පරිප්පු ලන්කාවේ වගාකරමු

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,245
    1
    407
    83
    sri lanka
    අපි රටක් හැටියට පරිප්පු කන්න පටන් ගත්තේ කොයි කාලේද ?

    රජකාලේ,අඩුම යටත් විජිත යුගයේදී වත් පරිප්පු කෑමට ගත්තා කියල අහල නෑනේ.....

    :confused::confused::confused:
    Athatama paripu koe kalada ban api kana gatha ? Jr 77 passada ganuwa ?? Turkey and aussie and India walin tamai lankawata paripu ena.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඉන්දියාවේ හදනවනේ ඉතිං. :oo: ලංකාවෙයි ඉන්දියාවෙයි දේශගුනේ එච්චර වෙනසක් නෑ නේද

    ඉන්දියාවේ උනත් සමහර ප්‍රදේශ වල විතරයි පරිප්පු වැවෙන්නේ. මොකද ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලගුණික තත්ත්ව වෙනස් වෙනවා.
    https://agriexchange.apeda.gov.in/India Production/AgriIndia_Productions.aspx?productcode=1008

    ගහක් වර්ධනය වෙනකොට එක එක stages තියෙනවා (germination, rooting stage, vegetative growth stage, flowering stage, fruiting stage and harvesting stage). එක එක කාලෙට physiological processes වෙනස් වෙනවා. ඒවාට අවශ්‍ය තත්ත්ව වෙනස් වෙනවා. ඒවා ලැබුනොත් විතරයි ක්‍රියාවලියන් හරියට සිද්ධ වෙන්නේ.
    https://www.apnikheti.com/en/pn/agriculture/crops/pulses/lentil-masur

    අපේ රටේ උනත් තෙත් කලාපයේ හොඳට වැවෙන එළවළු වියළි කලාපයේ වැවෙන්නේ නෑනේ. නුවරඑළියෙන් ගේන මල් පැල නුවර වත් හරියට වැවෙන්නේ නෑ.

    එක එක විශේෂ වල ජීවී ක්‍රියා පවත්වා ගැනීමට ප්‍රශස්ත වූ කාලගුණික / පාරිසරික සාධක තියෙනවා. ශාක වලට විතරක් නෙමෙයි සත්ව විශේෂ වලටත් ඒවා අදාළයි. දේශගුණික විපර්යාස නිසා bio diversity එකට වෙන බලපෑම, ජීවී විශේෂ වඳවී යාම වගේ ගෝලීය ප්‍රශ්ණ ඇතිවෙලා තියෙන්නෙත් මේ හේතුව නිසා.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලංකාවේ පරිප්පු වැවෙන්නේ නැහැ. ලංකාවේ research institutes කිහිපයකින්ම පරිප්පු වගාව සම්බන්දව researches කරලා තියෙනවා. ඒවා සාර්ථක වෙලා නැහැ. ලංකාවේ කිසිම ප්‍රදේශයක ඒ සඳහා අවශ්‍ය ප්‍රශස්ත day and night temperature difference එක නැහැ. ඕනෙම පැලයකට තියෙනවා ඒවායේ growth and development එකට අවශ්‍ය climatic requirements. ඒවා ලැබුනේ නැත්තන් එක stage එකකින් පස්සේ ඒ ගහ තව දුරටත් හැදෙන්නේ නෑ.
    youtube එකේ හරියට බොරු videos තියෙනවා එක එක බීජ germinate කරලා පෙන්නන. බීජයක් germinate උන පලියට ඒ පැල සාර්ථකව වර්ධනය වෙලා ඵලදාවක් ලබා දෙනවා කියන්න බැහැ.

    කටට ආපු පලියට නොදන්න මගුල් කියවන්න එපා. ඔයා පරිප්පු කියලා දන්නේ මයිසුර් පරිප්පු විතරයි වගේ. ලංකාවේ පරිප්පු වල සමහර ප්‍රබේද වැවේනවා. ඉතා කෙටි කලක් මම වැඩ කරලා තියනවා ගන්නෝරුවේ. මේවා වවන්නේ නැත්තේ ආර්ථිකමය වාසියක් නැති නිසා මිසක් වැවෙන්නේම නැති නිසා නෙවෙයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dna wenas karala lankawe climate ekata gelapenna hadanna puluwan athi lankawe eun oya wage ewa karanne ne. ne be kiyala ratin genawa lesiyatai commis paratai yata wela.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කටට ආපු පලියට නොදන්න මගුල් කියවන්න එපා. ඔයා පරිප්පු කියලා දන්නේ මයිසුර් පරිප්පු විතරයි වගේ. ලංකාවේ පරිප්පු වල සමහර ප්‍රබේද වැවේනවා. ඉතා කෙටි කලක් මම වැඩ කරලා තියනවා ගන්නෝරුවේ. මේවා වවන්නේ නැත්තේ ආර්ථිකමය වාසියක් නැති නිසා මිසක් වැවෙන්නේම නැති නිසා නෙවෙයි

    video එකේ තියෙන්නේ ලංකාවට ආනයනය කරපු මයිසුර් පරිප්පු. තෝර පරිප්පු නෙමෙයි. මයිසුර් පරිප්පු ලංකාවේ හදන එක සාර්ථක වෙන්නේ නෑ කියන්නේ සාර්ථක වෙන්නේ නැති නිසා. එහෙම නැතුව කාත් එක්කවත් තරහකට කියනවා නෙමෙයි. ලංකාවේ වැවෙන දේවල් වැවෙන්නේ නෑ කියන්න මට අවශ්‍යතාවයක් නෑ. අනිත් එක මං කිව්වේ යම්කිසි stage එකකින් පස්සේ ඒ ගහට අවශ්‍ය කරන පාරිසරික සාධක ලැබෙන්නේ නැතිනං එතනින් එහාට සිද්ධ වෙන ක්‍රියා සිද්ධ වෙන්නේ නෑ කියලා. මං පරිප්පු වගාව ගැන අපේ campus එකේ lecturers ලා කීප දෙනෙක්ගෙන්ම අහලා තියෙනවා. ඊට අමතරව research officers ලා දෙන්නේකුගෙනුත් අහලා තියෙනවා. එයාලා කිව්වේ controlled environmental conditions යටතේවත් ඒවා වගා කිරීම සාර්ථක උනේ නැහැ කියලා. පරිප්පු ලංකාවේ වගා කරන්න පුළුවන් නං ආර්ථිකමය වශයෙන් වාසියක් නැත්තේ නැහැ.

    මාත් ගන්නෝරුවේ ආයතන දෙකකට සම්බන්ධ වෙලා researches කරලා තියෙනවා. ඔයා වැඩ කරේ මොන ආයතනයේද? තනතුර මොකක්ද? ඔයාලා වගා කරපු පරිප්පු ප්‍රභේදයේ නම මොකක්ද? article එකක් publish කරාද?
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    බලමු නේද වගාකරන්න පුළුවන්ද බැරිද කියලා උතසාහ කරලා දැනටමත් වගා කරලා තියෙන්නෙ පැල ඇවිත් තියෙන්නෙ කෝකටත් මගේ chanel එක subscribe කරලා තියන්න හදිසියෙන් හරීගියොත් බලන්න

    ඇයි බන් හදිස්සියෙන් හරි ගියොත් කියන්නේ ? එතකොට උබ මේ හදිස්සියෙන්/කනාවට හරියන වගා සීන් එකක් ගැනද මිනිස්සුන්ට කියන්නේ ???
    :lol: ඒවගේ ඇටේ පැලවෙන සීන් වලින් විතරක්වීඩියෝ ගහනවා නම් මම දෙන්නම් උබට තව භෝග. ආමන්ඩ් ඇට (සුපර්මාකට් වල තියනවා), කොත්තමල්ලි, කිවි ෆ්රුට්..... etc

    ටිකක් ලොකු බෝංචි ඇට දෙක, තුනක් හොයාගෙන අර පොඩි කාලේ අහපු කතාවේ වගේ "මායා බෝංචි වගාව" කියල වීඩියෝ එකක් ගැහුවොත් ලොකු කික් එකක් ගන්න පුළුවන් වේවි බන්.

    මොනවා උනත් අර පොල් මල් වීඩියෝ නම් හොදයි. ඒවා realistic.

    apple nan wawenawa bn. ape thaththa kiuwa issara apple wauwa kiyala wathu wala. eka kohomahari ain karala. ita passe me lagadi man video ekak dakka kohehari thanaka apple waththak wawala thiyanawa. ekath oya research karana thanakma thama. hodata ged hadila thibuna meka balapuwahama therei

    නුවරඑළියේ ඇපල් වත්තකුත් තිබිල ඒක බැක්ටීරියා රෝගයකින් විනාශ වෙලා තියනවා. ඇපල් විතරක් නෙමෙයි ලෝකේ තියන ඕනෑම භෝගයක් වවන්න පුළුවන් කොන්ට්‍රෝල් එන්වයර්මන්ට් එකක. ඇපල් නෙමෙයි මන්නාරමේ කෙසෙල් ගහක් හදාගන්න කොච්චර ගේමක් දෙන්න වෙනවද. මේ කතාවෙන්නේ භෝගය හා එහි මනා වර්ධනයට අදාළ සාධක මිස කොහොම හරි ඇටේ පලකරගැනීම ගැන නෙමෙයි.

    ඔනි මගුලක් හැදෙනව බන් අපේ රත්තරන් පොලොවෙ ආදරේයි

    මචන් ඕන දෙයක් හැදෙනවා නම් ගොවීන්ට කියපන්කො ඔය BG 362, BG 368 වී (මේ හාල් කිලෝව රු 100 ට අඩුයි) වගා කර කර විදවන්නේ නැතුව පාකිස්තානේ, ඉන්දියාවේ සමහර පැතිවල විතරක් හදන බාස්මති වී (ආනයනික හොද බාස්මති හාල් කිලෝව රු 300 න් එහා) වගා කරලා කෝටිපතියෝ වෙන්න කියල. :lol:
     
    Last edited:
    • Like
    Reactions: rcfernando

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    video එකේ තියෙන්නේ ලංකාවට ආනයනය කරපු මයිසුර් පරිප්පු. තෝර පරිප්පු නෙමෙයි. මයිසුර් පරිප්පු ලංකාවේ හදන එක සාර්ථක වෙන්නේ නෑ කියන්නේ සාර්ථක වෙන්නේ නැති නිසා. එහෙම නැතුව කාත් එක්කවත් තරහකට කියනවා නෙමෙයි. ලංකාවේ වැවෙන දේවල් වැවෙන්නේ නෑ කියන්න මට අවශ්‍යතාවයක් නෑ. අනිත් එක මං කිව්වේ යම්කිසි stage එකකින් පස්සේ ඒ ගහට අවශ්‍ය කරන පාරිසරික සාධක ලැබෙන්නේ නැතිනං එතනින් එහාට සිද්ධ වෙන ක්‍රියා සිද්ධ වෙන්නේ නෑ කියලා. මං පරිප්පු වගාව ගැන අපේ campus එකේ lecturers ලා කීප දෙනෙක්ගෙන්ම අහලා තියෙනවා. ඊට අමතරව research officers ලා දෙන්නේකුගෙනුත් අහලා තියෙනවා. එයාලා කිව්වේ controlled environmental conditions යටතේවත් ඒවා වගා කිරීම සාර්ථක උනේ නැහැ කියලා. පරිප්පු ලංකාවේ වගා කරන්න පුළුවන් නං ආර්ථිකමය වශයෙන් වාසියක් නැත්තේ නැහැ.

    මාත් ගන්නෝරුවේ ආයතන දෙකකට සම්බන්ධ වෙලා researches කරලා තියෙනවා. ඔයා වැඩ කරේ මොන ආයතනයේද? තනතුර මොකක්ද? ඔයාලා වගා කරපු පරිප්පු ප්‍රභේදයේ නම මොකක්ද? article එකක් publish කරාද?

    එකගයි. මාත් කියන්නේ මයිසුර් පරිප්පු නම් බැ. නමුත් සමහර පරිප්පු වර්ග පුලුවන්.මගේ නමෙන්ට් එකේ අර්ථයක් එයයි. අනික කන්ට්‍රෝල් කන්ඩිෂන් යටතේ බැ කියන එක පිලිගන් බැ. ඒක නම් මැරුවත් පිලිගන්නැ. එහෙනම් ලෙච්චයියලා හරියට කරලා නැ.

    නැ අර්ථික වශයෙන් ලොකු වසියක් නැ. මාස් ස්කේල් එකේ වවන රටවලින් ඉම්පෝට් කරන එක ලාබයි, කොස්ට් එකට වඩා. අනික ඩිමාන්ඩ් ප්‍රබේද අනුව අපිට වවවන්න පුලුවන් වෙන වර්ග වලට අඩු ඉල්ලුමක් තියෙන්නේ.

    තනතුර ආයතනය කියන්න බැ. ඔයා අහන්න එක සාදාරනත් නැ ෆෝරම් එකක. නමුත් මේවා කියන්නේ ඔයාට ඩිස්ක්‍රිම් කරන්න නෙවෙයි, මාත් වැඩේට දායක වුන නිසා ටිකක් හරි.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඇයි බන් හදිස්සියෙන් හරි ගියොත් කියන්නේ ? එතකොට උබ මේ හදිස්සියෙන්/කනාවට හරියන වගා සීන් එකක් ගැනද මිනිස්සුන්ට කියන්නේ ???
    :lol: ඒවගේ ඇටේ පැලවෙන සීන් වලින් විතරක්වීඩියෝ ගහනවා නම් මම දෙන්නම් උබට තව භෝග. ආමන්ඩ් ඇට (සුපර්මාකට් වල තියනවා), කොත්තමල්ලි, කිවි ෆ්රුට්..... etc

    ටිකක් ලොකු බෝංචි ඇට දෙක, තුනක් හොයාගෙන අර පොඩි කාලේ අහපු කතාවේ වගේ "මායා බෝංචි වගාව" කියල වීඩියෝ එකක් ගැහුවොත් ලොකු කික් එකක් ගන්න පුළුවන් වේවි බන්.

    මොනවා උනත් අර පොල් මල් වීඩියෝ නම් හොදයි. ඒවා realistic.

    නුවරඑළියේ ඇපල් වත්තකුත් තිබිල ඒක බැක්ටීරියා රෝගයකින් විනාශ වෙලා තියනවා. ඇපල් විතරක් නෙමෙයි ලෝකේ තියන ඕනෑම භෝගයක් වවන්න පුළුවන් කොන්ට්‍රෝල් එන්වයර්මන්ට් එකක. ඇපල් නෙමෙයි මන්නාරමේ කෙසෙල් ගහක් හදාගන්න කොච්චර ගේමක් දෙන්න වෙනවද. මේ කතාවෙන්නේ භෝගය හා එහි මනා වර්ධනයට අදාළ සාධක මිස කොහොම හරි ඇටේ පලකරගැනීම ගැන නෙමෙයි.

    මචන් ඕන දෙයක් හැදෙනවා නම් ගොවීන්ට කියපන්කො ඔය BG 362, BG 368 වී (මේ හාල් කිලෝව රු 100 ට අඩුයි) වගා කර කර විදවන්නේ නැතුව පාකිස්තානේ, ඉන්දියාවේ සමහර පැතිවල විතරක් හදන බාස්මති වී (ආනයනික හොද බාස්මති හාල් කිලෝව රු 300 න් එහා) වගා කරලා කෝටිපතියෝ වෙන්න කියල. :lol:

    එකගයි ඔක්කෝටම. උබ හරි.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සමාව බජනය කිරිම

    Good heart ගෙන් සමාව ඉල්ලනවා. මෙතන පටත් පැටලිලලක් වුනා . විඩියෝ බලන්නැතුවයි පරිප්පු කියන මාස් ජොන්රේ දිහා බලලා ඉහල පොස්ට් දෙක්ක දැම්මා. දැන් විඩියෝ බැලුවාම තේරුනේ නිෂාන් සුජිව ගේ ප්‍රෝඩාව. ජර්මිනේෂන් එක්ක අල්ලගෙන පැලවුනා කියලා මිනිස්සු අන්දනවා. විව්ස් ගන්න රත්ත්රන් පස කිය කිය රටේ නම නොකා ඉන්නවානම් හොදා.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එකගයි. මාත් කියන්නේ මයිසුර් පරිප්පු නම් බැ. නමුත් සමහර පරිප්පු වර්ග පුලුවන්.මගේ නමෙන්ට් එකේ අර්ථයක් එයයි. අනික කන්ට්‍රෝල් කන්ඩිෂන් යටතේ බැ කියන එක පිලිගන් බැ. ඒක නම් මැරුවත් පිලිගන්නැ. එහෙනම් ලෙච්චයියලා හරියට කරලා නැ.

    නැ අර්ථික වශයෙන් ලොකු වසියක් නැ. මාස් ස්කේල් එකේ වවන රටවලින් ඉම්පෝට් කරන එක ලාබයි, කොස්ට් එකට වඩා. අනික ඩිමාන්ඩ් ප්‍රබේද අනුව අපිට වවවන්න පුලුවන් වෙන වර්ග වලට අඩු ඉල්ලුමක් තියෙන්නේ.

    තනතුර ආයතනය කියන්න බැ. ඔයා අහන්න එක සාදාරනත් නැ ෆෝරම් එකක. නමුත් මේවා කියන්නේ ඔයාට ඩිස්ක්‍රිම් කරන්න නෙවෙයි, මාත් වැඩේට දායක වුන නිසා ටිකක් හරි.

    පාලිත තත්ත්ව යටතේ වගා කරනවා කියන්නේ මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් පරිසර තත්ත්ව; පාලනය කරන්න පුළුවන් මට්ටමට පාලනය කරනවා කියන එක විතරයි. ඒකෙන් කියවෙන්නේ නැහැ ලෝකේ තියෙන ඕනෙම ගහක් අපිට අනිවාර්යෙන් හදන්න පුළුවන් කියලා. එහෙම වෙනවනං කිසිම විශේෂයක් වඳවී යාමේ තර්ජනයකට ලක්වෙන්න විදිහක් නෑ. අපි theoretically කතා කරාට සැබෑ තත්ත්ව ඒක නෙමෙයි. ඒකයි unknown factor effect කියලා දෙයක් තියෙනවා කියලා කියන්නේ. සමහර ශාක වර්ග තියෙනවා controlled environmental conditions යටතේවත් දැනට වගා කරන්න බැරිඋන. කොන්තාලන් (xylocarpus rumphii) කියන ගහ ලංකාවේ තියෙන්නේ එක ස්ථානයක විතරයි (උණවටුන, ගාල්ල). ඒ ගහ ජාත්‍යන්තර රතු දත්ත පොතේ වඳවී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙන දුර්ලභ ශාක විශේෂයක් ලෙස සඳහන් වෙනවා. ඒ ගහ විවිධ ආකාරයට propagate කරන්න (micropropagation, other vegetative propagation methods and by seeds) මිනිස්සු උත්සාහ කරලා තියෙනවා. ඒත් තවමත් සාර්ථක වෙලා නැහැ. ඕනෙම ජීවී ශාක කොටසක් යොදාගෙන ශාක පටක රෝපණය කරන්න පුළුවන් කිව්වට තවමත් එමගින් හදාගන්න බැරි ශාක තියෙනවා. pemphis acidula කියන්නේ එවැනි ශාකයක්. ඒ වගේ ඕනේතරං උදාහරණ තියෙනවා. මේ ශාක propagate කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා තව researches කරන්න වෙනවා.

    අපේ රටේ මිනිස්සුන්ගේ පරිප්පු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා import කරන එක වාසිදායකයි කියන්න බැහැ. open economy එකක් තියෙන නිසා, ලොකු ඉල්ලුමක් තියෙන නිසා, රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය හරියට යාන්ත්‍රණය වෙන්නේ නැති නිසා සහ රටේ වවන්න බැරි නිසා ගෙන්නනවා.

    මොකක්හරි research එකක් කරලා publish කරනකොට research එක ගැන විස්තර, ඒක කරේ කව්ද, මොන ආයතනයේද, contact details, ඒ සඳහා දායකත්වය ලබා දුන් ආයතන හා පුද්ගලයින්ට ස්තූති කිරීම් කියන මේ සියළු දේවල් දැනගන්නට සලස්වනවා. publish කරපු නැති දෙයක data ඉල්ලනවනන්, ඒක තමයි සාධාරණ නැත්තේ. ඒකයි මම ඇහුවේ article එකක් publish කරාද කියලා.
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අම්මෝ මේකේ ඉන්නේ මොල ගෙනාපු නැව් නේ බන් සිරාවටම මම ත් ට්‍රයි කරේ පැල කරන්න පුළුවන්ද කියලා බලන්න දැනට කොල තුනක් හතරක් ඇවිත් බන් පරිප්පු ගසේ අනේ මන්ද මටනම් ඔයතරම් දැනුමක් නැහැ බ්‍රෝ a/l agri කරා ඒ දැනුම හා රැකියාව ගොවිතැන නිසා අලුත් දේවල් වගාකරන්න උතසාහ කරනව youtube chanel එකක් හදලා එකට දානව අනික මිනිස්සු රවට්ටන්න හිතුවෙ නැහැ මචෝලා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ මේකේ ඉන්නේ මොල ගෙනාපු නැව් නේ බන් සිරාවටම මම ත් ට්‍රයි කරේ පැල කරන්න පුළුවන්ද කියලා බලන්න දැනට කොල තුනක් හතරක් ඇවිත් බන් පරිප්පු ගසේ අනේ මන්ද මටනම් ඔයතරම් දැනුමක් නැහැ බ්‍රෝ a/l agri කරා ඒ දැනුම හා රැකියාව ගොවිතැන නිසා අලුත් දේවල් වගාකරන්න උතසාහ කරනව youtube chanel එකක් හදලා එකට දානව අනික මිනිස්සු රවට්ටන්න හිතුවෙ නැහැ මචෝලා

    උඹ ඔය ගැන කියන්න ඕනේ උඹේ පරිප්පු වගාව සාර්ථක වෙනවද නැද්ද කියල ප්‍රතිපල එක්ක.
    ඒ කිව්වේ අස්වනු නෙලලා ඒකෙ සාර්ථකත්වය, අඩුපාඩු ගැන එහෙම හොයල බලල. මොකද පරීක්ෂණ මට්ටමේ දෙයක් නේ.උඹ එහෙම නොකර පැලේ හිටෝලා කොලයක් දෙකක් ආව පලියට මෙතන වීඩියෝ හදල රටට ලෝකෙට පෙන්නන එක වැරදියි.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අම්මෝ මේකේ ඉන්නේ මොල ගෙනාපු නැව් නේ බන් සිරාවටම මම ත් ට්‍රයි කරේ පැල කරන්න පුළුවන්ද කියලා බලන්න දැනට කොල තුනක් හතරක් ඇවිත් බන් පරිප්පු ගසේ අනේ මන්ද මටනම් ඔයතරම් දැනුමක් නැහැ බ්‍රෝ a/l agri කරා ඒ දැනුම හා රැකියාව ගොවිතැන නිසා අලුත් දේවල් වගාකරන්න උතසාහ කරනව youtube chanel එකක් හදලා එකට දානව අනික මිනිස්සු රවට්ටන්න හිතුවෙ නැහැ මචෝලා

    ගොවිතැන හොඳින් කරගෙන යන්න. කියපු දේවල් කිව්වේ discourage කරන්න නෙමෙයි. බීජ වතුරේ පොඟවලා, තෙතමනය රැඳෙන විදිහට තියාගෙන germinate වෙන්න ඉඩඅරින්න කියන්න ඕනෙනං විනාඩියක් යයි. විනාඩි 14 ක් අවශ්‍ය නැහැනේ. video එකක මොකක් හරි ක්‍රියාවලියක ප්‍රධාන steps සාරාංශගත කරලා දාන්න පුළුවන් නං හොඳයි. එතකොට ඒකට වටිනාකමක් තියෙනවා. බලන කෙනාටයි video එක කරන කෙනාටයි දෙන්නටම ප්‍රයෝජනයක් තියෙනවා. අනිත් එක ලංකාවේ වැවෙන ඒවා ගැන දාන්න.