ඔය කතාවට සමපාත වෙන වෙනස් කාරණෙකට ඊලාන් උන්නැහෙ උත්තරයක් දෙනවා .
මන් ඒ වීඩියො එක මෙතන ඇටැච් කරන්නම් .
ඇමරිකාවෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා
මගෙ ක්‍රමෙට උත්තරයක් දුන්නොත් මන් බයස් කියලා හිතෙවි.
එත් එදා ඉඳන් තෙරුණ අවුල් සහගත තත්වයක් තියෙනවා .
ඒ අධ්‍යාපන ක්‍රමය තුල.
ඔව් මට පී එච් ඩී නැහැ ,එම් බී ඒ නැහැ .
එතකොට කියාවි අහ් උඹට එව්ව නැති නිසා දුකට උඹ මේ වගෙ උත්තර දෙනවා කියලා .
මට එම් බී ඒ පී එච් ඩී ගන්න කිසි දවසක ආසාවක් වත් උවමනාවක් වත් ඇති වෙලා නැහැ .
හේතුව මන් එදා ඉඳන් හිතපු විදියෙ වෙනස් බව නිසා වෙන්න ඇති.
පොඩි කාලෙ උඹට කියන්න ලෝක සිතියම් පොතෙ නිෂ්පාදන කොටස් වල තියෙන තොරතුරු කියවගෙන යද්දි මට ලංකාව ගැන දුක හිතුණා.
ලංකාවෙ නම තිබ්බෙ තේ නිෂ්පාදනයට විතරයි ඒකත් 7 වෙනි ස්ථානය.
අනික් දේවල් වල ඇමරිකාව, බ්‍රිතාන්‍ය ,චීනය, ජර්මනිය, ජපානය ඒ වගෙම අසල් වැසි ඉන්දියාව සැහෙන තැනක හිටියා.
පස්සෙ කාලෙ ලොකෙ ගැන විෂයන් තුළින් අධ්‍යනය කරද්දි කියවෙච්ච ශ්‍රෙෂ්ඨයි කිව්ව චරිත කරාපු දෙවල් බැලුවොත් බහුතරය බටහිර රටවල් වල නමක් තියෙන එකෙක්.
අපෙ උන් කරලා තියෙන්නෙ වැව් දාගැබ් හදපු එක විතරද කියලත් මට වෙලාවකට හිතුණා.
ඔන්න ඔය වගෙ කාරණා ඔළුවට එද්දි තම මන් ප්‍රශ්න කරෙ අපෙ රටෙ අයිලන්ඩ් රැන්ක්ස් දාන උන් ටොන් ගණන් ඉන්නවා හැම සබ්ජෙක්ට් එකෙන්ම .
ඩිග්‍රි ගන්න ඔනි තරම් උන් ඉන්නවා .
ඇහැව්වොත් මොකක් හරි ඩිග්‍රි එකක් ප්‍රයිවට් හරි කරනවා .
එත් ඇයි අපිට බැරි අර බටහිර මිනිස්සු ආපු තත්වෙට එන්න ?
වැව් දාගැබ් වලින් එහාට අපි ගිහින් නැහැ නේද වගෙ එකක් හිතුනා .
ඒ වගෙම ඉගෙනීම කියන කාරණාවෙදි අපි කරන්නෙ මොකක්ද ?
ඉගෙන ගන්නෙ ඇටෑක් එකට.
අල්ලපු ගෙදර එකාට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගන්න .
නෑයන් අතරින් උඩින් ඉන්න .
ඉස්කොලෙ යාළුවොන්ට වඩා උඩින් ඉන්න වගෙ දෙවල් වලට.
එකෙක්වත් දැනුමට සහ උගත් දේ ප්‍රායොගිකව යොදාගන්න කොහොමද කියන එක ගැන අදහසක් නැහැ .
කොටින්ම ගණිතය කරද්දි අවකලනය, අනු කලනය, ත්‍රිකොණ මිතිය කරාට අපි දැනන් උන්නෙ නැහැ එව්වායෙ ප්‍රයොගික යෙදීමක් කරගන්න විදියක් ගැන .
ඒ ලෙවල් ෆිසික්ස් වල ඉලෙක්ට්‍රොනික් පාඩම කරලා අඩුම ගාණෙ සර්කිට් එකක්වත් අමුණ ගන්න පුලුවන් දැනුමක් එනවද ?
කොහෙත්ම නැහැ ?
විභාගයක් ගොඩ දාගෙන ලකුනු ටිකක් අරගෙන තැනකට පැනගන්න එක තමා කරන්නෙ.
ඔය උඹ කියලා තියෙන එම් බී ඒ ,පී එච් ඩී උනත් ගොඩක් උන් කරන්නෙ මොකද ?
කරන රස්සාවෙන් උඩට යන්න ,පඩිය ටිකක් වැඩි කරගන්න වගෙ දේවල් වලට අමතර සුදුසු කමක් විදියට මිසක් උගත් දේ ප්‍රායොගිකව ක්‍රියාත්මක කරලා ප්‍රයොජනවත් ඇති දෙයක් කරන්න නෙමෙ ?
ඩොක්ටර්ස් ලා කියන අයට පුලුවන්ද පිට රට වෛද්‍ය සඟරාවක තියෙන දෙයක් කිවලා හරියකට අපිට තෙරෙන විදියට කියලා දෙන්න ?
කොටින්ම මෙ කොවිඩ් වෙලාවෙ දොස්තරලා වගෙ අයට පුලුවන්ද ඒකට විසඳුමක් වත් කියන්න ?
උන් කියන්නෙත් අර බටහිරින් වමාරන දේ?
අපිට උනත් ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් ඒ කියන දේවල් මේ දැන් උනත්.
ඉතිං ඔය ආර්ථික විද්‍යා උපාධි තියෙන කොලිෆයිඩ් පොරවලුත් ඔය වගෙ තමා මෙ ඩොලර් ප්‍රශ්නෙදි ? අතීසාරයට අමුඩෙ ගහන එක තමා කරන්න වෙන්නෙ උන්ටත්.