ක්‍රිකට් වල ෆෑන්ස් ල අතරෙ මෙයා වෙනම ක්ලාස් එකක්. දැනුත් සුපර් ෆෑන්ස්ල ඉන්නව ඒත් කිසිම ප්‍රතිලාභයක් නැතුව, අතින් කයිට් කරගෙන බලන්න වෙන හරිම හම්බල් තැනක ලංකාවෙ ක්‍රිකට් තිබ්බ pre-1996 කාලෙ ඉඳලම නොකඩවා ලංකාවෙ මැච් වලට සපෝට් කරපු ෆෑන්ස්ල නෑ. ඒ මදිවට මෙයා මර්කන්ටයිල් මැචස් වලටත් යනව ඉස්සර.
අනික පර්සිගෙ අධ්‍යාපනෙ. ගේම් එක ගැන හොඳ දැනුමක් වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ ඇම්බැසඩර් කෙනෙක් වෙන තරමට පර්සනැලිටියක් තිබුනා. භාෂාව හැකියාව—සිංහල නම් සිංහල, ඉංග්‍රීසි නම් ඉංග්‍රිසි...ඕනෙ අතකට අඹරන්න පුලුවන් (ඒකත් ශ්‍රී ලංකන් අන්කල් ඉන්ග්ලිෂ්, ඕන කෙනෙක් කනෙක්ට් කරගන්න පුලුවන් පට ගාල).