පරන Game console එකක් restore කරමු - Nintendo Super Famicom Restoration

කණියා

Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    පරන Game console එකක් restore කරමු - Nintendo Super Famicom Restoration

    Nintendo Super Famicom කියන්නේ 1990දි විතර release වෙච්ච game console එකක්. Super Nintendo කියන console එකේ Japanese version එක තමයි මේ Super Famicom කියන නමින් ආවේ.

    snes.jpg


    වම් පැත්තේ තියෙන්නේ super famicom එකක්. දකුනේ super nintendo එකක්.

    Retro Technology වලට මම ක‍ොහොමත් කැමති නිසා මම මේ console එකක් හොයමින් ඉන්නකොට Super Famicom කියන Japanese console එකක් හම්බුනා. මේක untested unit එකක්. මට හම්බෙනක‍ොට නම් power supply දීලා on කරාම power LED එක on උනා. Japanese නිසා Power pack එක 110v, video format එක NTSC. Game Cartridge එකක් නැතුව කොහොමත් console එක වැඩ කරන්නෙ නෑ. Japanese console එකක් නිසා Region ගැටලුවකුත් තියෙනවා. මේකට වැඩ කරන්නේ Japanese region එකට release කරපු game cartridge විතරයි. කොහොම හරි Ebay එකෙන් super mario collection කියන game cart එකත් ගෙන්නගෙන console එක test කරන්න ගත්තා. Power supply එක 110v නිසා මම original power supply එක වෙනුවට මගේ bench power supply එක පාවිච්චි කලා.

    Power on කරාම Video වැඩ කරන්නේ නෑ. Audio ‍වැඩ. මේ symptom අනුව නම් Console එකේ ලොකු ගැටලුවක් නෑ කියන එක හිතන්න පුලුවන්. නැත්තං sound එන්න විදිහක් නෑ. ඊලග කාර්යය තමයි console එක Disassemble කරලා logic board එක ගලවන එක.

    board.jpg


    Logic board එක ගලවපු ගමන් දකින්න තිබ්බ දෙයක් තමයි අවුරුදු 28කට වඩා පරන capacitors leak වෙලා ඔක්සයිඩ් බැඳිලා තිබුන එක. ඒකෙනුත් video side එකේ caps ලීක් වෙලා board එකේ traces පවා corrode වෙලා තිබෙන බව පේන්න තිබුනා.



    උඩ තියේන්නේ oxide බැඳුන ඒවා contact cleaner වලින් සුද්ද කරාට පස්සෙ ගත්ත photo එකක්. ආයෙත් බෝඩ් එක ඇසෙම්බල් කරලා power දීලා බැලුවත් වෙනසක් තිබුනේ නෑ. ඒ නිසා මම ඊලග option එකට යන්න තීරණය කලා. ඒ තමයි capacitors ටික මාරු කරන එක. Recapping කරනවා කියලා තමයි සාමාන්‍යයෙන් මේකට කියන්නේ. Recapping කරන අතරතුර කැඩිලා තිබුන traces ටිකත් repair කරලා දැම්මා. මේකෙ තියෙන surface mounted capacitors වෙනුවට මම වෙලඳපොලේ සාමාන්‍යයෙන් ගන්න තියෙන leaded capacitors තමයි පාවිච්චි ක‍ලේ.









    මේ PCB එක dual layer PCB එකක්. Capacitors ලීක් වෙලා තිබ්බ තැන PCB layer දෙක සම්බන්ධ කරන Via path වැඩ කරේ නෑ. ඒ නිසා Via හරහා පුංචි කම්බියක් යවල‍ා දෙපැත්තේ solder කරන්න උනා. ‍ මේ වැඩේ කරන්න පහසු වෙන්න නම් solder flux එහෙම පාවිච්චි කරන්න ඕන.

    soldering ඉවර උනාට පස්සේ මම ආයෙත් contact cleaner වලින් solder කරපු ප්‍රදේශය පිරිසිදු කලා. ඉක්මනින් වේලගන්න ඕන නිසා පාවිච්චි කලේ hair dryer එක.

    දැං ආයෙත් ඔක්කොම සෙට් කරලා TV එකට console එක AV cable වලින් connect කරලා game cart එකත් දාලා Power ON කලා.

    IMG20181007161005.jpg


    වැඩේ අති සාර්ථකයි. කිසිම noise එකක් නැතුව Composite video signal එක ඉතා හොඳින් ලැබෙනවා.

    IMG20181007161010.jpg


    දැං ඉතිං Super Mario අ‍ායෙත් play කරන්න පටන් ගන්න වෙනවා :P නැවතත් මේ වගේ restoration එකකින් හමුවෙමු.


    ඉස්සුවේ මගේ blog එකෙන්
    http://www.kaniya.info/2018/10/nintendo-super-famicom-restoration.html
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    PC ekata emulator eka dagatta nam 5min job ekak ban.. aparade ochchara nahune. joystick walin play kannath puluwan.
     

    ranganatennakoon

    Junior member
  • Oct 6, 2018
    35
    4
    8
    widescreen ne ban lap depatta kalu wenawa,(aluth LCD TV TH AWUL) eth tv eka loku nisa awulak na. lape anika set wela issara wage tv eka issraha sellam karana eka supri,:lol::lol:
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    PC ekata emulator eka dagatta nam 5min job ekak ban.. aparade ochchara nahune. joystick walin play kannath puluwan.

    ඒක හරි මචං. මම ඒත් මේ restoreation එක කලේ old technology වලට තියෙන ආසාවට. හරියට ග්‍රැමපෝන් එකකිං සිංදු අහනවා වගේ වැඩක්. කට්ටක් තමයි. ඒත් ඒකෙත් ආස එකාට පට්ට ආතල් එකක් තියෙනවා.;)

    niyamai eloooo,mata mehema sin ekak set wuna,


    Nintendo - NES Emulators https://www.zophar.net/linux/nes.html
    All NES Game rom | https://www.nesconsole.com/all-nes-games/

    raspberry pi zero or banana pi ekkak gattanam game maratahaki.... :D


    windows walata NES Emulator ekak bala wade karahaki eth TV eka tharam gathiyak na machooo... man karala baluwa.....

    මම මචං දැනට Raspberry pi Zero එකකිං පෝටබල් කොන්සෝල් එකක් හදාගෙන යන ගමන් ඉන්නේ. ඉවර උන ගමන් ඒකෙ විස්තර දාන්නම්.
    :yes::yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    කණියා;23718496 said:
    ඒක හරි මචං. මම ඒත් මේ restoreation එක කලේ old technology වලට තියෙන ආසාවට. හරියට ග්‍රැමපෝන් එකකිං සිංදු අහනවා වගේ වැඩක්. කට්ටක් තමයි. ඒත් ඒකෙත් ආස එකාට පට්ට ආතල් එකක් තියෙනවා.;)



    මම මචං දැනට Raspberry pi Zero එකකිං පෝටබල් කොන්සෝල් එකක් හදාගෙන යන ගමන් ඉන්නේ. ඉවර උන ගමන් ඒකෙ විස්තර දාන්නම්.
    :yes::yes:

    Aniwa dannooo :cool:
     
    • Like
    Reactions: කණියා