ලොකු අවුලක් උඩින් පෙන්න නෑ වගේ වුණාට ඉස්පිරිතාලවල ලොකු අඩු පාඩු තියෙනවා වගේ. විශේෂයෙන් surgery , ටෙස්ට් වගේ දේවල් වලට ඕනි කරන දේවල් shortage එකක් තියෙනවා. පොඩි පොඩි surgery ,test නොකර ඉන්න බලන්නේ. කොටින්ම චෙක් කරන doctors ලා ලෙඩාට තියෙන්නේ පොඩි අවුලක් නම් වෙලාවකට surgery එකක් ගැන කියන්නෙත් නෑ recommend කරට. Clinical doctor ගාවට ගියාම කියන්නේ බෙහෙත් බොන්න කියලා පස්සේ අඩු වුණේ නැත්තන් බලමු කියලා. ඒත් සමහර doctor ලාම කියලා දානවා තව අවුරුද්දකටත් මේක කරන්න වෙන්නේ නෑ. දන්නවනේ ඉතින්. දැනට බෙහෙත් බොන්න කියලා. කරන දෙයක් private තමයි කරගන්න වෙන්නේ දරා ගන්න පුළුවන් නම්. ඒවත් ඉස්සරහට නවතී ද කියන්නත් බෑ. ඉස්සරහට බෙහෙත් එහෙමත් නැති වෙයි. මේ පටන් ගත්තා විතරයි නේ. ආධාර, ණය අරන් game එකක් ගැහුවේ නැත්තන් අනාථයි. ICU unit පවා වහෙන්න යනව කියලා මේකෙත් thread තිබ්බා. ඒක හින්දා යන එනකොට, වැඩක් කරනකොට කට්ටිය පරිස්සමෙන්. අලුතෙන් ලෙඩක් දා ගන්නේ නැතුව ඉන්න තරමට හොඳයි.

