පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    පර්යේශකයන් (විද්‍යාඥයින්) යනු

    ඉතා සන්කීර්න සහ අපහසු නව සොයාගැනීම් සිදු කරනු ලබන. ලෝයකට ඉතා ප්‍රයෝජනවත් සහ වැදගත් පිරිසකි.
    මෙම පුද්ගලයන් "විද්‍යාඥයින් (Scientists)" ලෙසද හදුන්වනු ලබයි.

    ඔවුන්ගේ සේවය පර්යේශනාගාර වලට පමනක් සීමා නොවේ. අද්‍යාපන ආයතන වල (විශ්වවිද්‍යාල වැනි) දේශකයන් සහ අනෙකුත් කර්මාන්ත වලද ඉතා ප්‍රයෝජනවත් සේවා සපයනු ලබයි.
    බොහෝ විට තමන්ගේ ක්ශේත්‍රයන් වල ඉහලම තනතුරු දරන්නේ මෙම පර්යේශකයන් වේ.

    ඉතා ඉහල වැටුප් ලබයි. සමාජ පිලිගැනීම අති ඉහලය.


    එතකොට ඒ පර්යේශකයන්ගේ උගත්කම සහ දැනුම, ඔය සාමාන්‍ය ඩිග්‍රි (BSc) සහ මාස්ටර්ස් ඩිග්‍රි (MSc) වගේ කරන අයට වඩා වැඩියි ද?

    ඔව්. හොද පර්යේශකයන් සාමන්‍යයෙන් අචාර්ය උපාදි (PhD) (Doctor of Philosophy) තියෙන අය හෝ දැනට PhD කරමින් පවතින අය.

    PhD නොහොත් අචාර්ය උපාදි තියෙන අය ඉන්නෙ අද්‍යාපනයේ ඉහලම මට්ටමේ. එයාල සාමාන්‍ය ඩිග්‍රි (BSc වැනි) හෝ පස්චාත් උපාදි (MSc වැනි) අයට වඩා උගත්.

    PhD එකක් ගන්නව කියන්නෙ එයාල ඉගෙන ගන්න ක්ශේත්‍රයේ ඉහලම දැනුම එයාලට තියෙනව කියන එක.


    PhD එහෙම නැති පර්යේශකයොත් ඉන්නවද? එහෙම නැති අයටත් පර්යේශකයො වෙන්න බැරිද?

    පුලුවන්, ඒත් තමන්ගෙ ක්ශේත්‍රයේ ගොඩක් දැනුම නැතුව පර්යේශන කරන්න ගියාම වැරදෙන්න වගේම වැරදි නිගමන වලට එලබෙන්නත් පුලුවන්. ඒක නිසා තමන්ගෙ ක්ශේත්‍රය ගැන දැනුමක් ඇතුව PhD වගේ ඒව අරගෙන කරන එක තමයි හොද.

    ඒත් තමන්ට දැනුම නැතත් පොඩි පොඩි පර්යේශන කරල පුරුද්ද හදාගන්න එක වටිනව.


    ප්‍රදාන ප්‍රර්යේශකයන් (විද්‍යාඥයින්) වර්ග පහතින් දැක්වේ.

    ඉන්ජිනේරු පර්යේශකයන්
    වයිද්‍ය පර්යේශකයන්
    භෞතික විද්‍යා පර්යේශකයන්
    රසායන විද්‍යා පර්යේශකයන්
    ජීව විද්‍යා පර්යේශකයන්
    පරිඝනක විද්‍යා පර්යේශකයන්
    කෘශිකර්ම විද්‍යා පර්යේශකයන්

    ඉන්ජිනේරු පර්යේශකයන් (Engineering Researchers) (විද්‍යාඥයින්):

    බොහෝ විට පර්යේශන උපාදි (PhD) තිබෙන අය හෝ දැනට ඉන්ජිනේරු පර්යේශන උපාදි (PhD) කරමින් පවතින අය වේ.

    මෙයාලගෙ PhD එක නිසා එයාලට "ඩොක්ටර්" කියන නාමය ලැබෙනව.

    උදා: අයින්ස්ටයින් එයාගෙ PhD එක 1905 ඉවර කරල එයා "ඩොක්ටර් අයින්ස්ටයින් (Dr. Einstein, PhD)" වෙනව. ඒ කියන්නෙ ආචාර්ය අයින්ස්ටයින් (පසු කාලීනව ප්‍රොෆෙසර් කෙනෙකුත් වෙනව).

    (මරවින් සිල්වා සහ රොකට් රෝහිත නම් කොහොම ආචාර්ය උනාද දන්නෙ නෑ හැබැයි 😅)

    ඉන්ජිනේරු පර්යේශකන් (විද්‍යාඥයින්) උදාහරන ලෙස:

    Doctor of Philosophy (PhD) in Civil & Structural Engineering.
    Doctor of Philosophy (PhD) in Civil Engineering.
    Doctor of Philosophy (PhD) in Mechanical Engineering.
    Doctor of Philosophy (PhD) in Mechatronic Engineering.

    ඉන්ජිනේරු පර්යේශකයන් (Engineering Researcher) සහ ඉන්ජිනේරුවන් (Engineers) අතර වෙනස මොකක්ද?

    ඉන්ජිනේරු පර්යේශකයන් (Engineering Researcher) (විද්‍යාඥයින්):

    බොහෝ විට PhD මට්ටමටම උපාදි ඇත. (උදා: Civil & Structural Engineering Researchers)

    මොවුන් විද්‍යාඥයින් ය.

    මොවුන් ඉන්ජිනේරුවන්ට වඩා ඉතා ඉහල දැනුමක් සහිත පිරිසක් වේ.

    ඔවුන් ඉන්ජිනේරුවන්ගේ දැනුම සහ ඊට අමතරව තවත් විශාල දැනුම් සම්භාරයක් පිලිබද අද්‍යාපනය ලබා ඇත.

    පෙර දැනුම අඩු විශය කරුනු තිබේ නම් තමන් විසින්ම හැදෑරීමක් කරයි (රිසර්ච් පේපර්ස් කියවීම තුලින් සහ අනෙකුත් ක්‍රම මගින්).

    තමන්ගේ ක්ශේත්‍රයේ ඉන්ජිනේරු දැනුම පමනක් නොව අනෙකුත් ඉන්ජිනේරු දැනුම් පිලිබද ද සමතුන් ය.

    උදා: සිවිල් ඉන්ජිනේරු පර්යේශකයෙක් ට සිවිල් ඉන්ජිනේරු දැනුමට අමතරව රසායන විද්‍යාව, භෞතිකවිද්‍යාව, අමුද්රව්‍ය ඉන්ජිනේරු ශිල්පය ගැනත් පර්යේශන මට්ටමේ දැනුමක් තියෙනව. ඒ විතරක් නෙමෙයි සමහර අයට ජීව විද්‍යාව වගේ දේවල් ගැනත් පර්යේශන මට්ටමේ දැනුමක් තියෙනව. සිවිල් ඉන්ජිනේරු පර්යේශකයන්ට ජීව විද්‍යාව ගැන දැනුම මොකටද කියල හිතෙනව නම්, එයාලගෙත් තියෙනව බැක්ටීරියා වගේ දේවල් යොදාගෙන කරන සන්කීර්න සිවිල් ඉන්ජිනේරු පර්යේශන. එම නිසා ඇතැම් ඉන්ජිනේරු පර්යේශකයන්ට ජීව විද්‍යාව පිලිබදවත් දැනුම් සම්භාරයක් තිබේ.

    ගොඩක් වෙලාවට එයාලට තමන් විසින්ම ඒව ඉගෙන ගන්න (තමන්ටම උගන්නව ගන්න) වෙනව එයාලගෙ පර්යේශන සාර්තකව කරගෙන යන්න.

    ඔවුන් සිදුකරන නව සොයාගැනීම්, පර්යේශන මත, ඉන්ජිනේරු මාර්ගෝපදේශ (Engineering Codes) සැකසීම, වෙනස් කිරීම, යාවත්කාලින කිරීම සිදුකරයි.

    පවත්නා රජයවල් හෝ අදාල ඉන්ජිනේරු නියාමනය සදහා වූ නීති රෙගුලාසි සම්පාදනට, රජයට හෝ රජයේ නියාමන ආයතන වලට තමන්ගේ නිර්දේශ මොවුන් විසින් සපයනු ලබයි. (රජයේ ඉන්න අයට දැනුම නෑ, ඒක නිසා රිසර්චර්ස් ලගෙන් තමයි අවශ්‍ය දැනුම ලබාගන්නෙ)

    විශ්වවිද්‍යාල වැනි ඉන්ජිනේරු සිසුන්ගේ සහ ඉන්ජිනේරුවන්ගේ දැනුම වැඩි දියුනු කිරීමට මොවුන් සොයාගන්නා නව දැනුම ප්‍රයෝජනයට ගනී.

    උදා: නව කොන්ක්‍රීට් වැරගැන්වුම් ක්‍රම, නව කොන්ක්‍රීට් ශක්තිමත් කිරීම් ක්‍රම (රසායනික ක්‍රම මගින් වැනි), භූකම්පන ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමේ ක්‍රම වැනි.

    ඉන්ජිනේරු පර්යේශකයන් සෑම විටම නව දැනුම් එක් කිරීම, සොයා ගෑනීම මගින් ලෝකය තිබෙන තැනට වඩා හොද තැනකට ගෙන යාමට තැත් කරයි.


    ඉන්ජිනේරුවන් (Engineers) (විද්‍යාඥයින් නොවේ):

    බොහෝ විට BSc හෝ MSc උපාදි පමනක් ඇත. මොවුන්ගේ දැනුම් ප්‍රමානය ඉතා සීමිතය, අල්පය. ඉන්ජිනේරු ශිල්පය පිලිපද ප්‍රාතමික දැනුමක් පමනක් ඇත. උදා: සිවිල් ඉන්ජිනේරුවන්. ව්‍යුහාත්මක පිබුරුපත් වැනි දෑ කිරිමට හැකියාවක් ඇත. ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවන්, පරිඝනක ඉන්ජිනේරුවන් වැනි අයද උදා හරන ලෙස ගත හැකිය.

    මොවුන්, පෙර සදහන් කල ඉන්ජිනේරු පර්යේශකයන්ගේ උපදෙස් පිලිපැදීමට බැදීසිටී. (කොටින්ම කිව්වොත් ඉන්ජිනේරුවන්ට කැම්පස් වල උගන්නන්නෙ, ඉන්ජිනේරු පර්යේශකයො කලින් කරපු නව සොයාගැනීම් වලින්)

    ඉතින් ඉන්ජිනේරුවන් (Engineers) ඉන්නෙ හරිම පහලින්, ඉන්ජිනේරු පර්යේශකයන් (Engineering Researchers) එක්ක සසදද්දි.


    වයිද්‍ය පර්යේශකයන් (Medical Researchers) (විද්‍යාඥයින්):

    බොහෝ විට පර්යේශන උපාදි (PhD) තිබෙන අය හෝ දැනට වයිද්‍ය පර්යේශන උපාදි (PhD) කරමින් පවතින අය වේ.

    උදාහරන ලෙස:

    Doctor of Philosophy (PhD) in Medicine and Health.
    Doctor of Philosophy (PhD) in Cell Biology.
    Doctor of Philosophy (PhD) in Molecular Medicine.
    Doctor of Philosophy (PhD) in Immunology.


    වයිද්‍ය පර්යේශකයන් (Engineering Researcher) සහ වයිද්‍යවරුන් (Engineers) අතර වෙනස මොකක්ද?

    වයිද්‍ය පර්යේශකයන් (Medical Researchers) (විද්‍යාඥයින්):

    ලෙඩ රෝග වලට නව බෙහෙත් වර්ග සොයාගැනීම්, එම බෙහෙත් වලට අදාල මාත්‍රාවල් (doses) නියම කිරීම්. නව ශ්‍යල්‍ය ක්‍රම. නව ශ්‍යල්‍ය උපකරන සොයාගැනීම්. ශරීයයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් වටහා ගැනීමට ඌ පර්යේශන සිදු කිරීම්. බෙහෙත් වර්ග ශරීරගත කිරීමේ නව සොයාගැනීම් (drug delivery). වැනි දෑ සිදුකරනු ලබයි.

    ඔවුන් සිදුකරන නව සොයාගැනීම්, පර්යේශන වයිද්‍ය මාර්ගෝපදේශ සැකසීම, වෙනස් කිරීම, යාවත්කාලින කිරීම සිදුකරයි.

    මෙයාලට තමන්ගෙ වයිද්‍ය දැනුමට අමතරව රසායන විද්‍යාව, භෞතිකවිද්‍යාව, අමුද්රව්‍ය ඉන්ජිනේරු ශිල්පය (ඔව් වයිද්‍ය ක්ශේත්‍රයෙත් ඉන්ජිනේරු ශිල්ප ඕනෙ වෙනව පර්යේශන මට්ටම් වලදි) වගේ දේවල් වල පර්යේශන මට්ටමේ දැනුමක් තියෙනව. එහෙම නැති නම් එයාල තමන්ම තමන්ටම උගන්නගෙන ඒ ක්ශේත්‍ර වල දැනුම වැඩි කරගන්නව. මොකද ඒ හැම දෙයක්ම පර්යේශන වලට ඕනෙ. පෙර දැනුම අඩු විශය කරුනු තිබේ නම් තමන් විසින්ම හැදෑරීමක් කරයි (රිසර්ච් පේපර්ස් කියවීම තුලින්)

    විශ්වවිද්‍යාල වැනි ව්‍යයිද්‍ය සිසුන්ගේ සහ වයිද්‍යවරුවන්ගේ දැනුම වැඩි දියුනු කිරීමට මොවුන් සොයාගන්නා නව දැනුම ප්‍රයෝජනයට ගනී.

    පවත්නා රජයවල් හෝ අදාල ව්‍යෛද්‍ය කටයුතු නියාමනය සදහා වූ නීති රෙගුලාසි සම්පාදනටද රජයට හෝ රජයේ නියාමන ආයතන වලට තමන්ගේ නිර්දේශ මොවුන් විසින් සපයනු ලබයි.

    මිනිස් ශරීරය පිලිබදව මනා දැනුමක් සහිතය. යාවත්කාලීන ඌ නව දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයන් වේ. සෑම විටම නව දැනුම් එක් කිරීම, සොයා ගෑනීම මගින් ලෝකය තිබෙන තැනට වඩා හොද තැනකට ගෙන යාමට තැත් කරයි.


    වයිද්‍යවරුන් (Medical Officers/Doctors) (විද්‍යාඥයින් නොවේ):

    පෙර සදහන් කරන ලද වයිද්‍ය පර්යේශකයන් විසින් පර්යේශන වාර්තා හරහා ලබා දුන් දැනුම කටපාඩම් කොට, අදාල ලෙඩට අදාල බෙහෙත මතක තබාගෙන, වයිද්‍ය පර්යේශකයන් නියම කරන මාත්‍රාවෙන් ලෙඩුන් හට බෙහෙත් ලබා දෙයි. රිසර්ච් පේපර්ස් කියවීමට හෝ තේරුම් ගැනීමේ හැකියාව ඉතා අඩුය. එම නිසා මොවුන් හට අලුත් යාවත්කාලීන ඌ වයිද්‍ය දැනුමක් ඇත්තේ කලාතුරකින් කෙනෙක්ටය. ලෙඩුන්ට බෙහෙත් දීමට, සුව කිරීමට, සහ ලෙඩුන්ගේ සුවතාවය වර්දනය සදහා ගත යුතු තීරන ගැනීමට හැකි වන සේ මිනිස් ශරීරය සම්බන්දයෙන් ප්‍රාතමික (basic) දැනුමක් ඇත.

    ඉතින් වයිද්‍යවරු (Medical Officers/ Doctors) ඉන්නෙ හරිම පහලින්, වයිද්‍ය පර්යේශකයන් (Medical Researchers) එක්ක සසදද්දි.

    පර්යේශකයන් කරන පර්යේශන කොහොමද ලෝකෙට ප්‍රයෝජනවත් වෙන්නෙ?

    ඔවුන් බොහෝ විට නව පර්යේශන සිදුකර එම නව සොයාගැනීම්, විද්‍යා පර්යේශන ප්‍රකාශන (Research Papers) ලෙස ඉදිරිපත් කරනු ලබයි.

    උදාහරන ලෙස:

    සිවිල් හා ව්‍යුහාත්මක ඉන්ජිනේරු පර්යේශකයන්: (Civil and Structural Engineering Researchers) නව වර්ගයේ කොන්ක්‍රීට් (new types of concrete), වැරගැන්වුම් යෙදවුම් ක්‍රම (new reinforcement methods), අලුත් ව්‍යුහාත්මක ඉදිකිරීම් ක්‍රම (new types of structural designing methods) සොයාගැනීම් වැනි.


    ඔය කියපු විදිහෙ පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) කොහොමද අපි අදුරගන්නෙ?

    ගොඩක් වෙලාවට උඩ කියපු "PhD" සහ උදාහරනයක් විදිහට, තමන් ඉන්ජිනේරු පර්යේශකයෙක් (Engineering Researcher) වගේ දේවල් එයාල එයාලගෙ සමාජ ජාලා (ලින්ක්ඩ්ඉන්, ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම්, වැනි සාමාජ ජාලා) පිටුවල දාල තියන්න බොහෝ විට ඉඩ තියෙනව.

    තව දුරටත් ඔවුන් කරපු පර්යේශන වාර්තා (රිසර්ච් පේපර්ස්) වල ලිස්ට් එකක් තියෙන ලින්ක්ස් (ගූගල් ස්කොලා - google scholar) වගේ ඒව දානව සමාජ ජාලා වලම.

    සමහර අය ෆේස් බුක් ඉන්ස්ටග්රෑම් වගේ ඒවල "scholar.google.com/...." වගේ ලින්ක් දාල තියෙනව ඔයාල දැකලත් ඇති, ඒව ක්ලික් කරල බලන්න පුලුවන් එයාල ලෝකයට කරල තියෙන සේවය.

    එහෙම නැත්තන් https://scholar.google.com එකට කෙලින්ම ගිහිල්ල ඔයාල දන්න රිසර්චර් කෙනෙක් ගෙ නම ටයිප් කරල බලන්නත් පූලුවන්.

    සාමන්‍යයෙන් එක රිසර්ච් පේපර් එකක් කරන්න මාස 6 සිට අවුරුදු ගනන් ගත වෙන්න පුලුවන්. සහ Elsevier, gale, springer වගේ peer reviewed journal වල පබ්ලිශ් කරන්න ඉතා අමාරුයි.

    ඉතින් එයාල ලෝකයට කරන සේවය අතිමහත්.


    හැම PhD කරන කෙනාම ඔය වගේ පර්යේශන වාර්තා පබ්ලිශ් කරනවද?

    නෑ, PhD එකක් කරනකොට පර්යේශන වාර්තා (research papers) ලෝකයට දෙන්න ඕනෙ කියල නීතියක් නෑ.

    සමහර අයට research paper එකක් ලියන්න දක්ශතාවයකුත් නෑ.

    ඒකයි රිසර්ච් පේපර්ස් ලියන අය සුවිශේශී වෙන්නෙ.


    [දෙවෙනි කොටස ඊලග පෝස්ටුවෙන්]
     
    Last edited:

    Kangaroo777

    Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    [ටාසන්ට වෙන් කරන ලදී]

    [දෙවැනි කොටස]


    හැම PhD එකක් ම හොදයි ද, මෙලෝ වැඩක් නැති ඒවත් තියෙනවද?

    ලැබ් වල පර්යේශන නොහොත් laboratory experimental research කරල PhD කරපු අය තමයි ලෝකෙට වැදගත්ම, ගොඩක් ප්‍රයෝජනවත් PhD කරන්නෙ. ගොඩක් වෙලාවට PhD in civil/structural, PhD in Medicine & Health, PhD in Physics වගේ ඒව කරන්නෙ.

    ඒත් සමහර මෙලෝ වැඩකට නැති PhD වර්ග තියෙනව, එයාල ලැබ් යන්නෙ නෑ ඒත් හොද ක්ශේත්‍ර වලින් (Engineering වගේ) වලින් PhD හම්බෙනව. ක්‍රිප්ටොකරන්සි හෝ බ්ලොක්චේන් වගේ ඒව සම්බන්දව ඉන්ජිනියරින් PhD දෙනව, උන් නම් ලැබ් එකක් ඇහැට වත් දැකල නෑ. මෙලෝ වැඩකට නැති PhD.

    උදා: PhD in Engineering in Block Chain/ක්‍රිප්ටොකරන්සි.

    PhD කරන හෝ කරපු කෙනෙක් හම්බුනොත් "ඔයා ලැබ් වල පර්යේශන කරලද PhD එක ගත්තෙ, නැත්තන් වැඩකට නැති PhD එකක් ද" "PhD තීසිස් එක කලේ වැඩක් නැති ක්‍රිප්ටොකරන්සි හෝ බ්ලොක්චේන් ද?" කියල අහන්න අමතක කරන්න එපා 😁


    විද්‍යාඥයින් (Scientists) ලෙස හැදින්විය නොහැකි පර්යේශන උපාදි (PhD) මොනවාද?

    සමහර ක්ශේත්‍රයන් තියෙනව විද්‍යාඥයින් (Scientists) ලෙස හැදින්විය නොහැකි පර්යේශන උපාදි. මේ පහල ක්ශේත්‍ර වලින් පර්යේශන උපාදි ගත්තත් එයාලව නම් විද්‍යාඥයින් (Scientists) ඝනයට වැටෙන්නෙ නෑ. ඉතින් ඔයාලට ඇත්තටම විද්‍යාඥයෙක් (Scientists)වෙන්න ඕනෙ නම් පහලින් තියෙන ඒව කරල වැඩක් නැති වෙන්න පුලුවන්.

    1. මෘදුකාන්ග ඉන්ජිනේරු පර්යේශකයන් (Software Engineering)
    2. බ්ලොක්චේන් (ක්‍රිප්ටොකරන්සි වැනි) පර්යේශකයන්
    3. තොරතුරු තාක්ශන පර්යේශකයන් (IT)
    4. අන්තර්ජාල ආරක්ශක පර්යේශකයන් (cybersecurity)
    5. පරිඝනක ක්‍රීඩා සාදන්නන් (game development)
    6. කාර්මික නිර්මාපකයන් (industrial designers)
    7. අන්තර්ජාලයන්හී අලෙවිකරන පර්යේශකයන් (digital marketing)


    මම කොහොමද පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්නෙ?

    සමහර අවස්තා වල මම දැකල තියෙනව, සමහර අය ඒ ඒ පවුල් වල ආර්තික අපහසුතා නිසා ඒ කාලෙ ඉස්කෝල ගමන නවත්තපු අය.
    ඉස්කෝලෙවත් ගිහිල්ල නෑ කියන්නෙ කිසිම දැනුමක් නෑ කියන එක මිසක්, ගොනෙක් ගොබ්බයෙක් කියන එක නෙමෙයි.

    තව ඊටත් එහා ඉගෙන ගෙන නවත්තපු අය ඉන්න පුලුවන් (ඕලෙවල් ෆේල් අය, ඒ ලෙවල් ෆේල් අය, ඩිග්‍රි අරන් නවත්තපු අය)

    සමහර අය ඇත්තටම මම දැකල තියෙනව සෑහෙන මොලේ තියෙන මිනිස්සු ඒත් වැඩිය ඉගෙන ගෙන නැති.

    සී ලන්කාවේ රජයේ ඉස්කෝල කියන්නෙ මම දකින විදිහට කොහොමත් යල් පැනගිය දේවල් උගන්නන හරිම නීරස බෝරින් දේවල් බෝරින් විදිහට උගනන්න. මතකය පමනක් මනින, රස්සාව කරන්න අවශ්‍ය "මිනිස් යන්ත්‍ර" නොහොත් "වහලුන්" නිර්මානය කරන ස්තානයක්. කැම්පස් යන්නෙත් ගොඩක්ම මොලේ තියෙන අය නෙමෙයි ගොඩක්ම මතකය සහ කටපාඩම් ගිරව දාන්න පුලුවන් අය ඒත් ගොඩක් අය ගොන් ගොබ්බයො.

    ඔය කවෘ උනත්, තමන්ට හැකියාව උනන්දුව තියෙනව නම් පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්න පුලුවන්.

    එහෙම උනත්, ඒකෙන් කියවෙන්නෙ නෑ ගොන් ගොබ්බයෙක් ට මේක කරන්න පුලුවන් කියල. ඒත් නූගත් උනත් බුද්දිමත් අයට උත්සාහ කලොත් මේක කරන්න පුලුවන් දෙයක්.

    ඒ අයට තියෙන්න පුලුවන් ලොකුම බාදකය තමයි ඉන්ග්‍රීසි දැනුම මදි කම. ඒත් ඔයාල ජර්නල් පේපර්ස් අමාරුවෙන් හරි කියවන්න ගත්තොත් තේරෙයි ගොඩක් ම ඒව ලියල තියෙන්නෙ සරල ඉන්ග්‍රීසියෙන් හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට කියල.

    එහෙමත් ඉන්ග්‍රීසි තේරෙන්නෙ නැත්තන්, ඉන්ග්‍රීසි පන්තියකට යන්න ටිකක් උනන්දුවෙන් ඒක පොඩ්ඩක් හරි ගොඩ දාගන්න.

    ඒත් මුලින් ඉන්ග්‍රීසි පන්ති යන්න ඕනෙ නෑ, පොඩි කෝස් එකක් (සර්ටිෆිකට් ලෙවල්, ඩිප්ලෝමා ලෙවල් වැනි) කරල පටන් ගන්න ගමන.

    අනිත් එක තමයි උදාහරනයක් විදිහට ඔයාලට වයිද්‍ය පර්යේශකයෙක් වෙන්න ඕනෙ නම් ඔයාල මුලින්ම වයිද්‍යවරයෙක් වෙන්න ඕනෙ කියල නීතියක් නෑ, ඔයාලට ක්ශේත්‍රයට සම්බන්ද ඕනෙම ඩිග්‍රියකින් (Medical Science degree/masters වැනි) පස්සෙ PhD in Medicine and health වගේ කරන්න පුලුවන්. හැබැයි ඉතින් ඔයාට කොහොමත් ඩොක්ටර් කෙනෙක් ඉගෙනගෙන තියෙන ඒවත් තමන්ටම උගන්නගෙන තමයි PhD එක කරන්න වෙන්නෙ. ඒ කියන්නෙ ඔයාට මොන විදිහෙන් හරි අදාල දැනුම තියෙන්න ඕනෙ PhD එක කරන කොට ඩොක්ටර් කෙනෙක්ටත් වඩා.

    ඉන්ජිනියරින් PhD කරන්න ඉන්න අයටත් ඒකම තමයි. ඉන්ජිනේරු ශිල්පය ගැන ඩිග්‍රිය තිබ්බත් එකයි නැතත් එකයි, හැබැයි ඉන්ජිනේරුවන්ටත් වඩා හොද දැනුමක් තියෙන්නම ඕනෙ PhD කරනව නම්.

    ගොඩක් වෙලාවට හොද රටවල කැම්පස් වල PhD වලට බදව ගන්නෙ නෑ ඔයාට දැනුම තියෙනව කියල ඔප්පු කරන්න බැරිනම්. ගොඩක් අයට ඩිග්‍රි, මාස්ටර්ස් ලෙවල් වල qualifications තියෙනව.

    හොද රටක (Australia, USA, UK වගේ) PhD කරනව කියන්නෙත් සෙල්ලම් වැඩක් නෙමෙයි ඉතා අමාරුයි, ඒත් එයාලගෙ දැනුම විශිශ්ටයි.

    ලන්කාවෙ ඉදන් කරන රජයේ කැම්පස් PhD හෝ ප්‍රයිවට් PhD නම් මෙලෝ වැඩක් නෑ.

    පහලින් තියෙන්නෙ එහෙම පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්න අවශ්‍ය අයට කරන්න පුලුවන් දේවල්,

    ඉස්කෝලෙ ගිහිල්ල නැති කෙනෙක් --> සරල ඉන්ග්‍රීසි පන්තිය, තමන් කැමති ක්ශේත්‍රයකින් හොද තැනක පොඩි කෝස් එකක් කිරීම (උදා: ඉන්ජිනියරින් වලින් සර්ටිෆිකට් ලෙවල් හෝ ඩිප්ලෝමා ලෙවල් එකේ) (ප්‍රයිවට් හෝ ටෙක්නිකල් කොලේජ් වගේ වෙන්නත් පුලුවන්, ප්‍රයිවට් නම් වඩා හොදයි මොකෝ කාලය වැය වෙනව අඩුයි ප්‍රයිවට් වල) ඊට පස්සෙ ඩිප්ලෝමා, ඩිග්‍රි, මාස්ටර්ස්, පී.එච්ඩී වෙනකන්ම කරන්න පුලුවන් බැරි නෑ උනන්දුව තියෙනව නම්. පී.එච්.ඩී නම් පට්ට අමාරුයි ඒත් මොලේ තියෙනව නම් කරන්න බැරි නෑ.

    ඕලෙවල් වෙනකන් වගේ ගිහිල්ල තියෙන කෙනෙක් --> ඉන්ග්‍රීසි පන්තිය, තමන් ආස ක්ශේත්‍රයක රිසර්ච් පේපර්ස් අමාරුවෙන් හෝ කියවීම, දැනුම වර්දනය. ඩිප්ලෝමා ලෙවල් එකේ කෝස් එකක් හොද තැනකින් කිරීම. ඊට පස්සෙ ඩිග්‍රි, මාස්ටර්ස්, පී.එච්.ඩී.

    ඒලෙවල් වෙනකන් වගේ ගිහිල්ල තියෙන කෙනෙක් --> තමන් ආස ක්ශේත්‍රයක රිසර්ච් පේපර්ස් කියවීම, දැනුම වර්දනය. ඩිග්‍රියකට ප්‍රයිවට් කැම්පස් හොදයි, එහෙම නැත්තන් ඕපන් යුනිවසිටි (මේකෙ පොඩ්ඩක් කාලය නාස්ති වෙනව), ඊට පස්සෙ මාස්ටර්ස්, පී.එච්.ඩී.

    රජයේ කැම්පස්, ප්‍රයිවට් කැම්පස් ඩිග්‍රි තියෙන කෙනෙක් --> තමන් කැමති ක්ශේත්‍රයකින් රිසර්ච් පේපර්ස් කියවීම, PhD කරපු හෝ කරන කෙනෙක් සමග කතා බහ කර රිසර්ච් කරන විදිහ වැනි දෑ ඉගෙන ගැනීම. මාස්ටර්ස්/MPhil හෝ PhD කිරීම.


    මම කොහොමද පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙන්න දැනුම වර්දනය කරගන්නෙ, මොනවද පරිහරනය කරන්න ඕනෙ, මොනවද පරිහරනය කරන්න එපා දේවල්?


    පහලින් තියෙන ඒව
    පරිහරනය කරන්න/ කියවන්න (මේව තමයි දැනුම හරි විදිහට වර්දනය කරගන්න පුලුවන් ක්‍රම)


    1. ජර්නල් රිසර්ච් පේපර්ස් (Peer reviewed Journal research papers - Elsevier, The Lancet, Nature Medicine, Springer, Gale වැනි ප්‍රකාශක ආයතනයන්ගේ)

    2. PhD කරපු හෝ කරන කෙනෙක් එක්ක කතා බහ කර ඉගෙන ගැනීම: එයා පර්යේශන කරන විදිහ/ ඔයාල මොන විදිහටද පටන් ගන්න ඕනෙ වගේ දේවල් කතා බහ කරල ඉගෙන ගන්න පුලුවන්. ගොඩක් අය උදව් කරන්න කැමතියි. ඒත් එයාලත් ගොඩක් කාර්යබහුල බවත් මතක තියාගන්න.

    3. PhD කරපු පර්යේශකයොම ලියන ආටිකල්/ වෙබ්සයිට් හෝ බ්ලොග් පිටු - සමහර අය එයාල කරන පර්යේශන වල කෙටි තොරතුරු ලියනව. සමහර අය දැනුම බෙදන්න ආටිකල් ලියනව. ඒත් බලන්න යටින් ලියල තියෙනවද කියල ලියපු කෙනාගෙ උගත්කම - උදා "Written by Dr. Einstein, PhD".

    4. පොත් - තමන්ගේ ක්ශේත්‍රයට අදාල පොත් (මේවල වැරදි තියෙන්නත් පුලුවන්, ඒත් කියවන එකේ ලොකු ගැටලුවක් නෑ, ඒත් බලන්න පොත ලියපු කෙනාට PhD එකක් වත් තියෙනවද කියල)

    5. කොන්ෆරන්ස් පේපර්ස් (conference papers) (මේව නම් නොකියව ඉන්නව නම් ඒත් හොදයි, උඩ කියපු ජර්නල් පේපර්ස් හොයාගන්න අපහසුම නම් විතරක් කියවන්න මොකෝ මේවල සමහර අවස්තාවල වැරදි තොරතුරු තියෙන්නත් ඉඩ තියෙනව අනිත් එක මේව ගොඩක් වෙලාවට රිසර්ච් එකෙන් පොඩි කොටසයි තියෙන්නෙ එතකොට මේක කියවන කෙනා පේපර් එකේ දැනුම තේරුම් ගන්න බැරුව හිර වෙනව)


    පහලින් තියෙන ඒව පරිහරනය නොකර ඉන්නව නම් හොදයි (ලොකු අව්ලක් නෑ, ඒත් වැරදි තොරතුරු සහ වැරදි විදිහෙ තේරුම්/ බොරු අර්තකතන තියෙන්න බොහෝවිට ඉඩ තියෙනව)


    1. විද්‍යා මැගසින් හෝ පත්තර (news papers/ science article magazines)

    2. Youtube වගේ ඒවල වීඩියෝ කරන විද්‍යා සන්නිවේදකයන් (Science Communicators)
    - (ඔයාල දැකල ඇති PhD නැති අයත් විද්‍යා වීඩියෝ කරනව මොකක් හරි දෙයක් කට පාඩම් කරගෙන. ඒව බැලුවට කමක් නෑ හැබැයි එයාල සමහර දේවල් ඔයාලට තේරෙන්නෙ නැති නිසා වැරදි කියනව වෙන්න පුලුවන්, සමහර දේවල් ඕනාවට වඩා ලස්සන සුරන්ගනා කතා කරන්න ගියාම ඔයාලට අවශ්‍ය වැදගත්ම දැනුම් තොරතුර මග ඇරෙන්නත් පුලුවන්)

    3. විවිද ආයතන මගින් නිකුත් කරන තාක්ශනික පත්‍රිකා (Technical data sheet): ගොඩක් වෙලාවට සුලු දැනුමක් තියෙන අය තමන්ගෙ ප්‍රොඩක්ට් එක විකුනගන්න ලියන ඒව තියෙනව. ඒවල තියෙන තොරතුරු නිවැරදි නොවෙන්න ඉඩ තියෙනව.
    (ඒත් සමහර ඒව අවුලක් නැති වෙන්නත් පුලුවන්. බලන්න යටින් ලියපු කෙනාගෙ උගත්කම ලියල තියෙනවද වගේ දේවල්. උදා "Authored/Reviewed by Dr. Einstein, PhD")

    4. බ්‍රිටැනිකා එන්සික්ලොපීඩියා - ලොකු අව්ලක් නෑ, ඒත් රිසර්ච් පේපර්ස් කියවනව තරම් නිවැරදි නෑ.


    පහලින් තියෙන ඒව පරිහරනය කරන්නම එපා (ඒව මෙලෝ වැඩකට නැති, පරිහරනය/කියවන එකාව මෝඩයෙක් කරන, අමාරුවෙ වැටෙන ඝනයට තමයි වැටෙන්නෙ)

    මේකෙ තියෙන ඒව ඕනෙම කෙනෙකුට වෙනස් කරන්නත් පුලුවන් අනිත් එක බොරු දාන්න පුලුවන්, විශේෂඥයො මේව හරිද වැරදිද කියල බලපු ආටිකල් මේවල නෑ. තොරතුරු ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. ඒක නිසා කියවන්නම එපා.

    1. විකිපීඩියා (wikipedia)/ විකිහව් (wikihow)

    2. සාමාන්‍ය වෙබ්සයිට් වල ආටිකල් සහ බ්ලොග් පිටු -
    (ඒත් සමහර වෙබ්සයිට් සහ බ්ලොග් තියෙනව PhD කරපු පර්යේශකයොම ලියන ඒව. ඒව කියෙව්වට අව්ලක් නෑ, ඒත් පුලුවන් තරම් මගඅරින්න වෙබ්සයිට් වල ආටිකල් කියවීම්)

    3. ටීවී හෝ රේඩියෝ ප්‍රවෘත්ති (උදා: "රසදියෙන් රටටම විදුලිය දිය හැකි යන්ත්‍රයක්, බන්ඩා මහතා සොයාගනී" 😅) (හොදම ක්‍රමය නිව්ස් බලන්නම එපා)

    4. සාමාන්‍ය ප්‍රවෘත්ති පත්තර ("ආචාර්ය රොකට් රෝහිත මහතා, තමන්ගේ නිදන කාමරයේ, ඉලොන් මස්ක්ගේ රොකට්ටුවට වඩා විශාල රොකට්ටුවක් සාදයි" 😅)

    5. සමාජ ජාලා (ෆේස්බුක්, ට්විටර්/එක්ස්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් වැනි)

    [තුන්වැනි කොටස ඊලග පෝස්ටුවෙන්]
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    [තුන්වන කොටස]

    ඔය උඩින් කියපු ජර්නල් රිසර්ච් පේපර්ස් (journal research papers) හොයාගන්නෙ කොහොමද?

    හොද පේපර්ස් ප්‍රකාශකයො පේපර්ස් බලන්න ලොකු ගනන් අය කරනව. (Elsevier, gale, springer වගේ අය).
    නොමිලේ ගන්න පුලුවන් ක්‍රමත් තියෙනව, ඒව ඉතින් නීත්‍යානු කූල නෑ.
    ගෙවල ගන්න ඒව ඕනෙ නම් ඉතින් එයාලගෙ වෙබ්සයිට් වලට ගියාම බලන්න පුලුවන්.


    Medicine වලට අදාල ඒව

    1. The Medical Journal of Australia (MJA): www.mja.com.au

    2. The New England Journal of Medicine (NEJM): www.nejm.org

    3. The Lancet: www.thelancet.com

    4. Nature Medicine: www.nature.com/nm


    Engineering වලට අදාල ඒව (සමහර ඒව රෙජිස්ටර් උනාම නොමිලේ ඔන්ලයින් බලන්න පුලුවන්)

    1. The Journal of Engineering: https://ietresearch.onlinelibrary.wiley.com/journal/20513798

    2. Australian Journal of Mechanical Engineering: https://www.tandfonline.com/toc/tmec20/current

    3. IEEE Transactions on Engineering Management: https://ieeexplore.ieee.org/xpl/RecentIssue.jsp?punumber=17

    4. International Journal of Project Management: https://www.journals.elsevier.com/international-journal-of-project-management


    සම්පූර්න නොමිලේම ගන්න ඕනෙ නම් ඉතින් පහලින් තියෙන එකට ගිහිල්ල බලන්න පුලුවන්

    (මේක නීත්‍යානුකූල නෑ ගොඩක් රටවල් වල. ඒත් දැනුම ලබාගන්න ඒව හොදයි. ඒත් ඒව නීත්‍යානුකූල නැති නිසා ඒව පරිහරනය කරනවද නැද්ද කියන එක ඔයාලගෙ තීරනයක්, ඒත් හැම රිසර්ච් පේපර් එකක් ම වගේ මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්)

    https://sci-hub.ru/


    රිසර්චර්ස් ල සහ එයාල පබ්ලිශ් කරපු පේපර්ස් ගැන ලිස්ට් එකක් ඕනෙ නම් ගූගල් ස්කොලා එකෙන් බලන්න පුලුවන් (ඔයාල දන්න PhD රිසර්චර් කෙනෙක් ඉන්නව නම් මේකට එයාගෙ නම ගහල බලන්න පුලුවන් එයා පබ්ලිශ් කරල තියෙන රිසර්ච් පේපර්ස්)

    https://scholar.google.com/


    PhD එකක් කරන්න හොද රටවලට ඇප්ලයි කරනකොට ලන්කා රජයේ කැම්පස් ගිය අයට හෙන සැලකිලිද?

    නෑ. ඇත්තටම ලන්කාවෙ රජයේ කැම්පස් පිටරටවල් වලදි පඩේකට ගනන් ගන්නෙ නෑ 😂

    ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියා, ඇමරිකා, එන්ගලන්තය වගේ හොද රටවල අය බලන්නෙ කැම්පස් එකේ ලෝක ශ්‍රේනිගත කිරීම (World ranking) හා හොද ප්‍රකාශකයන් හරහා (Elsevier වැනි) පලකරපු රිසර්ච් කරල තියෙනවද වගේ දේවල්.

    ලන්කාවෙ රජයේ කැම්පස් හරිම සවුත්තුයි ලෝක ශ්‍රේනිගත කිරීම් වලදි (World ranking). රෑන්ක් එක පහලින් 😂

    ඉතියෝපියාවේ අඩීඩ් අබාබා විශ්වවිද්‍යාලය: 600
    කොලබ විශ්වවිද්‍යාලය: 1000 😂
    මොරටුව විශ්වවිද්‍යාලය: 900 😂
    පේරාදෙනිය විශ්වවිද්‍යාලය: 1200 😂

    (Source: world university rankings: times higher education and QS world uni rankings)

    ලන්කාවෙ සමහර ප්‍රයිවට් කැම්පස් රජයේ කැම්පස් වලට වඩා යම්කිසි ප්‍රමානෙකට හොදයි, මොකෝ එයාලට ගොඩක් වෙලාවට ඩිග්‍රි එක දෙන්නෙ පිටරට කැම්පස් එකකින් තත්ව නියාමනය කරල. ගොඩක් වෙලාවට පිට රට කැම්පස් එකෙන් මයි ඩිග්‍රි එකේ Certificate එක දෙන්නෙ.

    සාමාන්‍යයෙන් රජයේ කැම්පස් වල රිසර්ච් උනත් හරිම පහල තත්වයක් තියෙන්නෙ. ගොඩක්ම එයාලගෙ කැම්පස් එකේම එයාලම හදපු ජර්නල් එකක එයාලම පබ්ලිශ් කරල, බොරුවට රිසර්ච් හෙන ගොඩක් කලා වගේ පෙන්නන්න හදන එක තමයි කරන්නෙ.

    සී ලන්කා රජයේ කැම්පස් වල හොද විද්‍යාගාර (ලැබ්) නෑ, යල් පැනගිය විද්‍යා උපකරන, ඕවලින් එන රිසර්ච් කොහොමත් වැඩක් නෑ. ගොඩක් රිසර්ච් වල බොරු තමයි ලියල තියෙන්නෙ.

    ඒත් සී ලන්කා රජයේ කැම්පස් ඒ වගේ හොර බොරු දේවල් කරන බව හොද රටවල කැම්පස් දන්නව. ඉතින් ලන්කා රජයේ කැම්පස් වල ගිය අය කෙලින්ම ඇප්ලයි කලාම හොද රටවල PhD වලට ගන්නෙ නෑ.

    එතකොට එයාල ඉතින් කරන්නෙ කෙලින්ම ඇප්ලයි කරල පඩේකට ගනන් ගන්නෙ නැති නිසා, ලන්කාවෙන් හොද රටකට ආපු ප්‍රොෆෙසර් කෙනෙක්ට මුට්ටිය අල්ලල, එයාගෙ යටතේ තමයි ගොඩක් වෙලාවට PhD එක කරන්නෙ 😂. අහල බලන්න PhD එක කරපු ලන්කා රජයේ කැම්පස් වලින් හොද රටකට ගිය කෙනෙක් නම් ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක් යටතේ නේද PhD එක කලේ කියල 😁 99% දෙනෙක් ම කියයි ඔව් කියල 😂

    "ඉතින් ලන්කාවෙ රජයේ ජොබ් වගේ ජොබ් වලට ගොඩක්ම යන්නෙ ලන්කාවෙ රජයේ කැම්පස් අයනෙ" --> ඒ ඉතින් එයාලගෙ කෙනෙක් ජොබ් එකකට රින්ගුවාම එයාල කොයිවෙලෙත් බලන්නෙ රජයේ කැම්පස් එකේ එකෙක්වම එයාල වැඩ කරන තැන් වලට ගන්නයි. නැත්තන් බහුතරයක් රජයේ කැම්පස් වල ඉගෙන ගත්ත එවුන් ගිරව දාල විභාග පාස් කලාට ඊට එහා දැනුමක් නෑ. දෙයක් හිතල කරන්න පුලුවන් කමක් ඇත්තෙම නෑ 😂.

    තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න බම්ප් එකක් දාන් යන්න අමතක කරන්න එපා 🍻🥂
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    controlling-laugh-laughing.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මම එතනෝල් සහ මෙතනෝල් නිස්සාරණය කිරීමට පරීක්ෂණ කළා කාලයක් සාර්ථකයි. කැනබිස් (ඔව්ෂධිය ශාකයකි) වගාව පිලිබන්ධව පර්යේෂණයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නව. බලධාරීන්ගෙන් කිසිම සහයෝගයක් නෑ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉන්ජිනේරුවන් (Engineers) (විද්‍යාඥයින් නොවේ):

    බොහෝ විට BSc හෝ MSc උපාදි පමනක් ඇත. මොවුන්ගේ දැනුම් ප්‍රමානය ඉතා සීමිතය, අල්පය. ඉන්ජිනේරු ශිල්පය පිලිපද ප්‍රාතමික දැනුමක් පමනක් ඇත. උදා: සිවිල් ඉන්ජිනේරුවන්. ව්‍යුහාත්මක පිබුරුපත් වැනි දෑ කිරිමට හැකියාවක් ඇත. ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවන්, පරිඝනක ඉන්ජිනේරුවන් වැනි අයද උදා හරන ලෙස ගත හැකිය.

    මොවුන්, පෙර සදහන් කල ඉන්ජිනේරු පර්යේශකයන්ගේ උපදෙස් පිලිපැදීමට බැදීසිටී. (කොටින්ම කිව්වොත් ඉන්ජිනේරුවන්ට කැම්පස් වල උගන්නන්නෙ, ඉන්ජිනේරු පර්යේශකයො කලින් කරපු නව සොයාගැනීම් වලින්)

    ඉතින් ඉන්ජිනේරුවන් (Engineers) ඉන්නෙ හරිම පහලින්, ඉන්ජිනේරු පර්යේශකයන් (Engineering Researchers) එක්ක සසදද්දි.

    uba me tika elakiriye inna ekek target karala neda kiwwe :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    මම එතනෝල් සහ මෙතනෝල් නිස්සාරණය කිරීමට පරීක්ෂණ කළා කාලයක් සාර්ථකයි. කැනබිස් (ඔව්ෂධිය ශාකයකි) වගාව පිලිබන්ධව පර්යේෂණයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නව. බලධාරීන්ගෙන් කිසිම සහයෝගයක් නෑ

    මෙතනෝලුත් නිශ්පාදනය කලාද? උබ මෙතනෝල් ටික බීපන් මට එතනෝල් ටික දීල 😁

    uba me tika elakiriye inna ekek target karala neda kiwwe :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    😂 ඒ කව්ද ඒ?
    ------ Post added on Dec 7, 2023 at 2:14 PM
     
    • Haha
    Reactions: Mr Bones

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    Machan...chartered engineer kiyan 1kath podak kiyala den na ko

    චාටඩ් ඉන්ජිනියර්ස් ල ඩිග්‍රි වලට උඩින් සහ PhD පර්යේශකයන්ට වඩා පහලින් ඉන්නෙ.

    එයාල ගොඩක් වෙලාවට BSc ඩිග්‍රියට අමතරව තව MSc වගේ (මාස්ටර්ස් ලෙවල්) ඩිග්‍රි එකක් කරපු අය. ඊට අමතරව තව ව්‍යාපෘති කලමනාකරනය (Project Management) වගේ ඉන්ජිනේරු ක්ශේත්‍රයට අවශ්‍ය විශයනුත් ඉගෙන ගත්ත අය.
    තව එයාලට වැඩ කරල අත්දැකීම් තියෙන අය (ගොඩක් වෙලාවට අවු 5 - 10 අතර).

    ඒ දේවල් අදාල රටේ ඉන්ජිනේරු නියාමන ආයතනයට පෙන්නල, චාටඩ් ඉන්ජිනියර් (CEng) කියන ටයිට්ල් එක ගන්නව.

    සමහර අය මාස්ටර්ස් ලෙවල් නැතුව අවුරුදු 10-20 ක් වගේ වැඩ කරල අත්දැකීම් පෙන්නල චාටඩ් ඉන්ජිනියර් (CEng) කියන ටයිට්ල් එක ගන්නව.

    එයාලට පුලුවන් සාමාන්‍ය ඉන්ජිනේරුවන්ට අනුමත කරන්න අවසර නැති දේවල් වලට අනුමැතිය දෙන්න.
    උදා: සිවිල් ඉන්ජිනේරු ක්ශේත්‍රයේ නම් structural plan (ව්‍යුහාත්මක ප්ලෑන්) වලට අනුමැතිය දෙන්න එයාලට අවසර තියෙනව.

    කොහොමත් සාමාන්‍ය ඉන්ජිනේරු BSc ඩිග්‍රි විතරක් තියෙන අයට වගකීමක් සහිත දේවල් අනුමත කරන්න දෙන්න හොද නෑ.
    එක්කො චාටඩ් කෙනෙක් එහෙම නැත්තන් ඊටත් එහා ඉගෙන ගත්ත PhD තියෙන කෙනෙක්ට තමයි වගකීමක් බාරගතයුතු වැඩ දෙන්න ඕනෙ.

    කොහොම ගත්තත් ඒක ලොකු වගකීමක් සහිත ටයිට්ල් එකක්.

    Agriculture Research ommited

    සමාවන සේක්වා, අමතක උනා 😁 ලිස්ට් එකට එකතු කලා 🍻
    ------ Post added on Dec 7, 2023 at 3:10 PM
     
    • Haha
    • Like
    Reactions: Ashan052 and slsal

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    ලංකාවේ රජයේ campus සහ ගැන කතාව නම් ඇත්ත..

    හැබය් tesla, apple, NASA ඇතුළු ගොඩක් cutting edge innovation වල Bsc විතරක් තියන අය ඕන තරම් ඉන්නවා.. බොහොමයක් VP ලට තියෙන්නේ Bsc විතරය්.. හැබය් අම්මට සිරි වෙන industry track record එකක් portfolio එකක් තියනවා..
    මොකද ඔය සමාජ තත්වේ, රට පනින්න අවස්ථාව, පඩිය වගේ දේවල් බලාගෙන ඉගෙන ගන්න ආසියානු මනසිකතවෙට වඩා ඇත්තට අලුත් දෙයක් කරන්න try කරන මිනිස්සුනට certificate ගැන කිසිම තැකීමක් නැහැ..
    විශේෂයන්ම ලංකාවෙන් south asian වගේ රටවල සම්බවයක් තියන Phd ගත්ත බහුතරයක් ලොකු talent එකක් තියන අය නෙමේ, ඒගොල්ලන්ට තියන්නේ පොඩි කාලේ ඉඳන් තියන certificate ගැනීම සහ හැමදේම සමාජේ පිළිගැනීමට, රට පැනීමට, සල්ලි පඩිය වෙනුවෙන් කරන ලෙඩේ..
    ලංකාවේ Bsc විතරක් තියන එවුන් phd උන්ට වඩා හොඳය් කියනවා නෙමෙය්, සරලව south asian සම්බවයක් තියන ඕන එකෙක්ට මොන paper qualification එකක් තිබ්බත් 90% කටම එක paper එකටම සීමා උන දෙයක්..
    එනිසා අරකට වඩා Phd එක උසස්, අර degree මෙහෙමය් කියල නිකන් කොළ වලට මෙතන මරාගෙන පුක දෙන්න එපා..
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    ලංකාවේ රජයේ campus සහ ගැන කතාව නම් ඇත්ත..

    හැබය් tesla, apple, NASA ඇතුළු ගොඩක් cutting edge innovation වල Bsc විතරක් තියන අය ඕන තරම් ඉන්නවා.. බොහොමයක් VP ලට තියෙන්නේ Bsc විතරය්.. හැබය් අම්මට සිරි වෙන industry track record එකක් portfolio එකක් තියනවා..
    මොකද ඔය සමාජ තත්වේ, රට පනින්න අවස්ථාව, පඩිය වගේ දේවල් බලාගෙන ඉගෙන ගන්න ආසියානු මනසිකතවෙට වඩා ඇත්තට අලුත් දෙයක් කරන්න try කරන මිනිස්සුනට certificate ගැන කිසිම තැකීමක් නැහැ..
    විශේෂයන්ම ලංකාවෙන් south asian වගේ රටවල සම්බවයක් තියන Phd ගත්ත බහුතරයක් ලොකු talent එකක් තියන අය නෙමේ, ඒගොල්ලන්ට තියන්නේ පොඩි කාලේ ඉඳන් තියන certificate ගැනීම සහ හැමදේම සමාජේ පිළිගැනීමට, රට පැනීමට, සල්ලි පඩිය වෙනුවෙන් කරන ලෙඩේ..

    පව් ඉතින් පොඩි එකා. ඉස්කෝලෙ වැඩ නැද්ද තොට? හොද රටකට යන්නත් සර්ටිෆිකට් එකක් හෝ ඕනෙ 😌 දුවපිය කිව්වෙ පොඩි එවුන් එනව මෙතන ලොකු කතාවල් කියන්න 😡