පරණ ෆොටෝ එකතුව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     
    • Like
    Reactions: aneasarayana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    මිහිර පත්තරය නිකුත් වෙන්නේ සෑම සඳුදාවකම බව අප සැම දන්නා කරුණක්. නමුත්, අතීතයේදී (1965-70 ඩඩ්ලි සේනානායක රජය කාලයේදී ) සෙනසුරාදා ඉරිදා වෙනුවට පෙර පෝ දා සහ පෝය දා නිවාඩු ලබා දුන්නා. එවිට මිහිර පත්තරය නිකුත් උනේ 'පසු පෝ දා' හෙවත් පෝයට පසු දිනයි. නමුත් මේ පින්තුරයේ තියන පත්තරය නිකුත් කර තිබෙන්නේ 1971අප්‍රේල් 25 වන 'ඉරිදායි'. මේ කියන 25 දා 'පසු පෝය' දවසකුත් නොවෙයි, අමාවක පොහොය දවසයි. මේ සියලුම දේවල් සලකා බැලූ විට මට හිතෙන්නේ, මේ කාලයේදීත් ක්‍රියාත්මක වෙන්න ඇත්තේ පෙර පෝය හා පෝය නිවාඩුව බවත්, මේ පත්තරය නිකුත් විය යුතුව තිබුනේ 26 වන පසු පෝය දා බවත් කියලයි. අප්‍රේල් කැරැල්ල නිසා බොහෝ පත්තර (දිනපතා පුවත් පත් ඉතාම සුළු ප්‍රමාණයක් මුද්‍රණය කර කොළඹ හා පිටපළාත් වල ප්‍රධාන නගර වල පමණක් බෙදා හැරුණත් මිහිර වැනි සතිපතා පුවත්පත් මුද්‍රණය සහමුලින්ම නවතා දමා තිබුනා) මුද්‍රණය නවතා නැවත ආරම්භ කිරීමේදී නිකුත් කරන දිනය ගැන එතරම් සැලකීමක් නොමැතිව, මුද්‍රණය කිරීමට හැකියාව ලැබුණු වහාම ඒවා මුද්‍රණය කර බෙදා හැරිය බවයි. ඒ අනුව අප්‍රේල් කැරැල්ලෙන් පසු පළමු වරට නිකුත් කරන්න ඇත්තේ මේ මිහිර පත්තරයයි.එහෙම බැලුවාම මේ පත්තරය තවත් එක පරණ පත්තරයක් නොවෙයි, විශාල ඉතිහාස කතාවක් කියැවෙන පත්තරයක්.
     
    • Like
    Reactions: Pessimist and euler