පරිස්සම්වෙයල්ලා
අප්‍රේල් 10 සිට 18 දක්වා කාල පරාසය තුළදී ඉන්දුනීසියාවේ මුහුදු කලාපය ආශ්‍රිතව භුකම්පනයක් සිදුවිය හැකි බවත් යම් හෙයකින් එම කම්පනය නොගැඹුරු මුහුදු පතුලේ කිලෝමීටර් 10ත් 15ත් අතර ගැඹුරකදී සිදු වුවහොත් එයින් සුනාමි අවදානමක් දකුණු ආසියානු කලාපයේ රටවලට සහ ශ්‍රී ලංකාවට ඇතිවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.
මේ අනුව අප්‍රේල් 10වනදා සිට 18වනදා දක්වා කාල සීමාව තුළ දී ජනතාව විශේෂ අවධානයකින් සිටීම වැදගත් බවත් සුනාමි තත්ත්වයක් කලාපයේ ඇති වුවහොත් එය කඩිනමින් ජනතාව වෙත දැනුම් දීමට හැකි තාක්‍ෂණය ද අද ශ්‍රී ලංකාව සතුව ඇතැයි මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් මහාචාර්යවරයා කියා සිටියේ මේ පිළිබඳ ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික සුනාමි අනතුරු දැනුම්දීමේ මධ්‍යස්ථානය මේ සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටින බවත්ය.