පරිප්පු~වඩේ

Jun 26, 2014
43
20
0
8.JPG


පරිප්පු වඩේ හදමු



අවශ්‍යය ද්‍රව්‍ය:
කඩල පරිප්පු අඬු කෝප්ප 1
රට ලූනු ගෙඩි 1
කෝන් පිටි මේස හැදි 2
කෑලි මිරිස් මේස හැදි 2
කරපිංචා ඉති 2ක්
සුදු ලූනු බික් 2
කූනිස්සන් / උම්බලකඩ මේස හැදි 3
ලුණු මේස හැදි 1
තෙල්

සාදන අයුරු:

කඩල පරිප්පු පැය 3-4 ක් පමණ වේලාවක් පෙගෙන්නට හරින්න. ඉන්පසු පරිප්පු කොටස් 3 කට වෙන්කර ඉන් එක කොටසක් සිහින්ව අඹරාගන්න. තවත් කොටසක් පරිප්පු ඇට කැබලි වන ලෙස අඹරාගන්න. ඉතිරි කොටස පරිප්පු ඇට ලෙසම තියාගන්න. මේ සඳහා බ්ලෙන්ඩරක් උනත් යොදා ගන්න පුළුවන්. දැන් මේ පරිප්පු සියල්ල එකට එක් කරන්න. මෙම පරිප්පු මිශ්‍රණයටම සිහින්ව කපාගත් ලූනු හා සුදු ලූනු, කූනිස්සන්, කෝන් පිටි, කුඩාවට කපාගත් කරපිංචා, කෑලි මිරිස් සහ රස අනූව ලුණු එක්කර හොදින් කලවම් කරන්න. ටිකක් සැරට කන්න කැමති අයට මේ මිශ්‍රණයට අමු මිරිස් කෑලි හෝ කොච්චි කරල් එකතු කරන්නත් පුලුවන්. දැන් තරමක් පැතලි කුඩා බෝල අතින් සාදාගන්න. රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැඳගන්න.

කෝන් පිටි යෙදීම අත්‍යවශ්‍ය නැත. නමුත් කෝන් පිටි මගින් අමුද්‍රව්‍ය එකිනෙක හොදින් බැද තබා ගනිමින් වඩේ බෝල නිසි හැඩයට සකස් කරගැනීම පහසු කරයි.
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අහා මට තිබුන ගැටළුවක් ගොඩ ගියා....වඩේ කැඩෙනවා බදින්න ගියාම...කොන් පිටි දැම්මා නම් හරි නෙහ්...මන් පාන් පිටි දාන්න ගිහිං වැඩේ නා ගත්තා....ස්තුතියි
 
Jun 26, 2014
43
20
0
අහා මට තිබුන ගැටළුවක් ගොඩ ගියා....වඩේ කැඩෙනවා බදින්න ගියාම...කොන් පිටි දැම්මා නම් හරි නෙහ්...මන් පාන් පිටි දාන්න ගිහිං වැඩේ නා ගත්තා....ස්තුතියි

rep awashyayi
 
  • Like
Reactions: රඹා