පබාට ගහන්න 2500/- යි !

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පබාට ගහන්න 2500/- යි !

    පබාගේ සැමියාට ඇපය රුපියල් 2500යි
    පාර්ලිමේන්තු මන්ති‍්‍ර උපේක්ෂා ස්වර්ණමාලීට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ නඩුව ගංගොඩවිල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවේ සිටි ඇයගේ සැමියාට අද අධිකරණය මගින් ඇප ලබා දී තිබේ. රුපියල් 2500 ක මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ. නඩුවේ වැඩිදුර විභාගය මැයි 02 වැනිදාට කල් දමා ඇත. පසුගිය බදාදා දින සැමියාගේ පහර දීම හේතුවෙන් තුවාල ලැබු පාර්ලිමේන්තු මන්ති‍්‍රනී උපේක්ෂා ස්වර්ණමාලි ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය.

    *********
    Thread moved
    from ElaKiri Traveler -> News and Updates
    /Mod
     
    Apr 22, 2008
    202
    5
    0
    පබාට ගහන්න 2500/- යි

    adoo laabai ne ban.. wena eewa gahannath meeta wada ganan eke paba 2500ta uparimama laabai.. :love::love::P:P
     

    sashimal20

    Banned
    Feb 22, 2011
    22
    2
    0
    pabage kathawa awasan

    pba22.jpg




    පබාට පහරදීමක්

    නිවසේ දී සිදු වූ පහරදීමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්තීනි හා යොවුන් නිළි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රෝහල් ගත කර ඇත.ඵ් සිය සැමියා සමගින් ඇතිකරගත් ආරවුලක් දුරදිගයාම නිසාය.මෙය සිදු වී ඇත්තේ ඔවුන් වාසය කළ තලපත්පිටියේ පිහිටි නිවසේ වන අතර කිසියම් ගනුදෙනුවක් සදහා උපේක්ෂා ඵකග කරගැනීමට සිය සැමියා උත්සාහ කළ අවස්ථාවේ මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.මෙය මුලින්ම පැතිරී ගියේ ඇසිඩ් පුහාරයක් උපේක්ෂාට ඵල්ල වී ඇති බවටයි.නමුත් සත්‍ය තත්වය නම් ඇයගේ සැමියා විසින් මුහුණට ඵල්ල කළ පිහි පාරකින් මුහුණේ ඇති වූ යම් කිසි සීරීම් තත්වයක් ඇතිවීම නිසා ‍ඇය රෝහල් ගත කළ බවයි.මේ වන විට ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුවේ ප්රතිකාර ලබන උපේක්ෂා ගෙ තත්වය ඵතරම් අසාධ්‍ය නොවන බවට රෝහල් පොලීසිය පවසයි.ඔහු මීට පෙර කරන ලද පහරදීමක් පිළිබදව උපේක්ෂා පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් පිළිබද වාද විවාදයක්ද මෙම ගැටුමට පාදක වී ඇති බවට ද වාර්තා වෙයි.
    අලුත්ම තත්වය
    updated-feb 17

    ඇය ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ අධීක්ෂණය යටතේ මේ වන විට පසුවන අතර ඊයේ දිනයේ දී විශේෂ ශල්‍ය කර්ම කිහිපයකට ද බදුන් කර තිබෙනවා.මිරිහාන පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය මගින් මෙම සිද්ධිය ගැන ප්රකාශ සටහන් ලබාගෙන ඇති අතර පවුල් ආරවුලක දී කළ හිංසනයක් ලෙස හෝ මන්තීවරියකට කළ පහරදීමක් යන දෙකෙන්ම උපේක්ෂාගේ සැමියා වන මහේෂ් චාමින්ද මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බවට පොලීසිය පවසා සිටියද මේ වනතුරැ ඔහුගෙන් ප්රකාශයක් හෝ ලබාගැනීමට පොලීසිය මේ වනතෙක් අසමත් වී ඇත.ඊයේ දිනයේ දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය විමසද්දී අදාළ සිද්ධිය ප්රතික්ෂේප කරමින් පබා දැන් ගංගාරාමේ ගාව ෂූටින් ඵහෙක ඉන්නේ ඕවා බොරැ කථා යනුවෙන් පවසා සිටි ම‍හේෂ් චාමින්ද මහතා සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමග මේ වන විට අතුරැදහන් වී ඇති බවට වාර්තා වෙයි.

    පබාගේ තත්වය යහපත් අතට
    updated-feb 18

    ඊයේ (17)වනදා ශල්‍යකර්මයකට ද මුහුණ දුන් උපේක්ෂා ගේ තත්වය අද වන විට සුව අතට හැරෙමින් පවතින බවත් ඇගේ තුවාල සුව වීමට දිගු කාලයක් ගතවිය හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.ඵ් අනුව තවදුරටත් ඇය රෝහලේ රැදීසිටිමින් විවේක ගැනීමට නියමිතව ඇත.මෙම තත්වයට හේතු වී ඇත්තේ පබාගේ වම් ඇසේ කළු ඉංගිරියාව අසල අභ්‍යන්තර රැධිර වහනයක් සිදුව ඇති නිසයි.මේ අතර හිංසනයට ලක්කිරීමේ චෝදනාව මත කටඋත්තර දීමට සිද්ධිය වූ දිනට පසුදා උපේක්ෂාගේ සැමියා වන මහේෂ් චාමින්දට මිරිහාන පොලීසිය අමතා කැදවීම් කළ ද මේ වන තෙක් පොලිසියට පැමින නැති බැවින් ඔහු ආගිය අතක් නොමැත.ආණ්ඩුවේ පුබලයෙකු විසින් මෙය යට ගැසීමට උත්සාහ කරමින් සිටින බවට ද රාවයක් පවතී.මෙම සියලුම සිදුවීම් වල මුලාරම්භය සිදු වී ඇත්තේ වැලන්ටයින් දිනයේ දී උපේක්ෂා හිල්ටන් ජෙයික් හෝටලයේ දී යොවුන් නළු සාරංග දිසාසේකර සමගින් නර්තනයේ යෙදීම නිසා බවට මේ වන විට වාර්තා වෙයි.ඵනම් මීට පෙර සිටම උපේක්ෂා හා චාමින්ද මහතා නීතියෙන් වෙන්වීමට සූදානමින් සිටි බවට ද ඵයට ‍හේතුව සාරංග දිසාසේකර සමගින් පවතින අනියම් සම්බන්ධයකැ යි සැක සිතා මෙම පහර දීම් සිදු වූ බවට ද සැකයක් මතු වී තිබෙයි.
    පබාගේ ටිකට් කපයි
    updated-feb 20
    ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි උපේක්ෂා අද උදෑසන ප්රතිකාර නිමවා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.ඇයගේ තුවාල තවමත් සුව වී නොමැති අතර ඇය පිටව යන අවස්ථාවේත් වම් ඇස වටා කළු තැලුම් තත්වයක් දක්නට ලැබුනු බවත් ඇයගේ ඵම තුවාලය සුව වීමට කලක් ගතවනු ඇති බවත් වාර්තා වෙයි.
    පබාගේ සැමියා පොලීසියට භාරවෙයි
    updated-feb 21



    පහරදීමට ලක් වූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ සැමියා වන මහේෂ් චාමින්ද මහතා අද (21) මිරිහාන පොලීසියට භාර වී ඇත.පසුව මේ පිළිබද අවශ්‍ය නීතිමය කියාමාර්ග ගැනීම සදහා සැකකරැ මිරිහාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට භාර දී ඇත.
    උපුටාගැනීම- http://lkgossipnews.blogspot.com/2011/02/upeksha-swarnamali-admitted-in-hospital_18.html