පරිණාමයත් වැරදි පාරේ ?

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පරිණාමයත් වැරදි පාරේ ?

    මෙතෙක් ලොව හඳුනාගෙන ඇති කිසිදු හාක හෝ සත්ත්ව වංශයක් යටතේ වර්ගීකරණය කළ නොහැකි අමුතුම ජීවීන් විශේෂ දෙකක් ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇතැයි විද්‍යාඥයෝ කියති.
    කොඳු ඇට පෙළක් ඇති හෝ නැති සත්ත්ව විශේෂ වලට හෝ මල් හටගන්නා හෝ මල් හටනොගන්නා ශාක විශේෂ වලට මේ සතුන් අත්වන්නේ නැත. හත්තක් වැනි ස්වරූපයක් ගන්නා මොවුන්ගේ සිරුර ඇතුලත ආමාශයක් දක්නට ලැබෙන බවත් එය වටා ජල්ලිමය ද්‍රාවණයක් ඇති බවත් පවසන විද්‍යාඥයන් මොවුන් ඩෙන්ඩ්‍රොග්රැම්මා ලෙස හඳුන්වා ඇත.
    ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ අදින් වසර කෝටි 60ට පමණ පෙර පෘථිවියේ ජීවත්ව සිට සිය වරිගයා වඳවී යද්දී ආයාසයෙන් දිවි ගලවාගත් සුළු පිරිසකගෙන් පැවත එන්නන් විය හැකි බවයි. තවත් විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ බහු සෛලික ජීවීන් පරිනාමය වෙද්දී පරිනාමිකව අසාර්ථක වූ සත්ත්ව විශේෂ දෙකක් විය හැකි බවයි.
    ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාවේ තස්මේනියාවත්, බාස් සමුද්‍ර සන්ධියත් අතර මුහුදේ අඩි 1,312ත් අඩි 3,280ක් පමණ ගැඹුරු මුහුදු පත්ල සූරා ලබාගත් රොන් මඩ අතර තිබී මේ සත්ත්ව විශේෂ දෙක සොයාගෙන ඇත.
    මේ සත්ත්වයන් දෙදෙනා ඩෙන්ඩ්‍රොග්‍රැමා එනිග්මැටිකා හා ඩෙන්ඩ්‍රොග්‍රැමා ඩිස්කොයිඩ්ස් ලෙස නම්කැර ඇත



    journal.pone_.0102976.jpg