පරණ කෙල්ලව මතක් වෙනවා
කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ . කෝකටත් සම්පුර්ණ කතාවම ලියන්නම් . මට මේකට කරන්න පුළුවන් දෙයක් කියපන් මිතුරේ.
මාත් එක්ක ***** කැම්පස් එකේ ඉන්නවා කොල්ලෙක්, දවසක් මන් ඉන්න ගමන් මුට කිව්වා "මට කෙල්ලෙක් නෑ බන් කෙල්ලෙක් හොයලා දියන්කෝ " කියලා. මු ඊට පස්සේ එක මුගේ කෙල්ලට කියලා තිබ්බා. කෙල්ලගේ යාලුවෙක් ඉන්නවා එයාව Insta follow කරන්න කියලා තිබ්බ. මං 2018 පෙබරවාරි වල ඉදන් කෙල්ලව Insta follow කළා. මැයි මාසේ එක පාරටම කෙල්ල මගේ යාලුවට මැසේජ් එකක් දාල කියල තිබ්බා " අයියේ ******* අයියට මට මැසේජ් එකක් දාන්න කියන්න " කියලා. එදා හවසම මන් කෙල්ලට මැසේජ් එකක් දැම්මා. කෙල්ල ශේප් එකේ මැසේජ් කළා. ඊලග දවසේ අනේ අයියේ මට කෝල් එකක් ගන්නකො කියල එයාම කිව්වා. එදා මම හවස් වෙලා තමා කෝල් එක ගත්තේ (3න් හතර පාරක්ම මට කිව්වා කෝල් එකක් ගන්න කියලා ). එදා මම ෆිල්ම් එකක් බලන්න ගියා . මන් ෆිල්ම් එක බලල ගෙදර එනකොටත් පාන්දර 1.30 (10.30ට පටන් ගත්තේ) මෙයා එදා මන් එනකන් ඇහැරලා ඉන්නවා ආව ගමන් මට කෝල් එකක් දෙන්න අයියේ කියලා කිව්වා. ගෙදර ගිහින් මන් කතා කළා එතකොටත් ඇහැරිලා හිටියේ. ඊලග දවසේ උදේ මට ඔයාව බලන්න ඕනි video call එකක් ගන්නකො කියලා කිව්වා. මාත් අරගත්තා. එදාම මන් කෙල්ලගේ කැමැත්ත ඇහුවා. කාලයක් හොදට ගෙවිලා ගියා. කෙල්ලගේ තාත්තා මට ඇවිත් කතා කරන්න කියල තිබ්බා (affair එක පටන් අරන් හරියටම දවස් 20 ) මන් දවසක් මගේ යාලුවෙකුත් එක්ක කෙල්ලගේ ගෙදර ගිහින් කතා කළා තාත්ත එක්ක කිසිම ප්රශ්නයක් උනේ නෑ කැමති උනා ගෙදරින්. ඊට පස්සේ මන් සැරින් සැරේ ගෙදරත් ගියා. පව්ලේ අය හැමෝම මාත් එක්ක හොදට හිටියා. මාස 1 1/2 එකක් විතර යද්දී කෙල්ලට මොන්ටිසෝරි එකක උගන්නන්න එන්න කියලා කතා කරලා තිබ්බා . මෙයා එකට ගිහින් දවස් 2 ක් තුනක් යනකොට මාර විදිහට වෙනස් වෙන්න ගත්තා . මාව ගණන් ගන්නේ නෑ . බොරුවට මාත් එක්ක රණ්ඩු වෙනවා. ඔහොම මාසයක් විතර ගියා. මාව මානසිකව වැටුනා. ඔෆිස් එකේ සෙට් එකයි යාළුවො ටිකයි මාර ගේමක් දුන්නා මව ගොඩ දාන්න.
දවසක් කෙල්ලගේ අම්මා මට කතා කළා. "අපිටත් තේරුනා පුතේ මෙයාගේ වෙනසක් කලිනුත් ඔහොම එකක් තිබිලා ගෙදරින් කැමැත්ත දුන්නා. ඒ ළමයා තාත්තා එක්ක බිස්නස් පටන් ගත්තා. අවුරුදු දෙකක් විතර යද්දී මෙයා වෙනස් උනා. ඒ ළමයත් බොන්න පටන් ගත්තා එක නිසා. මෙයා එක නිසා කියල අතාරලා දැම්ම ඒ ළමයව . ඊට පස්සේ තව කෙනෙක් එක්ක යාලු උනා. එයාට අපි කැමති උනේ නෑ එත් අවුරුද්දක් විතර එයත් එක්කත් හිටියා. එකත් නැවතුනා. ඊට පස්සේ තමා ඔයා එක්ක යාලු උනේ. " කියලා කිව්වා. මට නිකන් පොල්ලකින් ගැහුවා වගේ. ඔෆිස් එකෙන් මන් එදා නිවාඩු දාලා ගෙදර ආවා.එත් මන් කෙල්ලට ඇත්තටම ආදරේ කළා නේ කියලා මන් පස්සෙන්ම හිටියා.
ඔය ටික වෙද්දී කැම්පස් එකේ වැඩ සේරම මට කෙල වෙලා තිබ්බේ. Project manager දවසක් මට කතා කරලා විස්තරේ ඇහුව මගෙන්. පොරට කිව්වට පස්සේ හිත හැදෙන්න කතා ටිකක් කිව්වා පොර. එත් ගෙදර අවට පස්සේ කෙල්ලව මතක් වෙනව. අම්මලත් අහනවා කෙල්ල ගැන කියන්න දේකුත් නෑ මට. ඉවසලා ඉවසලා බැරිම තැන අම්මට කිව්වා සම්පුර්ණ සිද්දියම අම්මට. අමම හිත හැදුවා මගේ. කලින් වගේම යාළුවො එක්ක ඉන්න ගත්තා . ටික ටික අවුල අඩු උනා. හැබැයි තාමත් affair එක තියෙනවා. එක දවසක් project එකේ වැඩකට එලියට ගිහින ඉද්දි කෙල්ල මට මැසේජ් එකක් දාලා කිව්වා. "මට ඔයාට තවත් ආදරේ කරන්න බෑ මහත්තයෝ " කියලා. කෙල්ලග්ර්න් දෙතුන් පාරක් ඇහුවා මන් එදාම මොකද මේ කියලා. මට බනිනවා ඇරෙන්න වෙන දෙයක් තිබ්බේ නෑ . මන් ආයේ කතා කරන්න ගියෙත් නෑ එදායින් පස්සේ කෙල්ලට . යාළුවො ටික දෙනෙක් ගෙදර ඇවිත් නැවතුනා ඒ දවස් ටිකේ. ඉතින් කොහොමත්ම අව්ලක් තිබ්බේ නෑ . ඔය ටික සේරම උනේ අගෝස්තු අන්තිම සතියේ.
ඊට පස්සේ සැප්තැම්බර් දෙවෙනි සතියේ කෙල්ල මට කතා කළා ආයෙත්. එයාට මාව හම්බෙන්න ඕනි කියලා . මන් ගිහින් හම්බුනා ඉතින් (ගොනා නේ). කෙල්ල අඬ අඬ කතා කළා "අම්මා බැන්නලු, නින්ද යන්නේ නෑලු " ඔහොම කියා කියා. මටත් දුක හිතිලා ඉතින් ආයෙත් පටන් ගත්තා affair එක . එත් දවස් හතරක් පහක් යද්දී කෙල්ල ආයෙත් අර මුලින් වගේම මාව ගණන් ගන්නේ නෑ. කිසිම තේරුමක් නැති දෙයක් කියලා මට තේරුණා. මන් කෝල් එකක්වත් නොදී හිටියා. කෙල්ල කතා කලෙත් නෑ . ඔහොමම ඉවර උනා ඒක .
හැබැයි කෙල්ල මට උපන්දිනේ දවසේ විශ් කළා, ඊට පස්සේ මගේ නම්බර් එකත් delete කරලා දාල තිබ්බ. මාත් වැඩකට නැති නිසා delete කරලා දැම්මා. මේ ලගකදී ඉදන් කෙල්ල IMO status දානවා. මාව insta unfollow කරලා තියෙන්නේ එත් මන් දාන stories බලනවා, මේ දේවල් නිසා මට කෙල්ලව නිතරම ආයෙත් මතක් වෙනවා. එහෙම උනාම හරි අමාරුයි. කාටවත් කියන්නත් බෑ හිනා වෙයි කියල. මොකක්ද කරන්නේ මන් සැහෙන්න අව්ලෙන් ඉන්නේ මේ ටිකේ.

ගහමුද MTA ආයෙත් 

sira