පපුවේ සිංහයා ගැසූ පමණින් වීරයෙක් ද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය දෙවන රැල්ල ඉතාම සාහසිකව ජනතාව අතරට කඩා වදිමින් සිටින මොහොතක, රාජපක්ෂලා ගේ ආන්ඩුවේ ඉදිරිපෙල ගොට්ටන් අතර ද එකිනෙකා ඇණකොටා ගන්නා තත්වයට පත්ව ඇතැයි “ලාන්ස් කෝප්‍රල්” ට වාර්තා වේ.
    එහි අලුත්ම ප්‍රවෘත්තිය ජනාධිපති ගෝඨාභය ගේ ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනකු වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ නිශ්ශංක සේනාධිපති අතර හටගෙන ඇති ආරෝවයි. ශවේන්ද්‍ර , ශ්‍රී ලාංකිකයන් විදෙස් රටවලින් ගෙන්වීමේ කාර්යයෙන් සෑම අහිංසක පුද්ගලයෙක් ගෙන්ම කුට්ටියක් තබා ගෙන වැඩේ කරන අයෙකි. නිරෝධායන මධ්‍යස්ථාන කියා හෝටල් 70 කට රට විරුවන් යවා ශවේන්ද්‍ර ගාන කපයි. නිශ්ශංක සේනාධිපති මේ අවස්ථාවේ කෲස් නෞකා යවා අතරමං වූ මැද පෙරදිග ජනයා ගෙන්වා ගැනීමට තරමක් සහනදායී පිලිවෙතක් සිදුකිරීමට උත්සාහ කළ ද ගෝඨාභයගේ සහ ඇට නම ලක්ෂයේ ගේ 'වැඩ කරන පොර' තමා යැයි හිතාගෙන සිටින ශවේන්ද්‍ර ඊට අකුල් හෙලමින් සිටී.

    සේනාධිපති ගේ තරම දන්නා ගෝඨාභය මේ දෙදෙනාවම විරසක කර ගැනීමට මේ වෙලාවේ කැමති නැති බැවින් ශවේන්ද්‍රට අවස්ථා කීපයකදී රතු එළිය දල්වා ඇත. තව සේවා දිගු නොලැබෙන බවත්, මේ අවසාන අවස්ථාව බවත් දන්නා ශවේන්ද්‍ර ද ගරානාව අත හරින්නට කැමති නැත. සමාන්‍යයෙන් ෆුල් ටයිම් ගෑණු හුරතල් කරමින් පාට් ටයිම් හමුදාවේ රාජකාරි කරන ශවේන්ද්‍ර මේ ලාස්ට් ලැප් එකේ දී, ෆුල් ටයිම් කරන්නේ ගාන කැපිල්ල ය.

    රාමවික්‍රම සහ රත්තරන්..
    හොරා කෑමට නම් සිංහ කොඩිය පපුවේ ගසා ගැනීම හොඳම සුදුසුකම බව ශවේන්ද්‍රට ඉගැන්වුයේ දැනට ඇමරිකාවේ අප්‍රකට ජීවිතයක් ගතකරන ජාතික රූපවාහිනියේ හිටපු යුධ වාර්තාකරු සමන් කුමාර රාමවික්‍රම ය.

    ලැප්ටොප් හොරකම රාමාගෙන් එළියට ආ සුළු සිදුවීමක් වුවද රාමවික්‍රම මාධ්‍යවේදී ලේබලයෙන් ගෙන ආ රත්තරන් තොගය දන්නේ බත්තරමුල්ල පැලවත්ත පාරේ ශවේන්ද්‍රගේ ගෙදරට රත්තරන් මිලදී ගැනීමට ආ අය පමනකි. ඒ ගැන 'ලාන්ස් කෝප්‍රල් 'දන්නා දේ දන්නේ අත්ලොස්සකි.

    ටිංකරින් නෙල්සන්..
    දැන් ශවේන්ද්‍රට ගැලවීමක් නැත්තේ සුජීවා නෙල්සන් ගෙනි. ඇය වර්තමාන ගුවන් හමුදාපති සුමංගල ඩයස් ගේ පළමු බිරියයි. එවකට වව්නියාව ගුවන් හමුදා කඳවුරට කෑම සැපයූ සුප්‍රකට ව්‍යාපාරික වික්‍රරත්න පවුලේ පුත් මධුර වික්‍රමරත්නගේ වාහනයේ නැගී තම හමුදා ස්වාමියා අතහැර වෝඩ් පෙදෙසට ආ සුජීවා ට ශවේන්ද්‍ර මුන ගැහෙන්නේ කකුළුවන් කන්නට පෙරේත කම නිසා ශවේන්ද්‍ර ට මධුර සිය නිවසේ රාත්‍රි ආහාරයක් දුන් දිනක ය.

    අන්තිමට ශවේන්ද්‍රට කරගහන්නට සිදුවූයේ මුලු සර්වාංගයම 'ටිංකරින්' කරන ලද කූඩුවකට ය. මාතලේ බිරියත්, ඔස්ට්‍රේලියාවේ දොස්‍තර නෝනාත් එක්ක බලන විට මේක ශවේන්ද්‍රගේ පවකි. කිංස් පාක් රෝහණ ගේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් ගුබ්බෑයමට ශවේන්ද්‍ර ගේ දොස්‍තර පෙම්වතිය එක්කන් ආ 'ලාන්ස්‍ කෝප්‍රල්' ට අනුව නම් සුජීවා යනු කොරෝනා පරදන වසංගතයකි. ධනවත් පවුලක ඉපදුන ද පසුකලෙක 'පෝලෝ ස්ටොක්ස් ලොට්' විකුණමින් ශරීර කූඩුව නඩත්තු කළ ආකාරය දන්නෝ තවමත් සිටිති.


    යලිත් මාතෘකාවට ආවොත් ශවේන්ද්‍ර දැන් හිරවී ඉන්නේ මේ සක්කරවට්ටම නිසාමය. හමුදා නිවසේ ෆැෂන් ෂෝ දමමින් සාරි, රත්‍රන් මුදලාලිලා සමග කළ සෙල්ලම මාට්ටුවීමෙන් පසු ගෝටාභය ගෙන් කුණු බැනුම් ඇසූ ශවේන්ද්‍රට මෙවර අත්වන ඉරණම දන්නේ උඩ සිටිනා දෙවියන් සහ ගෝටාභය පමනක්ම ය.

    ශවේන්ද්‍රගේ බෙල්ල කොවිඩ් ගිලටීනයට..
    සුජීවා සමග 'ලිවින් ටු ගෙදර්' කාලයේ හොඳ වුන ද, 'ෆස්ට් ලේඩි' වීමට විවාහය අවශ්‍යම නිසා ලියාපදිංචිය සිදු කළ ද තමන් කරගහ ගත්තේ තනිකරම මිසයිලයක් බව ශවේන්ද්‍රට දැන් වැටහී ඇත. පවුලේ ප්‍රශ්න අදාල නැති නමුත් රටේ හමුදාපති ගේ බිරිඳ පිනවීමට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ අහිංසක මිනිස්සුන්ටම නිසා නොලියා බැරිය. දැන් ශවේන්ද්‍ර කොවිඩ් පාලන බලකායේ ප්‍රධානියා නිසා ඒ සියල්ල ද සුජීවා ට අවශ්‍ය විදියට හැසිරවීමට ශවේන්ද්‍රට සිදුව තිබේ. මේ වග ගෝඨාභය නොදන්නවා යයි සිතිය නොහැකිය. නමුත් ගෝඨාභයට දැන්, උණු නිසා බොන්නත් බැරි ය; කිරි නිසා අහක දාන්නත් බැරි ය.

    නමුත් නිසැකවම ගෝඨාභය ලඟදීම ශවේන්ද්‍රගේ බෙල්ල කොවිඩ් ගිලටීනයට දෙනු ඇත. කොවිඩ් අනා ගැනීමේ ශවේන්ද්‍ර ද ප්‍රධානියෙකි. කොවිඩ් නිසා ඇණ ගෙන ඉන්නා ආන්ඩුව වෙනුවෙන් පොර ටෝක් දෙන්නට ගෝඨාභය පමණක් නොව, මහින්ද චමල් බැසිල් නාමල් ශෂීන්ද්‍ර ආදී ආණ්ඩුවේ රාජපක්ෂ බලකායේ මොකෙක්වත් නැත. තුනෙන් දෙකක් අරන් 20 සම්මත කලාට පසු රටේ මිනිස්සුන්ට හෙණ ගැහුවත් රාජපක්ෂලාට කමක් නැත. ඇට නම ලක්ෂයට මොක වුනත් කමක් නැති නමුත් ලාන්ස් කෝප්‍රල් ට දුක තමන් ද අයිති දුප්පත් මිනිස්සුන්ට සිදුවන අබග්ගයට ය.

    දෙහිවල විලියම්ස් හන්දියෙන් කෙලින්ම මුහුද දෙසට ඇති මාර්ගයේ අවසානයේ ඇති 'බැරකුඩා' අවන්හලේ (ඥාතියෙකුගේ නමින් පවත්වාගෙන යන නමුත් අයිති ශවේන්ද්‍රට ය) මැදියම් රැයේ වෙන ගණුදෙනු ගැන ත්, නිත්‍ය නියෝජිතයා ලෙස නිව්යෝර්ක් නුවර සිටි කාලයේ දේශපාලන රැකවරන ලබාදෙන්නට කරපු කුජීත වැඩ ගැන ගැනත්, හමුදාපතිකම ගන්නට චතුරිකා සිරිසේන සමග කරපු විගඩම් ගැනත් 'ලාන්ස් කෝප්‍රල්' තරම් වෙන අයෙක් දන්නේම නැත. අනාගතයේ ඒ ගැන වෙනම ලිපියක් ලියමු.

    වසංගතය රට පුරා බෝකළ 'ද්‍රෝහියා'..
    සිංහයා පපුවේ ගැසූ පමනින් හැමෝම වීරයෝ නොවේ. එක් අයෙක් 'වේගෙන් දුවන සිංහයා' යැයි තමා යැයි කියා ගනිමින් ආන්ඩුවේ සල්ලි වලින් ඇට නම ලක්ෂ ට ජාති ආලය දියකර සූප්පුවේ ගසා පොවමින් සිටී. ශවේන්ද්‍ර තව එකෙකි.

    ලංකාවේ විකිණීමට ලේසිම සහ ලාභම දේ ජාති ආලය සහ ආගම යි. ඒක හොඳටම දන්නේ මැදමුලනේ රාජපක්ෂලායි. ශවේන්ද්‍ර සිල්වා, ඩිලන්ත මාලගමුව ආදීන් රාජපක්ෂලාගෙන් ඇන්දීමේ කලාව ඉගෙන ගත් ඇච්චන් දෙදෙනෙකි. රාජපක්ෂලා ඉදිරියේ තමා ඇච්චෙක් බව ශවේන්ද්‍ර තේරුම් ගෙන නැති බව පෙනේ. රාජපක්ෂලාට ගැලවීමක් අවශ්‍ය නම් යුධ අපරාධ චෝදනා නිසා දැනටමත් ඇමරිකාවට 'ට්‍රැවල් බෑන්ඩ්' වී ඇති ශවේන්ද්‍ර හේග් නුවර යුධ අධිකරනයට බාර දී හෝ, ඇමරිකාව කියන දේ ඉටු කිරීම රාජපක්ෂලාට ඒ තරම් කජ්ජක් නොවේ.


    එදාට කොවිඩ් වසංගතය රට පුරා බෝකළ 'ද්‍රෝහියා' ශවේන්ද්‍ර ය. රාජපක්ෂලා අන්දන්න කොයිතරම් දක්ෂ ද නම් ඊයේ චීනෙට විකිණූ සීගිරිය හෙට හොර ඔප්පුවක් හදා ඇමරිකාවට විකිනීම ද ඔවුන්ට සුළු දෙයකි.

    පපුවේ සිංහයා ගැසූ පමණින් වීරයන් නොවේ..

    ලාන්ස් කෝප්‍රල්


    https://www.lankaenews.com/news/11414/si
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "ලංකා ඊ නිවුස්” "ලංකා ඊ නිවුස්” "ලංකා ඊ නිවුස්” "ලංකා ඊ නිවුස්”

    "ලංකා ඊ නිවුස්”
    නම් ශ්‍රී ලංකාව තුළ තහනම් කළ, අපහාස නඩු 20 පමණ විභාග වන වෙබ් අඩවියක මාගේ පශ්චාත් උපාධිය සහ මහාචාර්ය පදවිය පිලිබඳ අමූලික බොරු සදහන් කරමින් මඩ ලිපියක් පළ විය. වෙබ් අඩවිය තහනම් වුවද සමාජ මාධ්‍යවල එවන් තහනමක් නොමැති හෙයින් ලිපිය සංසරණය විය.

    "ලංකා ඊ නිවුස්” "ලංකා ඊ නිවුස්” "ලංකා ඊ නිවුස්” "ලංකා ඊ නිවුස්”
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අපහාස නඩු 20 illa ain karagena ath.
    lankawe thahanam kare sakkili deshapaluwange redi galawana nisa.

    puluwan nam thahanam wenna hari hethuwak kiyanna mithure??