් තමයි. නමුත් මේ කර්ම විපාක දෙන විදිහ සිද්ධ වෙන ආකාරය ගැන සෙවීම කවදා හෝ රහත් උනොත් ඊට පසුව විසදාගන්නෙමී යන අදහසින් හරි ඈත් කර තබන්න. කරන්න දේ බුදු පියානන් කියා තියෙනවානේ. ඒ නිසා කරන්න කියා තියෙන දේ කර ඉන්න. ඒ දේ කරගත්තාට පසුව බැරියෑ ඕනෑමනම් ඔය කර්ම විපාක ප්‍රශ්නය ගැන බලන්න.

    කර්ම විපාක දෙන ආකාරය ගැන සොයන්න නොයන ඔබ උත්තර සෙවිය යුතු ප්‍රශ්නයක් ලෙස ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවන්නේ කෙසේද යන කරුණ ගැන සොයන්න. එහිත් යම් කර්මානුරූප ස්වරූපයේ දේවල් පැවසෙනවා. නමුත් බුදු පියානන් පවසා ඇති පමණට වඩා කර්ම විපාක දෙන ආකාරය ගැන සොයන්න යෑම සුදුසු නෑ. "ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවන්නේ කෙසේද?" යන ප්‍රශ්නයට පිළිතුර සොයන ඔබට රූපයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, එලෙසම වේදනාචත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, සංඥාවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, එලෙසම සංකාරත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මනම්, එලෙසම විඥානයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මනම් කවර ලෙසකින් ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවනවාදැයි යන්න සියුම්ව විමසන්න වෙනවා.

    එසේ විමසන ඔබට හමුවන්නේ හේතු ඵල දහමමයි. නැතුව හේතු වල පැවැත්මක් හෝ ඵල වල පැවැත්මක් නොවෙයි. ඉතින් පෙර කමෙන්ටුවේදී සැකෙවින් නිවැරදි අයුරින් දැකීම නම් හේතු ඵල දහම ලෙසින් දැකීම යැයි කීවේ මේ කාරනය නිසාමයි.

    ඉතින් ඔබට හිතන්න වෙනවා රූපය ඇතිවන්නේ කෙසේද කියා, වේදනාව ඇතිවන්නේ කෙසේද කියා, සංඥාව ඇතිවන්නේ කෙසේද කියා, සංකාර ඇතිවන්නේ කෙසේද කියා, විඥානය ඇතිවන්නේ කෙසේද කියා. සැකෙවින් කීවොත් පංච උපාදාන ස්කන්ධය පිරිසිද දැන ගැනීම යන කරුනේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනෑ. එයම තමයි බුදු පියානන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ (සංයුක්ත නිකාය, මහා වග්ගය, එනම් සංයුක්ත නිකාය 5-2 පොත) "ඉදං දුකඛං අරියසච්චන්තී" (මෙය දුක්ඛ ආර්යය සත්‍යයි) ලෙසින් පවසා එම සූත්‍රයේදීම දුක (දුක්ඛ) නම් සැකෙවින් මේ පංච උපදාන ස්කන්ධයමයි, එය පිරිසිද දත යුතු දෙයකී යැයි පැවසුවේ.

    ඉතින් කිනම් ලෙසින් කටයුතු කරලාද එලෙස අවබෝධ කරන්නේ? ඒ මේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන්මයි.
     
    :)
    අපිට යමක් ඇස් දෙකෙන් පේන ගමන් කන් දෙකෙන් ශබ්ද අහුනට ඒ දෙකට අදාල විඥානයන් පහළ වෙන්නෙ වෙන වෙනම නේද?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    :)
    අපිට යමක් ඇස් දෙකෙන් පේන ගමන් කන් දෙකෙන් ශබ්ද අහුනට ඒ දෙකට අදාල විඥානයන් පහළ වෙන්නෙ වෙන වෙනම නේද?

    ඇස් දෙකෙන් රූප පේන ගමන් කන් දෙකෙන් ශබ්ද ඇසෙන්නේ නැහැ. සිදුවන්නේ වරකට එකයි. ඉතින් ඒ ඒ ආයතනයට අදාල විඥානය පහළ වීමත් වෙන වෙනම තමයි සිදුවන්නේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    :)
    අපිට යමක් ඇස් දෙකෙන් පේන ගමන් කන් දෙකෙන් ශබ්ද අහුනට ඒ දෙකට අදාල විඥානයන් පහළ වෙන්නෙ වෙන වෙනම නේද?

    ඔබට මේ ගැටළුව ඇතිවන්නේ විඥානය යනු කුමක්දැයි පැහැදිලිව නොදැනීම නිසා. දැනගත්තොත් මේ ප්‍රශ්නය ඇතිවන්න බැහැ.  විඥානය යනු කුමක්දැයි හරිහැටි නොදැනීමට එක හේතුවක් නම් පාලි භාෂාවේ ඇතිවී ඇති අපැහැදිලි කම.

    පෙර මම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංචස්කන්ධයන් ඇතිවන ආකාරය (හේතු මොනවාදැයි) විමසා බලන්න කීවා. නමුත් ඉතින් විමසා බලන්න කලින් ඒ මොනවාදැයි දැනගන්න ඕනෑනේ. දැනගන්නේ නැතුව ඒවාට හේතු කෙසේ විමසන්නද? ඒ නිසා එයත් කර ඉන්න.

    විඥානය යනු කුමක්දැයි දැන ගැනීමට සමාධිමත් හිතක් ඕනෑ නැහැ (පිරිසිද දැන ගැනීමකට නම් නොවෙයි). දොඩම් ගෙඩියක බර කුමක්ද, වර්ණය කුමක්ද, පැහැය කුමක්දැයි වටහාගන්න හැකියාවක් තියෙනවානම් ඒ ආකාරයේ විමසීමක් පෙර නොදැන හෝ නොපැහැදිලිව සිටි දෙයක් ගැන සියුම්ව කරන්නත් පුළුවන්නම් විඥානය යනු කුමක්දැයි පහසුවෙන් වටහාගත හැකියී.

    මේ සදහා මහාවේදල්ල සූත්‍රයේ මුල හරිය (මජ්ජිම නිකාය, මූලපණ්ණාසකෙ, චූලයමකවග්ගයේ - එනම් මජ්ජිම නිකාය 1 පොතේ) බලන්න. ඊට අමතරව ඛජ්ජනීය සූත්‍රයත් (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, ඛජ්‌ජනීය වර්ගය - එනම් සංයුක්ත නිකාය 3 පොතේ) කියවා බලන්න.

    එහෙම කියවා බලා විඥානය යනු කුමක්දැයි ඔබට තේරෙන අයුරින් මෙහි සදහන් කරන්න. එහි යම් වෙනසක් සිදුවිය යුතු බව දැක්කොත් පැහැදිලි බව පිනිස ඔබව තවත් යොමුකිරීමක් කරන්නම්. ඔබ දැන් හිතාගෙන ඉන්න කරුණට වඩා වෙනස් දෙයක් ලෙස විඥානය තේරුම් ගත්තොත් ඒ මුලින් හිතාගෙන හිටි ආකාරයත් මෙහි සදහන් කරන්න (ඒ හුදෙක් මගේ දැනගැනීම සදහා පමණයි).

    ඉතින් ඔබ විඥානය යනු කුමක්දැයි තේරුම් ගත්තොත් ඔබ අසන ප්‍රශ්නය ඇතිවන්නේ නැති බව දැන ගනීවි.
     
    Last edited:

    මම කියවල තේරුම් ගත්ත දේ ලියන්නම් :yes: