පරසක්වල-ග්‍රහලෝක-1

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    පරසක්වල-ග්‍රහලෝක-1

    පරසක්වල ග්‍රහලෝක
    exoplanet-transit.jpg

    සමාන්‍යයෙන් අපි දන්නේ අපි හිතාගෙන ඉන්නේ ග්‍රහලෝක කිව්වම බුද, සිකුරු කුජ , සනි ගුරු ,යුරේනස් ,නෙප්චූන් සහ පොළොව කියන අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක විතරයි කියලා . ඒත් අපි නොදන්නවා වුනාට අපිට පෙනෙන මේ තරු ත් අපේ සූර්‍යා වගේ සූර්‍යයන් ( හරියට කියනවා නම් අපේ සූර්‍යාත් තරුවක්) . ඉතින් තරුවකට ග්‍රහ පද්ධතියක් තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන්. අපේ සූර්‍යා ග්‍රහ පද්ධතියක් තියෙන තාරකාවක්. අපේ සූර්‍යා වගේම සමහර තාරකාත් ග්‍රහමන්ඩලයක් එක්ක තියෙන්න පුළුවන්.

    සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත මුල්ම ග්‍රහලොව සොයා ගනි.
    michel-mayor-copyright-keystone.jpg

    1995 දි මිචෙල් මයෝර් MIchel Mayor කියන තාරකාවේදියත් එයාගේ ගොලයොත් හැමදාම වගේ තාරකා නිරික්ෂන කටයුතුවල යෙදුනා. මේ ගොල්ලො නිරික්ෂණය කරේ අලෝක වර්ෂ 50ක් දුරින් තියෙන පෙගසස් කියන රාශියේ තියෙන තරු .මේ රාශියේ තියපු එක තරුවක භ්‍රමණය හරි අමුතුයි, වොබ්ල් ඉෆෙක්ට් එකක් තිබ්බා. සමාන්‍යයෙන් තරුවක් අක්ෂයටා භ්‍රම්ණ වෙද්දි අක්ෂය වෙනස් වෙන්නේ නෑ ඒත් මේ තරුවේ අක්ෂය වෙනස් වෙවි තමයි භ්‍රමණය වුනේ. සමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් එකම එක හේතුවක් නිසා විතරයි, තරුව වටා පරිභ්‍රමණය වෙන ග්‍රහලොවක්. තාරකාවේදියො මේ තරුවේ අක්ෂය වෙනස්වෙන ප්‍රමාණයයි ඒකට ගතවන කාලයි පාවිච්චි කරලා මේ ග්‍රහලොවේ ස්කන්ධයයි තරුවේ ඉඳල තියෙන දුරයි හොයගෙන තියෙනවා. මේක පෘථිවිය වගේ 150 ගුණයක් විශාල වායු යෝධයෙක් කියලා හොයාගෙන තියෙනව. ඔක්කොටම වඩා මේ ග්‍රහලෝකය තියෙන්නේ තරුවට ගොඩක් ලඟින්. කොච්චර ලඟින් කිව්වොත් අපේ ඉරයි අපේ පොලොවයි අතර තියෙන දුරෙම් 100න් පංගුවක් විතර දුරින් තමයි මේ ග්‍රහලෝකය තියෙන්නේ.
    20100414_hotJupiter.jpg

    ඒ කියන්නේ අපිට ලැබෙනවා වගේ 10000 ගුණයක සූර්‍ය ශක්තියක් මේ ග්‍රහලොවට ලැබෙනවා. අපිට ග්‍රිස්ම කාලේම ඉන්නේ හරි අමාරුවෙන්. ඒ කාලේදි අපි අපේ ඉරට ටිකක් ලංවෙන හින්දා රස්නේ වැඩියි. ඉතින් හිතාගන්න මේ ග්‍රහලොවේ තත්වේ. මෙහෙම ශක්තිය ගොඩක් හම්බවෙන හින්දා මේ ග්‍රහලොවේ හැම තැන්ම හැම වෙලාවෙම කුණාටු, ඒවයේ වේගයත් එසේ මෙසේ නෙවෙයි පැයට හැතැප්ම 1000ත් 2000 ත් අතර ගාණක්. අහුවුනොත් සුන්නදුලි වෙලා යයි. මේවයේ වහින වැස්සත් ටිකක් අමුතු වැහි. වායුගෝලයේ තියෙන උෂන්ත්වය අනුව මේවයේ අමුතු විදියෙ වලාකුළු හැදෙන්න පුළුවන්. ඒ ජල වාශ්ප වෙනුවට යකඩ වාෂ්ප. ඉතින් වහින කොට වහින්නේ වතුර නෙවෙයි උනු කරපු යකඩ (තෙමුනොත් කොහොමද ආතක් එක.) මේ ග්‍රහලොව එයාගේ තරුව වටේ යන්න ගතවෙන්නේ පෘථිවි දවස් 4.2. මේ තරුව වටේ තවත් ග්‍රහලොක භ්‍රමණය වෙනවද කියලා දැනට දන්නේ නෑ. ඉති න් මේක තමයි මුලින්ම හොයා ගත්තු පාර සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලොවේ තොරතුරු.දැන් නම් අතත් රිදෙනවා හොඳින්ම. පලවෙනි කොටස ඉවර කරන්නයි යන්නේ. මේ ග්‍රහලොවට හොයා ගත්ත්ට පස්සේ තමයි ස්ටීවන් හොකින් මහත්තයා දේව සංකල්පය බැහැර කරේ. ඊට කලින් එයත් නිර්මාණ වාදය පිලිගත්තා. මේ ග්‍රහලොවෙන් පස්සේ තවත් නානා ප්‍රකාර ග්‍රහලොක හොයා ගත්තා. සමහර ඒවා අපිට හිතන්න බැරි තරමට අමුතුයි, ඒ ගැන ඉස්සරහට ලියන ත්‍රෙඩ් වලින් බලා පොරොත්තු වන්න.

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    රෙප් දුන්නු බම්ප් දාපු හෑමොටම සැලකුවා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල මචන් රේප් +5

    සාමාන්‍යයෙන් අපේ සුර්යයා වගේ ප්‍රමාණයෙන් සමාන තරු බොහෝවිට යුගල වශයෙන් පවතින නිසා අපේ හිරිටත් නිවුන් සහෝදරයෙක් එකියන්නේ තවත් ඉරක් ඇති කියල මතයක් තියෙනවා

    මේක මතයක් විතරයි .තවම කිසිදු තොරතුරක් ලැබිල නැහැ .
     
    • Like
    Reactions: hopimaster

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ වගේ සීන් කියවන්න මම පට්ට ආසයි බන්ස්.:rolleyes: අපේ ස්‍යෙරගහ මණ්ඩලය වගේ තවත් ඒවා අනන්ත තියෙනවානේ. සමහරවිට අපිවගේම මිනිස්සු ජීවත් වෙනවා ඇති. අපි වගේම උනුත් හොයනවා ඇති තව ජීවීන් තියෙන ගහලෝක තියෙනවද කියලා. කවදාහරි දවසක තාක්ෂණය දියුණුවෙලා අයින්ස්ටයින්ගේ නියමය බොරුවෙලා ආලෝකයේ වේගයෙන් නිමක් නැති විශ්වයේ ගමන් කරන්න පුලුවන් වුණොත් හොයාගන්න පුලුවන් වේවි. මම නම් හිතන්නේ නෑ භවුතික වස්තුවකට කවදාවත්ම ආලෝකයේ වේගය අභිභවා යන්න හෝ සමානව යන්න පුලුවන් වේවි කියා. :nerd:
    _______________________
    බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව, එක්තරා දවසක බමුණෙකු පැමින බුදුන් වහන්සේගෙන් පරසක්වළ ගැන විමසා සිටියලු. යම්තාක් දුරට ඒ පිලිබඳව විස්තරයක් පැහැදිලි කළ පසුත් ඒ පිළිබඳව බමුණා තොරතෝංචියක් නැතිව පුරස්න කරන්න පටන් ගත්තලු. ඉන්පසු බුදුන් වහන්සේ විසින් මෙහෙම කිව්වලු. එම්බල බමුණ, තෙරක් නැති විශ්වය පිළිබඳ මෙසේ තමාට නොවටින නොවැදගත් පුරස්න ඇසීම මම මේ දෙයට සමාන කරමි. එය හරියට ඊ තල පහරකට අසුවී පපුව පසාරු කරගෙන ගොස් මරණාසන්න මොහොතෙහි පසුවන මිනිසෙකු අසන මේ පුරස්න වලට සමාන බැව් පවසා ඇත.:yes:
    1. කව්ද මට ඊ තලෙන් විද්දේ ?
    2. ඒ ඊ තලයේ වර්ගය කුමක්ද ?
    3. එම ඊ් තලය කොපමණ වේගයකින් මගෛ් පපුව විනිවිද ගියේද ?

    :rofl:
    ________________________

    බුදුරදුන්ගේ ධර්මයේ ගැඔුරුබව සහ යථාර්ථවාදී බව මනාව එම කියමනින් සනාථ වේ. නමුත් මිනිසා කියන සත්වයාගේ නොහික්මුණු බව,ආශාව,කුතුහලය,ද්වේශය etc එම කියමන් පිළිගැනීමට ඉඩ නොදේ...;)
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මරුසිරා;17143159 said:
    එල මචන් රේප් +5

    සාමාන්‍යයෙන් අපේ සුර්යයා වගේ ප්‍රමාණයෙන් සමාන තරු බොහෝවිට යුගල වශයෙන් පවතින නිසා අපේ හිරිටත් නිවුන් සහෝදරයෙක් එකියන්නේ තවත් ඉරක් ඇති කියල මතයක් තියෙනවා

    මේක මතයක් විතරයි .තවම කිසිදු තොරතුරක් ලැබිල නැහැ .
    :yes::yes::yes::yes::yes:
    Nemesis Star of the Sun
    http://www.space.com/22538-nemesis-star.html
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මේ වගේ සීන් කියවන්න මම පට්ට ආසයි බන්ස්.:rolleyes: අපේ ස්‍යෙරගහ මණ්ඩලය වගේ තවත් ඒවා අනන්ත තියෙනවානේ. සමහරවිට අපිවගේම මිනිස්සු ජීවත් වෙනවා ඇති. අපි වගේම උනුත් හොයනවා ඇති තව ජීවීන් තියෙන ගහලෝක තියෙනවද කියලා. කවදාහරි දවසක තාක්ෂණය දියුණුවෙලා අයින්ස්ටයින්ගේ නියමය බොරුවෙලා ආලෝකයේ වේගයෙන් නිමක් නැති විශ්වයේ ගමන් කරන්න පුලුවන් වුණොත් හොයාගන්න පුලුවන් වේවි. මම නම් හිතන්නේ නෑ භවුතික වස්තුවකට කවදාවත්ම ආලෝකයේ වේගය අභිභවා යන්න හෝ සමානව යන්න පුලුවන් වේවි කියා. :nerd:
    _______________________
    බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව, එක්තරා දවසක බමුණෙකු පැමින බුදුන් වහන්සේගෙන් පරසක්වළ ගැන විමසා සිටියලු. යම්තාක් දුරට ඒ පිලිබඳව විස්තරයක් පැහැදිලි කළ පසුත් ඒ පිළිබඳව බමුණා තොරතෝංචියක් නැතිව පුරස්න කරන්න පටන් ගත්තලු. ඉන්පසු බුදුන් වහන්සේ විසින් මෙහෙම කිව්වලු. එම්බල බමුණ, තෙරක් නැති විශ්වය පිළිබඳ මෙසේ තමාට නොවටින නොවැදගත් පුරස්න ඇසීම මම මේ දෙයට සමාන කරමි. එය හරියට ඊ තල පහරකට අසුවී පපුව පසාරු කරගෙන ගොස් මරණාසන්න මොහොතෙහි පසුවන මිනිසෙකු අසන මේ පුරස්න වලට සමාන බැව් පවසා ඇත.:yes:
    1. කව්ද මට ඊ තලෙන් විද්දේ ?
    2. ඒ ඊ තලයේ වර්ගය කුමක්ද ?
    3. එම ඊ් තලය කොපමණ වේගයකින් මගෛ් පපුව විනිවිද ගියේද ?

    :rofl:
    ________________________

    බුදුරදුන්ගේ ධර්මයේ ගැඔුරුබව සහ යථාර්ථවාදී බව මනාව එම කියමනින් සනාථ වේ. නමුත් මිනිසා කියන සත්වයාගේ නොහික්මුණු බව,ආශාව,කුතුහලය,ද්වේශය etc එම කියමන් පිළිගැනීමට ඉඩ නොදේ...;)

    :yes::yes::yes:
     
    • Like
    Reactions: DaFuq