පරිගණක භාෂාවේ “debug” වචනයේ උපත...........

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පරිගණක භාෂාවේ “debug” වචනයේ උපත...........

    ~ The story Of the first Computer“Bug”& word “debug” ~



    [FONT=&quot]1906 දෙසැම්බර් මස ඇමරිකාවේ නිව්යෝක් හි උපත ලැබු ග්‍රේස් මුවර් හොපර් [FONT=&quot]Vassar [/FONT][FONT=&quot]පාසලෙන් තම උපාධිය ලබා 1928 දි ඇමරිකානු යාලේ සරසවියෙන් ගණිතය පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ගන්නා ලදි[/FONT][/FONT][FONT=&quot]..[/FONT]

    ග්‍රේස් මුවර් හොපර් මහත්මිය..

    Chamikawpblogspotcom9-1.jpg


    1931 සිට 1943 වෙනතුරුම එහි රැදී සිටි ඇය 1944 දි බලලත් ලුතිනන් වරියක ලෙස ඇමරිකානු නාවික හමුදාවට එක්වු අතර එකල පරිගණකයේ මුල් අවධියේ එය දියුණු කරමින් සිටින හොවාඩ් අයිකන් සමඟ වු කණ්ඩායමක සමාජිකාවක විය..ඇමරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තිබු
    Mark II Aiken Relay Calculator
    නම් වු ප්‍රාථමික පරිගණකයක කටයුතු හා පද්ධති සොයා බලමින් පරිගණක භාෂාව දියුණු කරමින් රාජකාරි කලේය..


    Mark II Aiken Relay Calculator පරිගණකය

    Chamikawpblogspotcom6-1.jpg



    ඇමරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ එය පිහිටා තිබු ගොඩනැගිල්ල..

    Chamikawpblogspotcom7-1.jpg


    දිනක් එනම් 1947 සැප්තැම්බර් 09 දින ඔවුන් වැඩ කටයුතු කල පරිගණකය ක්‍රියාවිරහිත වු අතර එහි වු ආබාධය සොයා බැලීමේ දි සිදුව තිබුනේ F නම් වු පැනලයේ Relay #70 කොටසේ සලඹයකු (කෘමියකු Bug ) ඇතුල් වි එහි සිරවීම නිසා මෙහි ක්‍රියාවිරහිත වීම සිදුව ඇති බවයි..

    Chamikawpblogspotcom4-1.jpg


    මේ ගැන ඔවුන් ලොග් පොතේහි
    “ First actual case of bug being found” යනුවෙන් සඳහන් කරමින් එම සලඹයා ද එහි අලවා තැබීය. ඉන් පසු එම කාමරයේ තිබු ජනේල වසා දැමීම මගින් එලෙස තව දුරටත් එසේ සිදුවීම වලක්වා ගැනීම සිදුකර ගන්නා ලදි. එලෙස වු bug හෙවත් කෘමියකු ඇතුල්ව ක්‍රියාවිරහිත වු පරිගණකය එය ඉවත් කිරිමෙන් ක්‍රියාකිරිම නිසා කෘමියා අයින් කිරීම හෙවත් Debug යන වචනය පරිගණක භාෂාවට එකතු විය. එලෙස එකතු වු එම Debug වචනය VB හෙවත් විෂුවල් බේසික් මෘදුකාංගයේදී බොහෝ විටම භාවිතා වේ..


    Chamikawpblogspotcom10-1.jpg


    ඉවත් කල සලඹයා සහිත ලොග් පොතෙහි පිටුව අදත් ඇමරිකානු වර්ජිනියා ජනපදයේ එල්ග්‍රේන් හි නාවික පෙරමුණු පරිගණක කෞතුකාගාරයේදී දැක ගත හැකිවේ..

    සලඹයා සහිත ලොග් පොතෙහි පිටුව
    Chamikawpblogspotcom3-1.jpg

    1992 ජනවාරි මස 01 දින ග්‍රේස් මුවර් හොපර් මහත්මිය මිය යනවිට ඇය ඇමරිකානු නාවික හමුදාවේ රියර් අද්මිරාල් වරියක ලෙස කටයුතු කල අතර ඇය කල සේවය උදෙසා ඇය වෙනුවෙන් ඇමරිකානු නාවික හමුදා නෞකාවක් ද නම් කර ඇත.එය USS Hopper (DDG-70) නමින් අදත් දක්නට පුළුවන් වේ..

    Chamikawpblogspotcom11-1.jpg

    USS Hopper (DDG-70) යුධ නෞකාව හා රියර් අද්මිරාල් වරියක වු ග්‍රේස් මුවර් හොපර් මහත්මිය නිලඇදුමින් සැරසී..
    Chamikawpblogspotcom8-1.jpg


    අද වන විට නම් මේ
    bugs, worms, viruses ආදිය බොහෝමයක් වන අතර පරිගණක විද්‍යාඥයින් කියන පරිදි දිනකට malware වැඩසටහන් 55.000 වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට එකතු වෙනවලු.ඒ හින්දම ජනෙල් වහලා නම් අපේ පරිගණකය බේර ගන්න අමාරුයි.
    හොද වයිරස් ගාඩ් එකක් දාන එකම තමා හොද..

    source:
    Code:
    http://chamikawp.blogspot.com
     
    • Like
    Reactions: Kasun k