පප්පාගම

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    iu


    පප්පාගම කිව්ව ගමන් මුලින්ම අපිට මතක් වෙන කෙනා තමයි සූරපප්පා කියන්නෙ. ඇඟපතෙන් පොඩි උනාට සූරපප්පා හරිම දක්ෂයි. බුද්ධිමත්. බොහොම උපායශීලී මොළයක් තියෙනව. පප්පාගමට එරෙහිව රෝමන්කාරයො යුද්දෙට එද්දි සූරපප්පා තමයි සටනට නායකත්වය දීලා ඒක මෙහෙයවන්නෙ. බැරි වෙලාවත් කවුරු හරි වලියකට ආවොත් මැජික් අරිෂ්ටෙන් පොඩ්ඩක් දාගෙන ගහගන්නත් බැරි කමක් නෑ.



    iu


    සූරපප්පා එක්කම ඊළඟට අපිට මතක් වෙන්නෙ ජිම්පප්පව. පොඩි කාලෙදිම අරිෂ්ට කල්දේරමකට වැටුණ නිසා යෝධයෙක් වගේ ඇඟේ ශක්තිය තිබ්බට ජිම්පප්පට සූරපප්පා වගේ මොළේ නෑ. ටිකක් විතර මෝඩයි. පොඩි ළමෙක් වගේ බොළඳයි. ඒ නිසාම වලියකට යුද්දෙකට යද්දි ගහගන්න ජිම්පප්පව අරන් ගියාට යු⁣ධෝපායන් ගැන තීරණ ගන්න එහෙම දෙන්නෙ නෑ. ඒව කරන්නෙ සූර පප්පා.



    iu


    පප්පාගමේ අනිත් වැදගත්ම චරිතය තමයි වෙදපප්පා. එයා තමයි ගමේ ඉන්න වයසකම, බුද්ධිමත්ම, බහුස්‍රැතම චරිතය. ගමේ අයට වෙදකම් කරන එකයි මැජික් අරිෂ්ටෙ හදන එකටයි අමතරව සූරපප්පා ඇතුළු ගමේ කොයි කවුරුත් තීන්දු තීරණ ගද්දි උපදෙස් ගන්න එන්නෙ වෙදපප්පා ගාවට තමයි.



    186036023_308821334084588_1328544848488537086_n.jpg


    අන්තිමට කියන්න යන්නෙ මේ පින්තූරෙ ඉන්න කෙනා ගැන. අමුතුවෙන් අඳුන්වල දෙන්න ඕනෙ නෑනෙ මේ ඉන්නෙ ලොකුපප්පා. එයා තමයි පප්පාගමේ ලොක්කා. නායකයා. ඒත් ලොකුපප්පට සූරපප්පා වගේ උපායශීලී යුද ඥානයක් තියෙනවද? නෑ. ජිම්පප්පා වගේ ශක්තිමත් ඇඟක්? නෑ. වෙදපප්පා වගේ අත්දැකීම් බහුල බහුස්‍රැත බවක්? ඒත් නෑ. ඉතින් එහෙනම් මොන හත්ඉලව්වටද ඒ මනුස්සයව ගමේ නායකයා කළේ? මුකුත් බෑනෙ?

    ලොකුපප්පාට ඔය එකක්වත් බැරි උනාට එයා ගමේ නායකයා වෙන්න හේතුව තමයි එයා දන්නව සුදුසු පුද්ගලයා සුදුසු වැඩේට ලස්සනට යොමු කරලා අවශ්‍ය වැඩේ කරගන්න. යුද්දෙට වෙදපප්පව යවල හරියන්නෙ නෑනෙ? ඒකට සූරපප්පව යවනව. ගමේ වැදගත් තීරණ ගැන උපදෙස් ජිම්පප්පගෙන් අහල වැඩක් නෑනෙ? ඒකට වෙදපප්පා ගාවට යනව.
    සිංදු කියන එක අහගෙන ඉන්න අමාරු උනත් කෑකෝපප්ප⁣ටම දෙනව.

    අන්න එහෙම තමයි නියම නායකයෙක් තමන්ට තියෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඒව නියම විදියට කළමනාකරණය කරගන්නෙ. සීසර් කොච්චර බලවත් උනත් පප්පාගම කවදාවත් අල්ලගන්න බැරි වෙලා තියෙන්නෙ අරිෂ්ටෙ නිසා වගේම ඒ නායකත්වය හින්දම තමයි.

    හැබැයි බැරි වෙලාවත් සූරපප්පා රෝමන්කාරයින්ට හොඳටම ගහලා යුද්ධයක් දිනල ආපහු ගමට ආපු වෙලාවක ගමේ මිනිස්සුන්ට හෙන 'කික්' එකක් ඇවිල්ල ලොකුපප්පව පන්නල සූරපප්පව ගමේ නායකයා කරගත්ත දවසට පප්පගමට වෙන්නෙත් අපිට වෙච්චි දේම තමයි.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නායකත්වය හන්දා නෙවෙයි යකෝ අරිෂ්ටෙ හන්දා, වෙද පප්පට පිස්සු හැදුනම රෝමන්කාරයො පප්පා ගමට පූකේ ඇරියා මතක නැද්ද.
    වෙද පප්පගෙ අරිෂ්ටෙ නැත්තන් පප්පා ගමේ උනුත් පොන්නයො.
    සූර පප්පාත් නිකන්ම නිකන් කොටෙක්විතරයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන් ඔය මොන පප්පව නායකය කර ගන්ඩ කියලද කියන්නෙ,??? සජිත් පප්පවද අනුර පප්පවද ???? ඔය පප්ප කෙලින් කියන්ඩ බලන්ඩ..
     
    • Like
    Reactions: Solo Rider

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නායකත්වය හන්දා නෙවෙයි යකෝ අරිෂ්ටෙ හන්දා, වෙද පප්පට පිස්සු හැදුනම රෝමන්කාරයො පප්පා ගමට පූකේ ඇරියා මතක නැද්ද.
    වෙද පප්පගෙ අරිෂ්ටෙ නැත්තන් පප්පා ගමේ උනුත් පොන්නයො.
    සූර පප්පාත් නිකන්ම නිකන් කොටෙක්විතරයි
    :D
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    දන් ඔය මොන පප්පව නායකය කර ගන්ඩ කියලද කියන්නෙ,??? සජිත් පප්පවද අනුර පප්පවද ???? ඔය පප්ප කෙලින් කියන්ඩ බලන්ඩ..
    කාටුන් වලටත් දේශපාලනේ ඇදලා ගන්න මෙහෙමත් කෑකෝ පප්පෙක් 👉🥺👈 මෙහෙම පීචන් පප්පෙක් දැක්කමයි😅👌
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නායකත්වය හන්දා නෙවෙයි යකෝ අරිෂ්ටෙ හන්දා, වෙද පප්පට පිස්සු හැදුනම රෝමන්කාරයො පප්පා ගමට පූකේ ඇරියා මතක නැද්ද.
    වෙද පප්පගෙ අරිෂ්ටෙ නැත්තන් පප්පා ගමේ උනුත් පොන්නයො.
    සූර පප්පාත් නිකන්ම නිකන් කොටෙක්විතරයි

    දී කිරට බලල්ලුත් සාක්කි
     
    • Like
    Reactions: Stimulus mind

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නායකත්වය හන්දා නෙවෙයි යකෝ අරිෂ්ටෙ හන්දා, වෙද පප්පට පිස්සු හැදුනම රෝමන්කාරයො පප්පා ගමට පූකේ ඇරියා මතක නැද්ද.
    වෙද පප්පගෙ අරිෂ්ටෙ නැත්තන් පප්පා ගමේ උනුත් පොන්නයො.
    සූර පප්පාත් නිකන්ම නිකන් කොටෙක්විතරයි
    Thread closed. 😂