පරස්පර හුට්ටප්පරය....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පරස්පර හුට්ටප්පරය....


    පරස්පර හුට්ටප්පරය....

    විග්නේෂ්වරන් නුවර ආවේය... පළමුව මල්වත්තට පිය නැගූ ඔහු අස්ගිරිය දිහා නොබලාම කොටි සිරකරුවන් බැලීමට පල්ලේකැලේට රුං ගාලා ගියේය.... මාධ්‍ය අයියලා විග්නේෂ්වරන්ගේ නුවර ගමන ගැන කතා කරන්නට පටන් ගත්තෝ ය.... වැඩියෙන්ම මල්වත්තට ගොඩවැදී අස්ගිරියට ගොඩ නොවැදීම ගැනය...

    ඕන්න විග්නේෂ්වරන් ඒ හින්දමද කොහේදෝ අස්ගිරියටත් ගොඩ වැදුණේය.... උතුරට විතරක් නෙවෙයි පළාත් 9 ම ෆෙඩරල් කරන්න ඇහැකි බවට පෛතගරස් ප‍්‍රමේයක් ඇද බෑවේය. සිංහලයා උතුරේ සුලූතරය බැවින් විග්නේෂ්වරන්ලාගේ පදයට නැටීම අනිවාර්ය බව අවධාරණය කළේය.

    හැබැයි මල්වත්ත වගේ අස්ගිරිය එතුමාට බුරුලක් නුදුන්හ. දේශපාලන වාසි තකා විග්නේෂ්වරන්ලා ඒකීය බව බිඳින්න උත්සහා කරන බව උන්වහන්සේලා චෝදනාත්මකව පැවසූහ. විග්නේෂ්වරන් උන්වහන්සේලාට පෙරලා පවසා සිටියේ උන්වහන්සේලා "සිංහලෙන්" කිවූ සියලූම දේවල් නිසි පරිදි ඔහුට ග‍්‍රහණය නොවූ බවයි. හැබැයි එළියට ඇවිල්ලා මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීමේ දී විග්නේෂ්වරන් "සිංහල කාපු එකෙක්" බව මනාව වැටහුණේ දුන්න උත්තර දිහා බලපුවහමය. ඔහු නොකියා කිව්වේ අස්ගිරියේ බයිලා ඔහුට නොදිරවූ බවකි. මල්වත්තෙන් එළියට ආ විට තිබුණු "මල් පිපීම" අස්ගිරියෙන් එළියට එන විට "මළ පැනීමක් " බවට පත් වූ බවක් පෙනෙන්නට තිබිණි.

    කතාව ඒක නෙවේය. ලංකාවට නිර්මල බුදු දහම ලැබුණු බව ඇත්තකි. හැබැයි ජාතියේ - ජන්මයේ පුරුද්දට නිර්මල බුදු දහම ද කාබාසිනියා කර දැම්මේය. එහි මූලික පදනම වූයේ නිකාය භේදයයි. බුදුන් වදාලේ පරම සත්‍ය නම් ඒවාට අමුතුම පාහේ නිකාය ලබ්බටදැයි හිතෙන්නේ පිස්සුව නිසාම යැයි සිතන්නේ නම් එය වැරදිය. අප නම් අසා ඇත්තේ "බුද්ධ පුත‍්‍රයින්" ගැන මිසක "නිකාය පුත‍්‍රයින්" ගැන නෙවේය. අස්ගිරිය - මල්වත්ත දෙපාර්ශවය පෙනී සිටිය යුත්තේ බෞද්ධයින් රැක ගැනීමට විනා දේශපාලකයින්ට කඬේ යාමට නොවේය.

    විග්නේෂ්වරන් එළියට ඇවිත් කීවේ අස්ගිරිය හා මල්වත්ත අතර වර්තමාන රටේ තත්වය ගැන ඇත්තේ පරස්පර අදහසක් බවය. විග්නේෂ්වරන්ගේ කටට බට්ටෙක් දැමීමට හෝ අල්ලල උම්ම එකක් දෙන්න තරමට ඔහූ කිවේ පට්ටපල් ඇත්තකි. අස්ගිරිය - මල්වත්ත ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකට වෙන වෙනම කඬේ යන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මෙහි ඉතා ශෝචනීය කි‍්‍රයාවලිය දක්නට ඇත්තේ මල්වත්ත පැත්තේය. මේ වන විට බුදු දහමට පැහැදිලි තර්ජනයක් ඇති බව නොරහසකි. පවත්නා රජය හිරිකිතයක් නැතිව බුද්ධාගමට කෙණහිලිකම් කරන්නේය. උතුරේ බුදු පිළිමයක් තිබුණහොත් ඒකට කලූතෙල් වක්කරන්නේය. තියෙන පන්සල වටකර කටුකම්බි ගසා එය ආක‍්‍රමණය කරන්නේය. පුරාවස්තු කොල්ල කන්නේ කිසිදු බියක් සැකක් නැතිවය. එහෙවු විග්නේෂ්වරන් මල්වත්ත චීවරය යට හුරතල් කළේ මොන කෙංගෙඩියට දැයි නොඅසා බැරිය.

    මල්වත්තට අස්ගිරියට හෝ භික්ෂුහු නියෝජනය කරන කිසිදු පාර්ශවයකට පරස්පර අදහස් තිබිය නොහැකිය. තිබිය යුත්තේ එක අදහසකි. එක සම්මුතියකි. එක පෙළගැස්මකි. අද නුවරටම ඇවිත් විග්නේෂ්වරන් පෙන්වා දෙන සත්‍ය එයයි. සිංහලයා ඇතුඵ භික්ෂු පරපුරට ඇත්තේ පරස්පර අදහස්ය. එකෙක් අනෙකාව පාගා දමන්නේය. බයිට් එකට ගන්නේය. තනිකරම පරස්පර හුට්ටප්පරයකි. බලපුවහම මේ පරස්පර හුට්ටප්පර නිසා ගොඩයන්නේ විග්නේෂ්වරන්ලාය. බයිට් එක වන්නේ අසරණ අපිය.

    pathfinder_PNG_Face.png


     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විග්නේෂ්වරන් වගේ එකෙක්ට හිතෙන හිතෙන දේ කියමින් නටන්නට දීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවේ ඇති නපුංසක කමය.....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න බෞද්දයගේ සහජිවනේ.. හාමුදුරුවොත් දේශපාලුවන්ට කඩේ යනවා.. හරිනම් වෙන්න ඕනේ රට ආගම වෙනුවෙන් පෙනී සිටිමනේ.. සල්ලි තමා සේරටම මුල.. :angry: