පරණ කෙරුම්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මොන විදිහට කොයි විදිහට කිවුවත්,
    චන්ද තියන්නේ ආණ්ඩුවට වාසි වෙලාවට.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113

    චම්පික යළිත් පිම්මකට සූදානමින් ??​



    FEBRUARY 17, 2023

    champika-ranil-1.jpg


    sharethis sharing button

    පාඨලී චම්පික රණවක යනු මෙරට දේශපාලනයේදී පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් වාර්තා පිහිටවූ දේශපාලනඥයින් අතරින් එක් අයෙකි.
    අනාගත ජනාධිපති සිහිනයක් දකිමින් ඒ සඳහා ඔහු විවිධ පක්ෂ, සන්ධාන, මැතිවරණ පෙරමුණු භාවිතා කරමින් දේශපාලන ගමනක නිරත වූ අතර නිශ්චිත ඡන්ද පදනමක් ද නැති ඔහුගේ පැත්තෙන් ගත් කල එය සෑහෙන තරම් දුරකට සාර්ථක වූ බවත් කිව හැකිය.
    පසුගිය අරගල සමයේදී ද චම්පික කැපී පෙනෙන දේශපාලන නායකයකු වීමට උත්සාහ දැරූ අතර ඔහුට සමීප ආධාරකරුවන් පිරිසක් ගෝල්ෆේස් අරගලය තුළ ඉදිරියෙන්ම ක්‍රියාකාරීව ද සිටි බව දක්නට ලැබිණි. අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පදවියට පත්වෙද්දී ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලැබුණේ ද චම්පිකගේ සමීපතම දේශපාලන ගෝලයා වන ධනුෂ්ක රාමනායකට ය.
    ඒ කාලසීමාව තුළම චම්පික රණවක දේශපාලන පිම්මකට සැරසෙමින් සමගි ජන බලවේගයෙන් ද ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ නමුත් රටේ වාතාවරණය අනුව තීන්දුවක් ගැනීමට පැකිළෙමින් වැනෙනසුළු ස්වභාවයක් ද පෙන්නුම් කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට පක්ෂයක් නොමැතිව අවසානයේ කුඩාම පක්ෂයක් වන කුමාර වෙල්ගම මහතාගේ නව ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට සිදුවීම ය.
    මේ අතර නැවත වතාවක් අරගලකරුවන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් එකතු කරගනිමින් ජාතික හෙළ උරුමය පක්ෂයේ නම “එක්සත් ජනරජ පෙරමුණ” වශයෙන් වෙනස් කර තමන්ගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන පෙරමුණක් ගොඩනැගීමට චම්පික සැලසුම් කර ඇති බවක් ද වාර්තා විය. විපක්ෂයේ බලය ඇල්ලීම සඳහා මෙම පුළුල් පෙරමුණ ගොඩනැගීමට සූදානම් වන බවක් ද කතාබහට ලක්ව තිබිණි.
    කෙසේවෙතත් පෙරේදා (15) දිනයේදී චම්පික රණවක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රහසේ හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී ඔහු ජනාධිපතිවරයාව ෂේප් කරගැනීමට උත්සාහ දරා ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.
    පසුගිය මාස කිහිපය තුළ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩුවේ පතුරු අරිමින්, ආණ්ඩුවට අනතුරු හඟවමින්, අභියෝග කරමින් සිටි චම්පික මෙසේ නැවත වතාවක් වෙනත් පැත්තකට සිග්නල් දමා ඇති බවක් පෙන්නුම් කෙරෙන අතර ඔහුත් සමග අරගල කිරීමට සැරසෙන ඔහුගේ ගෝලබාල තරුණයින්ට නම් වැලේ වැල් නැතිවනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    😁


    - https://sinhala.lankanewsweb.net/02/17/44162/
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පාටලී කියන්නේ ලංකාවේ ඉන්නේ පජාතම එකෙක්. මොකද ඌ උගත් හැබැයි ඒ උගත්කම පාවිච්චි කරලා යටිකූට්ටු ගේම් දෙන්නේ. මේ කතාවේ උනත් කියන කරුණු හරි ඒත් ඒවා පාවිච්චි කරන්නේ තමුන්ගේ ප්‍රයෝජනයට. කොල්ලෙක්ව හප්පන් ගියා වාහනෙන් තාම සාධාරණයක් නැහැ. බොරුවට රියදුරාව හිරේ යැව්වා.