පරිගණකයේ පියා කවුද

cat123

Well-known member
  • Sep 25, 2007
    2,700
    4,438
    113
    17761121_425887244447548_7751125478845362468_o.jpg


    පරිගණකයේ පියා කවුද කියල ඇහුවොත් ඕනෙ කෙනෙක් කියාවි චාල්ස් බැබේජ් කියල. ඒත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි නූතන පරිගණක විද්යාවේ පියා කවුද කියන එක. ඒ තමයි ඇලන් ටියුරින්ග්.

    දෙවෙනි ලෝක යුද සමයෙදි හිට්ලර් තමන්ගෙ හමුදාවට අණ දෙන්න පණිවුඩ යැවුවෙ කේතනය (encrypt) කරල. උදාහරනයක් වශයෙන් සරලම අවස්තාවක් ගත්තොත් ABCD කියල ලියන වචනයක් වෙනුවට වචනයේ හැම අකුරම එක අකුරක් ඉදිරියට අරන් පණිවුඩයෙ සඳහන් වුනේ BCDE කියල. එතකොට ප්රතිවාදීන්ගෙ අතට මේ පණිවුඩය ගියත් හඳුනගන්න නම් වෙනස් කරපු ක්රමය ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒත් මේ වැඩේට හිට්ලර් භාවිතා කලේ ලේසි පහසු කේතයක් නම් නෙවෙයි. ඔහු භාවිත කලේ ENIGMA කියල යන්ත්රයක්. සෑම දිනකම ඔහු තමන්ගේ ඉදිරි යුධ සැලැස්මේ වැඩි ආරක්ශාව සඳහා මේ encrypt කරන ක්රමයත් වෙනස් කලා.

    එංගලන්ත රජය තේරුම් අරන් තිබුන දෙයක් තමයි හිට්ලර්ව පහසුවෙන් පරාජය කරන්න අවශ්ය නම් ඔහු තමන්ගේ සොල්දාදුවන්ට නියෝග නිකුත් කරන මේ පණිවුඩ විකේතනය (decrypt) කරගත යුතු බව. රටේ හිටපු සුපිරිම ගණිත්ඥයො, විවිද ස්ථාන වලින් ආපු ඉහල IQ තියන පුද්ගලයො විශාල වශයෙන් රජය යොදාගත්ත මේ සඳහා. මිනිස්සු එක්කෙනෙක්ට නෙවෙයි සිය දහස් ගනනකට වුනත් බැරි වුනා දිනක් තුල මේ කේතය ගනනය කිරීම් වලින් හොයාගන්න හෝ අනුමාන කරන්න. ඊලඟ දිනයෙ භාවිතා කරන්නෙ වෙනත් කේතයක් නිසා මිනිස්සුන්ට සිදුවුනා කලින් දවසෙ වැඩ හැමදෙයක්ම පැත්තකට දාල හැම දවසකම නැවත මුල ඉඳන් පටන් ගන්න.

    මේ අය අතරින් ඇලන් ටියුරින්ග් කියන පුද්ගලයා ටිකක් වෙනස් ආකාරයට කල්පනා කරල මේ පණිවුඩ විකේතනය කරන්න මිනිසුන්ගේ වේගය සහ කාර්යක්ශමතාව මදි, මේකට ENIGMA යන්ත්රයෙන් කරන ක්රියාවලිය ආපස්සට කරන යන්ත්රයක් හොයාගන්න ඕන කියන අදහස ඇතිව අනිත් සියලුදෙනා කේතය විකේතනය කරන්න උත්සාහ කරන අතරෙ යන්න්ත්රයක් හදන්න උත්සාහ කලා. මේ නිසා ගොඩක් අයගෙ සමච්චලයට වගේම කරදර වලට ලක් වුනා ඔහු. සම්මානලාභී The Imitation Game චිත්රපටයේ ඔහුගේ මේ ජීවිත කතාව බොහොම ලස්සනට බලාගන්න පුලුවන්.

    අවසානයේදි සියලු දෙනාට ප්රහේලිකාවක් වෙලා තිබුණ හිට්ලර්ගේ පණිවුඩ විකේතනය කරන යන්ත්රයක් නිපදවන්න ඇලන් ටියුරින්ග් සමත් වුනා. හිට්ලර්ගේ සැලසුම් හෙලි කරගෙන, වසර කිහිපයකට කලින්ම දෙවෙනි ලෝක යුද්ධය අවසන් කරන්නත්, ජීවිත මිලියන ගනනක් බේරාගන්නත් ටියුරින්ග් ගේ මේ යන්න්ත්රය සමත් වුනා. අවාසනාවකට මේ සිදුවීම් වලින් වසර කිහිපයකට පස්සෙ එකල එංගලන්තයේ වරදක් යැයි රෝගයක් යැයි සලකා තහනම්ව තිබූ ටියුරින්ග් ගේ සමලිංගික ඇසුර නිසා ඔහුව රෝහල්ගත කර ප්රතිකාර කිරීමෙන් සුව අතට පත් කිරීමට උත්සාහ කරනවා. අධික මානසික පීඩනය හේතුවෙන් සයනයිඩ් එන්නත් කල ඇපල් ගෙඩියක් කෑමෙන් ඔහු සියදිවි හානි කර ගන්නවා. නූතන පරිගණක විද්යාව සඳහා ටියුරින්ග් විසින් සිදුකල මහඟු කාර්යයට ගරු කිරීම පිණිස අද ලෝක ප්රකට ඇපල් සමාගම තමාගේ ලාංඡනය සඳහා ටියුරින්ග් අවසන් වතාවට වස යොදා අනුභව කල ඇපල් ගෙඩිය යොදාගෙන තිබෙන බව කියැවෙනවා.

    from : fb
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සුපිරි. අහල නොතිබූ කතාවක්.

    මේ කතාව වගේම චිත්‍රපටයක් කාලෙකට කලින් මම බැලුවා.

    windtalker (නම හරියටම මතක නෑ)

    මේ කතාවේ කියවෙන්නේ අමරිකාව තමන්ගේ පණිවුඩ සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා ගෝත්‍රිකයන් සෑම භට කණ්ඩයක් සමගම යොදවා ඔවුන් ලවා රේඩියෝ පණිවිඩ ලබා දීමයි. භට ඛණ්ඩයේ නායකයා තම දිවි පරදුවට තබා ගෝත්‍රිකයා බේරා ගත යුතුයි. යම් හෙයකින් ඔහු සතුරා අතට පත්වුවහොත් ඇමරිකාවේ රහස් පණිවිඩ සියල්ල සතුරාට ලැබෙන නිසයි. හොයාගෙන බලන්න. ලස්සන කතාවක්.