පරිපාලන සෙවා විභාගය දමිල පොතකින් උස්සපු &#3473

JokerFan

Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    පරිපාලන සෙවා විභාගය දමිල පොතකින් උස්සපු &#3473

    මෙවර පරිපාලන සෙවා විභාගය දමිල පොතකින් උස්සපු එකක්,

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වෙන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනිමේ විවෘත තරඟ විභාගය ඊයේ දිනයේ පැවැත්විණ. එහි අභියෝග්‍යතාවය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 15ක් කිසිදු අකුරක් හෝ වෙනස් නොවී විභාගය පවත්වා පැයකට පසුව සමාජ ජාලා වෙත මුදා හැරීමට මඩකලපුව ප්‍රදේශයේ සේවය කරන දමිල මාධ්‍ය ගුරුවරයෙකු ක්‍රියාකොට තිබේ.

    මෙමගින් සිංහල මාධ්‍යයෙන් විභාගයට එක්වූ අපේක්ෂකයින්ට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවට විභාග අපේක්ෂකයින් චෝදනා කරයි. අප මේ සම්බන්ධයෙන් අදාල ගුරුවරයාගෙන් විමසා සිටියදී ඔහු ප්‍රකාශ කලේ තමන් පරිශීලනය කල දමිල මාධ්‍ය කෘතියක මෙම ප්‍රශ්න 15ව ගැබ්ව තිබූ බවයි.

    ඔහුගේ ප්‍රකාශයත් සමග අපට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි ඇතිවන්නේ ගැටළුවක්. අදාල ගුරුවරයා ප්‍රකාශ කලේ සත්‍ය නම් විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී තිබේ යන්න එක සැකයක්, එසේ නොවේනම් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර සකසන්නන් මෙම පොත් මූලාශ්‍රයක් කොටගෙන ප්‍රශ්න සකසා තිබේ.

    කෙසේහෝ වේවා මේ සිදුවීම නිසා බරපතලම අසාධාරණයට ලක්වන්නේ විභාගට මුහුණදුන් සිංහල අපේක්ෂකයින් බව නැවත වරක් අවධාරණය කරමු.

    මඩකලපුවේ පදිංචි ද්‍රවිඩ ගුරුවරයෙකු විභාගය පවත්වා පැයකට පසුව සිය ෆේස්බුක් ගිණුමට දැමූ සටහන,

    07.png

    කලින් පිටවූ ප්‍රශ්න හා එම ප්‍රශ්න ඇතුලත්ව තිබූ දමිළ කෘතිය,

    02.jpg

    03.jpg

    06.jpg

    05.jpg

    Sources:

    https://www.facebook.com/groups/SLAS2014/

    http://www.infosrilankanews.com/2017/09/SLAS.html?m=1
     
    • Like
    Reactions: HSW

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පරිපාලන විභාගයටත් සහජීවනය උදාඋනා එහෙනම්.... දෙමල අය ගොඩක් පාස් ඇති....
     
    • Like
    Reactions: JokerFan

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    ඕක වෙන්නේ මොකද කියල පේපර්ස් හදන කට්ටිය නම් දන්නවා. සමහර විභාග වලට පේපර් හදන්නේ ප්‍රින්ට් කරන්න කලින් දවසේ රෑ. කාට හරි කෝල් කරලා කියනවා "අර ගොල්ලෝ හැදුවේ නෑ පේපර් එකක් හදල දෙන්න " කියල. එතකොට කරන්නේ මොනවහරි පොතකින් හරි පාස්ට් පේපර්ස් වලින් හරි ඇදල අරන් හදනවා.
    සමහර ඒ ලෙවල් විෂයයන් තියනවා තනිකරම පාස්ට් පේපර්ස් වල ප්‍රශ්න කන්න ක්‍රමයට ඇදලා දානවා.
    මේක රහසක් නෙවෙයි පේපර්ස් හදන කට්ටිය දන්න දෙයක්.
    විශේෂයෙන් බැංකු වගේ තරග විභාග වලට මේ ක්‍රමය විතරමයි. ඕන කෙනෙක් තරග විභාගයකට කලින් දෙපාර්තමේන්තුව ට කෝල් කරලා අහන්න බලන්න පේපර් එකේ ස්ට්‍රුක්චර් එක මොකද්ද කියල. උත්තරයක් නෑ එහෙට මෙහෙට දානවා.
     
    :eek::sorry:
     
    • Like
    Reactions: Mawathagama

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මහා බූරුවොනේ බන්ස්
    පොත් වලින් කොපි පේස්ට් කරලා ප්‍රශ්ණ පත්‍ර හදනවා නම් අපිටත් බැරියැ විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙන්න

    බත් කන හරක්
     
    • Like
    Reactions: JokerFan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    මහා බූරුවොනේ බන්ස්
    පොත් වලින් කොපි පේස්ට් කරලා ප්‍රශ්ණ පත්‍ර හදනවා නම් අපිටත් බැරියැ විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙන්න

    බත් කන හරක්

    :yes:

    :sorry:

    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...

    :sorry:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    2014

    2014 avurudde Government Department ekakata ganna exam ekak tibuna.mama gedara awith mathaken Questions google kala.okkoma Questions tika aragena tibune Indian exam paper ekakin.:sorry::sorry::sorry:ow ow lankaawe tamai.:lol::lol::lol: