පරිගණක තිරයෙන් අහස බලමු !

nisal bro

Active member
  • Apr 11, 2020
    32
    116
    33
    රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම කවුරුත් ඉතා ප්‍රියා කරන කාර්යකි. දිනකදී අහස නිරීක්ෂණය කරනා නිරීක්ෂකයෙකුට තරු 3000-3500 අතර ප්‍රමාණයක් දැකගන්න පුළුවන් වනවා. ඔබ රාත්‍රී අහස නිරීක්ෂණය කරන විට ආලෝක දුෂණය වැනි ගැටලු වලට මුහුණ දෙනවා ඇති. ලෝකය ඉතාම ශීග්‍රයෙන් දියුණුවීම මීට ආසන්නතම හේතුවයි. අනවශ්‍ය දීප්තිය (Cover illumination) අහස් දිලියුම (Sky Glow) හා බලවත් දීප්තිය වැනි ආකාර කිහිපයක් ආලෝක දුෂණය තුල හඳුනාගෙන තිබෙනවා. මෙම ගැටළු ගැන වැඩි දුර අද්‍යනයක් කිරීමට ඉදිරි දිනකදී බලාපොරොත්තු වනවා.


    මෙම ඉහතින් දැක්වූ ගැටළු වලට පිලියමක් ලෙස නිරීක්ෂණාගාර සැදීමේදී බොහෝ හුදෙකලා ප්‍රදේශ තෝරගෙන තිබෙන්නේ ඒම නිසාය. ඔබත් අහස් නිරීක්ෂණයෙදී මෙවැනි ගැටළු වලට අනන්තවත් මුහුණ දෙනවා ඇති. නගරාශ්‍රිත ප්‍රදේශයක ජිවත් වනවානම් ඔබ මෙවැනි ගැටළු වලට මුහුණදීමට සිදුවනවා නොඅනුමානයි. නමුත් වර්තමානයේ නවීන තාක්ෂණයේ දියුණුවත් සමගින් මෙවැනි ගැටළු වලට බොහෝ පිළියම් තිබෙනවා. ඉන් එක ආකාරයක් ගැන දැන් බලමු. “Stellarium” නැමැති මෘදුකාංගය භාවිතයෙන් ඔබ‍ට මෙම ගැටළු මගහරිමින් ඉතාම පැහැදිලිව පරිගණක තිරයෙන් අහස නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඔබ සිටින ස්ථානයට හා වෙලාවට ඔබ ඉහල අහසේ ඇති ග්‍රහ වස්තු පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. වර්ෂා දිනයකදී නම් මෙය ඉතා අගනා යෙදවුමක් වනවා නියතයි. මෙම මෘදුකාංගය ඉතා සිතදගන්නසුලු මෘදුකාංගයක් වනවාත් සමගම ඔබ‍ට අහසේ තිබෙන සියළුම ග්‍රහ වස්තුවල තොරතුරු ( තාරකාවකට ඇති දුර, දිප්තිය වැනි දේ ) බොහොමයක් දැනගැනීමට ඔබ‍ට හැකියාවක් තිබෙනවා. තාරකා භෞතික විද්‍යාවේදී භාවිතාවන තරුවලට දුර මැනීමේදී Parallax කෝණය, එම වස්තුවට ඇති දුර ආලෝක වර්ෂා වලින් බලා ගැනීමේ හැකියාවද ඔබ‍ට තිබෙනවා. 250MB වැනි සුළු මෙගා බයිට ප්‍රමාණයක් වැයකරමින් මෙම මෘදුකාංගය ඔබ‍ට ඉතාම පහසුවෙන් බාගත ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබේ පරිගණකයට ගැලපෙන අයුරින් (Windows, Doc, Linux, Apple වැනි) මෙය බාගත හැකි වීමද විෂෂත්වයක්, ඔබ‍ට අවශ්‍ය නම් මෙය පරිගණකයට භාගත නොකර online භාවිතා කිරීමේ හැකියාවද දැන් ලබා දීලා තිබෙනවා. මෙම මෘදුකාංගය භාවිත කරන අයුරු හා බාගත කරගන්නා ආකාරය ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත Video එක නරඹන්න


    Stellarium
    මෙම මෘදුකාංගය 2001 වසරේදී නිකුත් කරනු ලැබුවා. 2006 වසරේදී මෙය අද්‍යාපනය සම්බන්ධ රන් සම්මානයකින්ද පිදුම් ලැබුවා. මෙය මේවනවිට Symbian, Maemo, Android සහ Ios වැනි ජංගම උපාංග ඉලක්කගතකරගෙන තිබෙනවා. නමුත් පරිගණක තිරයකින් අහස නිරීක්ෂණය කරනවට වඩා පියවි ඇසින්ම අහස නිරීක්ෂණය කිරීම වඩා ප්‍රියජනක බවද මතක තබා ගන්න.

    ලිපිය ගත්තේ : geeks.lk
    article : පරිගණක තිරයෙන් අහස බලමු ! | GEEKS
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Mama use karanne star walk 2 kiyana eka.
    Okata wada hodai mata nam.
    Try karaka balanna
    https://play.google.com/store/apps/details?id=com.vitotechnology.StarWalk2Free
    oka live sky eka name neh penne build raprapu image ekak neh. mama oka use kara ara lagadi awa comet eke location balanna meheta penune nane.

    Stellarium

    oka live sky da nath nam build karapu image ekak da ?



    web version eka: https://stellarium-web.org/
    live stream karana service thiyenawa pay karala balanna puluwan live sky

    night sky with Telescope captured images http://worldwidetelescope.org/webclient/
    1606738594879.png
     
    Last edited: