meka balanna
ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනීම
3. මරණ චේතනාව
4. මරණ උපක්‍රමය
5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම
ප්‍රාණඝාතයක් සිදුවීම ට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.
අදත්තාදානය සිදු වන අයුරු. (සොරකම)
1. අන්සතු වස්තුවක් වීම
2. අන්සතු වස්තුවක් බව දැනීම
3. සොරා ගැනීමේ චේතනාව
4. සොරකම් කිරීමේ උපක්‍රමය
5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම
සොරකමක් සිදුවීමට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.
කාම මිථ්‍යාචාරය සිදුවන අයුරු. (කාමයන්හි වරදවා හැසිරීම)
1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය
කාමයන් හි වරදවා හැසිරීම ට මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.
මුසාවාදය සිදු වන අයුරු. (බොරු කීම)
1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම
2. අන්‍යයන් රැවටීමේ චේතනාව
3. එය ඇඟවීම
4. එයින් අසන්නා මුළාවීම
බොරුකීම සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.
සුරා පානය සිදු වන අයුරු.
1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම
2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව
3. ඒ සඳහා උත්සාහ කිරීම
4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම
මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.