පරණ ඇඳුමක අලුත් පෙනුම රැකගන්න ක්‍රම

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    පරණ ඇඳුමක අලුත් පෙනුම රැකගන්න ක්‍රම

    ඔබ නිතරම අඳින පලඳින හා භාවිතයට ගන්නා රෙදිවල නැවුම් හා සනීපාරක්ෂක බව පවත්වා ගැනීමට ඒවා හොඳින් සෝදා පිරිසුදු කර ගත යුතුය.

    වර්ණය ආරක්ෂා කර ගැනීමට
    විනාකරි ස්වල්පයක් සහිත වතුරේ අලුත් ඇඳුම් පෙඟවා තැබීමෙන් ඒවායේ වර්ණ දියවී යෑම වළක්වා ගත හැකියි. නැත්නම් ලුණු දියර සහිත ජලයේ පොඟවා ගැනීමටත් පුළුවන්.


    අලුත් ඇඳුම් ගෙන ලුණු මේස හැන්දකට වතුර මිශ්‍ර කර එහි බහා තබන්න. එවිට ඇඳුම්වල වර්ණය අව පැහැ ගැන්වීම වැළැකෙයි.
    ඇමෝනියා කෝප්ප 1/2ක් වතුරට මිශ්‍ර කර එම වතුරින් සෝදා ගත් පසුව රෙදිවල දීප්තිමත් පැහැයක් ගත හැකිය.
    රෙදි සේදීමේදී හා පසුව වියළීමේදී ඇතුළු පැත්ත පිටතට හරවා ගැනීමෙන් එහි වර්ණය අවපැහැ ගැන්වීම වැළැකෙයි.
    තද අව් රශ්මියේ වියළීමද සුදුසු නැත.
    තේ කහට කෝප්පයක් වතුරට දමා කළු පැහැති රෙදි සේදීමෙන් අවපැහැ ගැන්වුණු කළු පැහැයට දීප්තිමත් බවක් ගන්න පුළුවන්.


    සුදු රෙදි පිරිසුදු කිරීමේදී
    මෘදු බ්ලීචින් වර්ගයක් සැකසීම
    දෙහි යුෂ කෝප්ප 1/4කට බේකින් සෝඩා කෝප්ප 1/4 හා සේදුම්කාරකයක් මිශ්‍ර කර.
    විනාකිරි කෝප්ප 1 1/2ක් වතුරට දියකර සුදු පැහැති රෙදි සෝදා ගැනීම වඩාත් සුදුසුයි.
    සුදු පැහැය ආරක්ෂා වීමට
    ලොකු භාජනයකට භාගයක් වතුර පුරවා එයට විනාකිරි කෝප්පයක් දමා නටනා තෙක් උණු කර නිවෙන්න හරින්න. දැන් එම වතුරේ සුදු ඇඳුම් රැයක් පොඟවා තබා සාමාන්‍ය පරිදි සෝදා හරින්න.


    සේදුම්කාරක කුඩු කෝප්ප 1/2ක් රෙදි සෝදන යන්ත්‍රයට දමා වතුර පුරවා ඒවා දියවීමට හරින්න. එයට ඇඳුම් බහා එහි භාගයක් පමණ ජලය පුරවා ගන්න. දැන් පැය 1/2කට පමණ පසුව එම ඇඳුම් සේදීමට යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න.
    දැන් හොඳින් හිරු එළිය ඇති විට මෙම රෙදි අව්වේ වියළා ගන්න. එවිට ඉන් බ්ලීචිං ක්‍රියාවලිය ස්වාභාවිකවම සිදුවන අතර ප්‍රසන්න සුවඳක්ද විහිදුවයි.
    ලේස් රෙදිවල සුදු පැහැය රැක ගැනීමට නම් පිළුණු කිරි දියරවලින් ඒවා සෝදා හරින්න.


    කිලිටි මේස්වලට නව පෙනුමක්
    දෙහි යුෂ කෝප්ප 1/2කට උණු වතුර ගැලුමක් එක් කරන්න. එම වතුරේ කිලිටි මේස් දමා රැයක් තබා සෝදා හරින්න.
    බොරැක්ස් කෝප්ප 1/2කට ඔබේ සේදුම් කාරක ස්වල්පයක් හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප 3/4ක් එක්කර සාදා ගන්නා මිශ්‍රණයෙන් රෙදි සෝදා ගන්න.

    ශාලිකා රංගනි සමරදිවාකර
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Mama dawasak school uniform ekata danne nathuwa bleaching godak dala thiyala, passe baladdi eka hil wela thibuna.. :dull:

    anyway thanks for the info! :yes:
     

    choices

    Member
    Dec 21, 2011
    85
    5
    0
    Mama dawasak school uniform ekata danne nathuwa bleaching godak dala thiyala, passe baladdi eka hil wela thibuna.. :dull: