පරමාණුවේ චලනයෙන් හෙලිවන බුදුදහමේ සත්‍ය

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පරමාණුවේ චලනයෙන් හෙලිවන බුදුදහමේ සත්‍ය

    වර්තමානයේ විද්‍යාව හා බුදු දහම පිළිබඳ ව විවිධ මාධ්‍යවලින් විවිධාකාර ව සාකච්ඡා කර ඇත. ඒ මෙය ඉතා වැදගත් හා ආකර්ෂණීය මාතෘකාවක් වන බැවිනි. මෙ ම ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ බුදු දහමේ හි සඳහන් ඇතැම් කරුණු විද්‍යාව මගින් පැහැදිලි වන අවස්ථා පිළිබඳ ව ඔබ ගේ අවධානය යොමු කරවීම ය.. :) :)


    547085_417370401713711_1959415351_n.jpg



    වර්තමානයේ නූතන විද්‍යාව සමග අවම වශයෙන් ගැටුම් ඇති කර ගනිමින් බැබළෙමින් බුදුදහම විරාජමාන ව සිටියි. ලොව බොහෝ ආගම් විද්‍යාත්මක සොයා ගැනීම් හමුවේ බිඳවැටෙමින් පවතින බව නො රහසකි. නමුත් විද්‍යාව සමග බුදුදහම වඩා ත්, බැබළීම ට පත් වී ඇති බව කිව යුතු ම ය.

    බුදුදහම, විද්‍යාව ට එකඟ දැ යි යමෙක් ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක් ද ? "ඔව්" හෝ "නැත" යන්න පමණි. ඔබ ගේ පිළිතුර "ඔව්" නම් එය ඔබ ට පැහැදිළි කළ හැකි ද? ඒ විට බොහෝ දෙනෙකු ගේ පිළිතුර වන්නේ "නො හැක" යන්න ය. එය ට හේතු දෙකක් ඇත. එකක් නම් විද්‍යාව නො දැනීම යි. අනෙක නම් බුදුදහම නො දැනීම යි. මෙ ම ලිපියෙන් උත්සහ කරන්නේ බුදුදහම හා විද්‍යාව යන කොටස් දෙක ම පිළිබඳ ව මනා අවබෝධයක් ලබා දීම ය. එ බැවින් විද්‍යාව පිළිබඳ ව යම් දැනුමක් තිබීම මෙ ම ලිපිය තේරුම් ගැනීම ට පහසුවක් වනු ඇත. එ සේ නොමැති වුව ද , උත්සාහයෙන් තේරුම් ගනිමින් කියවන ඕනෑ ම අයෙක් හට තේරුම් ගැනීම ට හැකි පරිදි හැකි තාක් සරල ව ලියන්න ට උත්සහ කරන්නෙමි. මෙය තනි ව ම කළ හැකි ක්‍රියාවක් නො වේ. එ බැවින් මෙය ට අනෙකුත් වෙබ් අඩවිවල ඇති ලිපි කිහිපයක් ද, සම්බන්ධ කරගනිමින් ලියන්න ට යෙදුනි. එ ම ලිපි ඉතා මහන්සියෙන් සකස් කළ සියලු දෙනා ට පළමු ව පුණ්‍යානුමෝදනාව පිරිනමමින් අපි මාතෘකාව ට එළඹෙමු.

    ජාති, ජරා,ව්‍යාධි,මරණ.........

    අප ගේ කන ට හුරු පුරුදු වචන හතරක් මාතෘකාව ට යොදා ඇත. මෙය පටිච්ඡ සමුප්පාද ධර්මයේ කොටස් කිහිපයකි. අප කුඩා කල සිට ම ඉපදීම, වයස ට යාම, ලෙඩ වීම, මරණය ට පත් වීම, යන කරුණු පිළිබඳ ව දැන සිටියි. නමුත් එ සේ වන්නේ කවදා සිට ද? කොයි මොහොතේ සිට ද? මෙය ආරම්භ වන තැනක් අප ට සොයා ගත නො හැකි ය. වසර 2600 ට පෙර බුදුරදුන්පටිච්ඡ සමුප්පාද ධර්මය ට අනුව මෙය විග්‍රහ කර ඇත.

    සත්ව සෛලයක්නමුත් මෙය විද්‍යාවෙන් සනාථ කර ගන්නේ කෙ සේ දැ යි අපි බලමු. අප ගේ සිරුර ගැන සිතුවහොත් එය සෑදී තිබෙන්නේ විවිධ පද්ධති, අවයවවලින් ය. අවයව සෑදී තිබෙන්නේ පටකවලින් ය. පටක සෑදී තිබෙන්නේ විවිධ සෛල එක් වීමෙනි. එ තැනින් නො නැවතී තවදුර ට ත්, සෛලය තුළ ට ගමන් කරමු.සෛල සෑදී ඇත්තේ ඉන්ද්‍රයිකාවලින් ය.ඉන්ද්‍රයිකා සෑදී ඇත්තේ අණු සංයෝගවලිනි.අණු සංයෝග සෑදී ඇත්තේ පරමාණුවලිනි. පරමාණුවලිනුත් නො නැවතී තවදුර ට ත්, ගැඹුර ට ගියහොත්, පරමාණු සෑදී ඇත්තේ උපපරමාණුක අංශුවලිනි. තව ත්, බෙදීම ට යමක්‌ ඉතිරි ව නැති නිසා මෙ තැනින් නතර වෙමු.

    පරමාණුවක ව්‍යුහය

    උප පරමාණුක අංශු පිළිබඳ ව විග්‍රහ කළහොත් පරමාණුව සමන්විත වන්නේ ඉලෙක්ට්‍රොන, නියුට්‍රොන, ප්‍රෝටෝන හා තව ත්, අංශු වර්ග කිහිපයකින් ය. නියුට්‍රොන, ප්‍රෝටෝන පරමාණුව මාධ්‍යයේ ඉතා කුඩා අවකාශයක පැතිරී ඇත. එ ම නියුට්‍රොන, ප්‍රෝටෝන එකතුව නියුක්ලියෝන නම් වන අතර එය වටා කාක්ෂිකවල ඉලෙක්ට්‍රොන චලනය වෙමින් පවතී. මේ කරුණු ඇතැම් විට ඔබ ට හුරු පුරුදු නො වූ කරුණු විය හැකි ය. මේ සඳහන් කළේ මාතෘකාව ට ප්‍රවේශ වීම සඳහා ය. පහත දක්වා ඇත්තේ ද, පරමාණුව පිළිබඳ ව ය.ඉහත සඳහන් කළ කරුණු යම් කෙනෙකු ට තේරුම් ගැනීම ට අපහසු වූයේ නම් තේරුම් ගැනීම සඳහා මෙය උපකාරවත් වනු ඇත.

    ඉහත සඳහන් කළ ඉලෙක්ට්‍රෝන චලනයන් පිළිබඳ අධ්‍යනයේ දී තහවුරු වී ඇති වැදගත් ම කරුණක් වන්නේ ඉලෙක්ට්‍රෝන ඉතා ඉක්මනින් කාක්ෂිකවල භ්‍රමණය වන බව යි. විද්‍යාවේ දී ඉලෙක්ට්‍රෝන අංශුවක් ලෙස නො සලකා ඉලෙක්ට්‍රෝන වලාවක් ලෙස පවතින බව උපකල්පනය කරන්නේ ද, එ ම අධික චලනයන් නිසා ය. එ මෙන් ම පරමාණුව ඉතා ඉක්මනින් වෙනස් වීම මේ අනුව සිදු විය හැකි ය. එ සේ නම් පරමාණුවලින් ම සැකසී ඇති අප ගේ ශරීරය හා විශ්වයේ ඇති සියලු ම පදාර්ථයන් ද, ක්ෂණයක් පාසා වෙනස් විය යුතු ය. බුදුරජාණන් වහන්සේ මෙ ම රූප කලාපවල වෙනස්වීම චිත්තක්ෂණ දාහතක කාලයක් තුළ සිදු වන බව දේශනා කර ඇත.
    නමුත්‍ අප ගේ සිරුර දෙස හෝ වෙනත් යමක්‌ දෙස බැලූ බැල්ම ට එය වෙනස් වනවා ය යි අප ට කිව නො හැකි ය. ඔබ කණ්නාඩියක් අසල ට ගොස් ඔබේ මුහුණ දෙස මිනිත්තුවක් බලා සිටි විට පෙනෙන්නේ කුමක් ද? ඔබේ මුහුණ පමණි. නමුත් එ හි වෙනස්වීමක් දැකිය හැකි වන්නේ නැත. හේතුව අප ගේ ඇස් එ තරම් සංවේදී නො වීම යි. අපේ ඇස් අපි ව රැවටීම යි.

    බුදු දහමේ ඉගැන්වීම්වල ක්ෂණික මරණය හා සම්මුති මරණය යනුවෙන් මරණයන් දෙකක් දක්නට ලැබේ.උපාදානස්කන්ධ සංයුතිය ලෙස හැඳින්වෙන ශක්ති විශේෂය ක්ෂණයක් පාසා බිඳෙමින් හා නැවත හටගනිමින් ඉදිරියට ගලා යයි.ඇසිපිය ගසන කාළයක් තුළ බොහෝ වාර ගණනක් මෙය සිදුවේ.මෙය ක්ෂණික මරණයයි.මෙය ඉතා සියුම් ශක්ති විශේෂයක කාර්යයක් වන හෙයින් ඉන්ද්‍රීයයන්ට හසු නොවෙයි

    අපේ සිරුර වෙනස් වන අයුරු ක්ෂණික ව දැකිය නො හැකි වුව ද, යම් කාලයක ට පසු ව ඉතා හොඳින් පෙනෙයි. උදාහරණයක් ලෙස අපි කුඩා අවදියේ සිටයේ කෙසේ ද, දැන් තත්වය කෙසේ ද, කියා ඔබ ට ම පෙනෙනු ඇත. ඉතා ක්ෂණික ව සිදුවන අන්වක්ෂිය වෙනස්වීම් අප ට නො පෙනුන ද, ඒ හරහා දීර්ඝ කාලයක ට පසු ව සිදුවන විශාල වෙනස්වීම් අප ට ඉතා හොඳින් දෘශ්‍යමාන වන්නේ ය.

    මේ අනුව බුදුදහමේ දේශිත අනිත්‍ය ලක්ෂණය, මොහොතක්‌ පාසා ලෝකය වෙනස් වන බව, විද්‍යාව ට අනුව මෙ සේ තහවුරු කර ගත හැකි ය.

    බුදු දහම පුරාවටම දැක්වෙන්නේ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම යන කාරනයයි. ඒ අනුව ක්ෂණික මරණය ලෙස හැදින්වෙන්නේ මේ කියන පරමාණුව තුල ඇතිවන වෙනස්වීමයි. බලන්න පින්වත් යාලුවනේ බුදු දහම මොනතරම් ප්‍රායෝගිකද කියල.

    දැන් තේරෙනව නේද බුදු දහමෙන් කියවෙන සබ්බේ සංඛාරා අනිච්චා...
    කියන කාරණය මොනතරම් සත්‍යයක්ද කියල.


    අන්තර්ජාලය ඇසුරිනි.
    උපුටන : එරන්ද ලක්මාල්ද සිල්වා




    අනන්ත බුදුගුන බෙලෙන් තුන්ලොවම සැනසේවා ... ... ... :) :)



    :love::love: tshirtZ :love::love:



     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    photodune-966275-doctor-using-defibrillator-on-patient-s.jpg


    ඇතුලෙ අවුලකින් හදවත නතර වෙච්ච කෙනෙක්ට defibrillator එකෙන් දුන්නහම ආයි පණ එන සීන් එක ගැන බුදු දහමට එකඟ වෙන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ මාත් ඊයෙ පෙරේද.

    දන්න කෙනෙක් කියන්නකො. මේ ක්ෂණික මරණ කතාවත් එනවද
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    budu saranai




    photodune-966275-doctor-using-defibrillator-on-patient-s.jpg


    ඇතුලෙ අවුලකින් හදවත නතර වෙච්ච කෙනෙක්ට defibrillator එකෙන් දුන්නහම ආයි පණ එන සීන් එක ගැන බුදු දහමට එකඟ වෙන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ මාත් ඊයෙ පෙරේද.

    දන්න කෙනෙක් කියන්නකො. මේ ක්ෂණික මරණ කතාවත් එනවද

    rep dunna...4+ .. sahenna watina lipiyak...


    ගොඩක් ස්තුතියි මචෝ rep back++ ;) ;)
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    photodune-966275-doctor-using-defibrillator-on-patient-s.jpg


    ඇතුලෙ අවුලකින් හදවත නතර වෙච්ච කෙනෙක්ට defibrillator එකෙන් දුන්නහම ආයි පණ එන සීන් එක ගැන බුදු දහමට එකඟ වෙන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ මාත් ඊයෙ පෙරේද.

    දන්න කෙනෙක් කියන්නකො. මේ ක්ෂණික මරණ කතාවත් එනවද

    මට හිතෙන විදියට හදවත නතර වෙලා ටික වෙලාවක් යනකන් මනුස්සයෙක් මැරෙන්නේ නැහැ, පණ යන්නේ නැහැ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බොහොම ස්තුතියි මචන්...... !
    උඹට තෙරුවණ් සරණයි.........!