තම බිරිඳ අත් අඩංගුවට නොගන්නේ මන්දැයි කියමින් ආණ්ඩුවට එරෙහිව 18 දා නුගේගොඩ රැලියේදී උද්දච්ඡ කතාවෙන් බෑඟීරි ගැසූ හිටපු ඇමැති විමල් වීරවංශගේ ඉල්ලීම් ඉටු කරමින් ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ජා උදයන්ති මීට ස්වල්ප වේලාවකට පෙර රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
ව්‍යාජ තොරතුරු හා සහතික පත් ඉදිරිපත් කර ගමන් බලපත්‍ර ලබාගැනීම මෙන්ම චේතනාන්විතව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සම්පාදනය කර ලබාගැනීම යන ආගමන හා විගමන පනතේ විධි විධාන සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ විධි විධාන ප්‍රකාර චෝදනා රැසක් සම්බන්ධයෙන් විමල් වීරවංශගේ භාර්යාව වන ශෂි වීරවංශ අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී ඇය ගැබ් ගත්තා යැයි පවසමින් නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලාබේ පෞද්ගලික රෝහලකට වී නේවාසිකව සැඟවා සිටියා ය.
රහස් පොලිසිය ඇය සැඟවා සිටින ස්ථානය දැන ගත්තේ නමුදු වාට්ටුවට ගොස් අත් අඩංගුවට ගැනීමට ඉක්මන් නොවූ අතර ඇය රෝහලින් පිටව යන තුරු බලා සිටියාය.
සියල්ල සන්සුන් වී ඇතැයි සිතා අද සවස රෝහලින් ටිකට් කපා පිටව එද්දී රෝහල ඉදිරිපිටදී සූදානමින් සිටි රහස් පොලිස් නිලධාරීන් විසින් ශෂී වීරවංශ මීට ස්වල්ප වේලාවකට පෙර අත් අඩංගුවට ගන්නා ලදී.
ශෂී වීරවංශට එල්ල වී ඇති චෝදනාවන්ට ඇය වරදකාරිය වුවහොත් අවම දඬුවම වසර 7 ක සිරදඬුවමකි.