මචන් මම ලංකාවේ ඔෆිස් එකේ වැඩ කරනකොට තිබ්බ සිද්දියක් මතක් උනා. මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මකව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මොකද මේ වගේ දේවල් දුලබද සුලබද දන්නේ නැහැ ඒත් කවද හරි අනාගතයේ මෙවැනි පුද්ගලයෙකු හමු වුවහොත් අපි මනෝ විද්‍යාත්මකව කටයුතු කරන්න ඕනේ කොහොමද කියල දැන ගන්න ඕනේ.
ඉස්සර මම ඉන්ටර්න් එකෙන් පස්සේ associate SE විදිහට වැඩකලේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ සමාගමක. ඒ කම්පනිය ඒ වෙනකොටත් වසර 20 විතර පරණ එකක්. SE and QA ඔක්කොම හිටියේ 25 වගේ. ඔක්කොම ප්‍රොජෙක්ට් කලේ Dubai, Saudi Arabian, Germany වගේ රටවල තියන ලොකු සමාගම් වල systems. සැලරිත් ලංකාවේ අනෙක් Software company වලට සාපේක්ෂව ගොඩක්ම හොදයි. ඉහල වැටුප් ගෙවුවේ. හැමෝටම හොඳයි. එතන ගන්නේ associate ලෙවල් එකෙන් විතරයි. ඉන්ටර්න්ලා ගන්නෙත් නැහැ.
අපේ බොස් ඒ දවස්වල වයස 42 වගේ වෙන පොරක්. මිනිහට හරිම ස්මාර්ට් විදිහට අඳිනවා. ලස්සනට ඉන්න කෙනෙක්. තරුණ පෙනුමක් තිබ්බේ. පොරගේ වයිෆ් ඩොක්ටර් එකෙන්. වයිෆ් ඉන්නේ ඒ දවස් වල foreign training ගිහින් එංගලන්තේ. බොසා තනියම ඉන්නේ ලංකාවේ. ලොකු ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන පොරක්. ඉන්නෙත් ලොකු ලක්ෂරි ලෙවල් එකේ ගෙදරක. ගෙදර වැඩටම ඉන්නවා සෙවකයො 4 වගේ. හැමබ්යි මිනිහ හරිම නිහතමානි පොරක්. ශෝබන දාන්නේ නැහැ .
ඉතින් ඔෆිස් එකේ වැඩ කළා SE ගෑනු ළමයෙක්. කෙල්ල මාරම බුලට් එකක් . හොදටම වැඩ පුළුවන් කෙනෙක්. ටීම් එක ලීඩ් කරන්නෙත් මෙයා. මේ කෙල්ල වැඩට ඇවිල්ලා අවුරුද්දකට විතර පස්සේ සැහෙන වෙනස් වෙන්න ගත්තා.. වෙලාවකට ඔලුව රිදෙනවා කියල සික් රුම් එකට ගිහින් ඉන්නවා. වැඩ කරන අනෙක් අයත් එක්ක ප්‍රශ්න දාගන්නවා . හැම තිස්සෙම ඉතාම සුලුදෙයකට පවා අනෙක් SE එක්ක ප්‍රශ්න දාගන්නවා. බොස් එක්ක විශේෂයෙන් නිතරම ප්‍රශ්න දාගන්නවා. බොස්ටත් බනිනවා ප්‍රසිද්දියේ. ඒත් බොසා සද්ද නැතිව ඉන්නවා මෙයට වැඩ පුළුවන් නිසා. බොසා බයයි මෙයා දාල ගියොත් ඔකොම කොට උඩ නිසා. ඉතින් බොසත් සද්ද නොකර ඉන්නවා.
දිනෙන් දින මේ තත්වය සැහෙන උග්‍ර වෙනවා. බොස් කෙල්ල කරන වැඩවලට අවධානය නොදුන්නොත් කෙල්ල රණ්ඩු කරනවා. කෙල්ලට ඕනේ බොස් එයාගේ වැඩ වලට අවධානය ගන්න. වෙන වැඩ කරන SE අයගේ හොඳ කියනවට කැමති නැහැ. වෙන SE අය එක්ක බොස්ල ලඟින් වැඩ කරනවට . කෙටියෙන්ම කියනවනම් බොස් ඉන්න ඕනේ මේ ගර්ල් එක්ක විතරයි කියන මතයේමයි ඉන්නේ.
පස්සේ ඔෆිස් එකේ ට්‍රිප් එකක් ගියා කට්ටිය. මේ ගර්ල් ට ගෙවල් වලින් එලියට යන්න දෙන්නේ නැහැ. කවදාවත් යාලුවෝ ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. අම්මල තාත්තලා පස්සෙන්මයි. ඒවගේම පොඩ්ඩක් රෑ උනත් කෑගහනවා. ඔෆිස් එකට හැමදාම තත්තා කාර් එකෙන් ගෙනල්ලා දානවා. අපහු හවසට ගනනාව. මේ කෙල්ලට කිසිම පුද්ගලිකත්වයක් නැහැ නිදහසක් නැහැ.
ඔෆිස් එකේ බොස් ඔෆිස් එකේ කට්ටිය එක්ක ට්‍රිප් එකක් ගියා නුවර දවස් දෙකක. කෙල්ලට ගෙදරින් එන්න දුන්නේ නැහැ. පස්සේ කෙල්ල සතියකින් හෝ දෙකකින් වහ බිවුවා ලියුමක් ලියල. ලියුමේ තිබ්බේ ඔෆිස් එකේ බොස් අනෙක් අය එක්ක ට්‍රිප් ගියා. එයා ගැන හිතුවේ නැහැ. එයා ගැන හිතනවානම් එක දවසක ට්‍රිප් එකක් යන්න තිබ්බ. ඒ කියන්නේ උදේ ගිහින් හවස එන්න. එහෙමනම් එයටත් එන්න තිබ්බා කියලා.
අන්තිමට කෙල්ල වස බිවුවා. ලියුමේ ලියලා තිබ්බේ ඔෆිස් එක එයාට අපායක් කියලා. ඔෆිස් එකෙන් අස් වෙන්නේ නැත්තේ ඔෆිස් එකේ බොස් පව් කියල. පස්සේ වහ බිවුවම ගෙවල් වල මිනිස්සු නෑයෝ ගේම ඉල්ලගෙන ඔෆිස් එක වැටලුවා. පස්සේ ඔෆිස් එකේ අය සිද්දිය දන්නා නිසා අපි එකතු වෙලා උන්ව එලෙවුවා පොලු අරගෙන.
පස්සේ කෙල්ල වාසනාවකට බේරුනා වස බිලා. ICU දාල හෙන ගේමක් දීලා බේරුවා.
අපි අනිවාර්යයෙන්ම දන්නවා බොසා සහ කෙල්ල අතර සම්බන්ධයක් තිබ්බේ නැහැ කියලා. මේක වෙනස් මානසික තත්වයක්

Last edited: