පරන Game console එකක් restore කරමු - Nintendo Super Famicom Restoration
Nintendo Super Famicom කියන්නේ 1990දි විතර release වෙච්ච game console එකක්. Super Nintendo කියන console එකේ Japanese version එක තමයි මේ Super Famicom කියන නමින් ආවේ.
වම් පැත්තේ තියෙන්නේ super famicom එකක්. දකුනේ super nintendo එකක්.
Retro Technology වලට මම කොහොමත් කැමති නිසා මම මේ console එකක් හොයමින් ඉන්නකොට Super Famicom කියන Japanese console එකක් හම්බුනා. මේක untested unit එකක්. මට හම්බෙනකොට නම් power supply දීලා on කරාම power LED එක on උනා. Japanese නිසා Power pack එක 110v, video format එක NTSC. Game Cartridge එකක් නැතුව කොහොමත් console එක වැඩ කරන්නෙ නෑ. Japanese console එකක් නිසා Region ගැටලුවකුත් තියෙනවා. මේකට වැඩ කරන්නේ Japanese region එකට release කරපු game cartridge විතරයි. කොහොම හරි Ebay එකෙන් super mario collection කියන game cart එකත් ගෙන්නගෙන console එක test කරන්න ගත්තා. Power supply එක 110v නිසා මම original power supply එක වෙනුවට මගේ bench power supply එක පාවිච්චි කලා.
Power on කරාම Video වැඩ කරන්නේ නෑ. Audio වැඩ. මේ symptom අනුව නම් Console එකේ ලොකු ගැටලුවක් නෑ කියන එක හිතන්න පුලුවන්. නැත්තං sound එන්න විදිහක් නෑ. ඊලග කාර්යය තමයි console එක Disassemble කරලා logic board එක ගලවන එක.
Logic board එක ගලවපු ගමන් දකින්න තිබ්බ දෙයක් තමයි අවුරුදු 28කට වඩා පරන capacitors leak වෙලා ඔක්සයිඩ් බැඳිලා තිබුන එක. ඒකෙනුත් video side එකේ caps ලීක් වෙලා board එකේ traces පවා corrode වෙලා තිබෙන බව පේන්න තිබුනා.
උඩ තියේන්නේ oxide බැඳුන ඒවා contact cleaner වලින් සුද්ද කරාට පස්සෙ ගත්ත photo එකක්. ආයෙත් බෝඩ් එක ඇසෙම්බල් කරලා power දීලා බැලුවත් වෙනසක් තිබුනේ නෑ. ඒ නිසා මම ඊලග option එකට යන්න තීරණය කලා. ඒ තමයි capacitors ටික මාරු කරන එක. Recapping කරනවා කියලා තමයි සාමාන්‍යයෙන් මේකට කියන්නේ. Recapping කරන අතරතුර කැඩිලා තිබුන traces ටිකත් repair කරලා දැම්මා. මේකෙ තියෙන surface mounted capacitors වෙනුවට මම වෙලඳපොලේ සාමාන්‍යයෙන් ගන්න තියෙන leaded capacitors තමයි පාවිච්චි කලේ.
මේ PCB එක dual layer PCB එකක්. Capacitors ලීක් වෙලා තිබ්බ තැන PCB layer දෙක සම්බන්ධ කරන Via path වැඩ කරේ නෑ. ඒ නිසා Via හරහා පුංචි කම්බියක් යවලා දෙපැත්තේ solder කරන්න උනා. මේ වැඩේ කරන්න පහසු වෙන්න නම් solder flux එහෙම පාවිච්චි කරන්න ඕන.
soldering ඉවර උනාට පස්සේ මම ආයෙත් contact cleaner වලින් solder කරපු ප්‍රදේශය පිරිසිදු කලා. ඉක්මනින් වේලගන්න ඕන නිසා පාවිච්චි කලේ hair dryer එක.
දැං ආයෙත් ඔක්කොම සෙට් කරලා TV එකට console එක AV cable වලින් connect කරලා game cart එකත් දාලා Power ON කලා.
වැඩේ අති සාර්ථකයි. කිසිම noise එකක් නැතුව Composite video signal එක ඉතා හොඳින් ලැබෙනවා.
දැං ඉතිං Super Mario අායෙත් play කරන්න පටන් ගන්න වෙනවා
නැවතත් මේ වගේ restoration එකකින් හමුවෙමු.
ඉස්සුවේ මගේ blog එකෙන්
http://www.kaniya.info/2018/10/nintendo-super-famicom-restoration.html

නැවතත් මේ වගේ restoration එකකින් හමුවෙමු.ඉස්සුවේ මගේ blog එකෙන්