පර තම්බින්ට මහින්ද බයද.

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
පර තම්බින්ට මහින්ද බයද.

බලපං මචං අපිත් මහින්දට චන්දෙ දුන්නා ඒත් මේ යකා සිංහල උන්ට කෙලින හැටි දැක්කම දුන්න ඒවා .... ගහ ගන්න හිතෙනවා. මෙච්චර සාක්කි තිබිලත් . මුන් බය නැතුව මේවා කරනවනෙ බං. සිංහල එකෙක් දර ටිකක් කඩන්න කැලේකට ගියොත් ඌ හිරේ.


http://www.lankadeepa.lk/index.php/top_story/220786


විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු අභයභූමියට ඇතුළුවූ නීති විරෝධි පිරිසක් වනය විනාශකර නිවාස තනමින් සිටිති.
යුද සමයේ දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්ව තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ‌ මේ නව අරුණැල්ලත් සමග සංචාරකයන් සඳහා විවෘත විය.
විල්පත්තුව 1938 පෙබරවාරි 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ. එහි වර්ග ප්‍රමාණය හෙක්ටයාර 131667.1ක්. අක්කරවලින් ලක්ෂ තුනකට කට වැඩියි. අපේ රටේ විශාලතම ජාතික වනෝද්‍යානයද මෙයයි. විල්ලු හතලිහකින් සමන්විත වීම නිසාම විල්පත්තු නම ලැබී තිබේ. ශාක විශේෂ හයසිය විසි හතරක් මෙන්ම සත්ව විශේෂ තුන්සිය හැත්තෑවකි. ලංකාවේ උසම කුරුල්ලා වන මහ කොකාද ලංකාවේ විශාලතම ජලජ පක්ෂියා වන බහුරු මානාවා ද මෙහිදී දැකිය හැකිය. නියඟයට වතුර නොසිඳෙන කොක්කාරිය විල්ලුව විල්පත්තුව වනෝද්‍යාන‍යේ තිබේ. එය විල්ලු අතර විශාලතම විල්ලුවයි. තලවිල, මහවිල, කොක්මොටේ, පනික්කවිල සංචාරකයින්ට නැවතීම සදහා බංගලා ඉදිවී ඇත.
වසර එක්කෝටි විසි ලක්ෂයකට පමණ පෙර ඈත අතීතයේ මුහුදෙන් ඉහළට එසවුණු කොරල් පර ශ්‍රී ලංකාවේ දක්‌නට ඇත්තේ දෙකකි. යාල ජාතික වනෝද්‍යානයට අයත් මිනිහාගල්කන්ද හැරුනු කොට අනෙක විල්පත්තුව ජාතික වනෝද්‍යානයේය.
පුරාවිද්‍යාත්මක හා ඵෙතිහාසික අතින් විල්පත්තුව සුවිශේෂය. එහි තිබෙන ෆොසිල වසර එක්කෝටි විසි ලක්ෂයකට වඩා පැරැණිය.
පිටතින් වනාන්තරයක්‌ ලෙස දිස්‌ වුවත් මෙහි භූ ගර්භයේ සැඟවී ඇත්තේ කියා නිම කළ නොහැකි ඉතිහාසයකි. වසර 2500කට පමණ පෙර කාලය ඉපැරැණි විහාරස්‌ථාන හා දේවස්‌ථාන (68)හැට අටක්‌ මේ වන බිමෙන් හඳුනාගෙන ඇත. විල්පත්තුව වන උයනේ වීරසෝලි නම් ප්‍රදේශයෙන් හමු වූ පුරාවස්‌තු අතර මුචලින්ද නාග දරණය මැනැවින් පෙන්වන බුදු පිළිමය විශේෂිතය. විජය කුමරු ගේ ශ්‍රී ලංකාගමනය සිදුවූ තම්බපන්නිය මේ වන උයනේ පිහිටා තිබීම ද විශේෂත්වයකි. පල්ලන්කන්ද ප්‍රදේශයේ පිහිටි පැරැණි ඕලන්ද පල්ලිය.අතීතයේ ලක්‌වැසියන් මේ පල්ලන්කන්ද පල්ලියට වන්දනාවේ ගිය බවට සාක්කි ඇත.
වර්ෂ 1905 දී රක්‍ෂිත භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ මේ වන පෙතේ පළමු කොටස වූ අනුරාධපුර සහ පුත්තලම් යන දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් හෙක්‌ටයාර 54953.2ක භූමි ප්‍රමාණය ජාතික වනෝද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1938 පෙබරවාරි 25 වැනි දින ය. ඉන්පසුව වර්ෂ 1967 අප්‍රේල් 28 වැනි දින හෙක්‌ටයාර 7012.4ක්‌ ද, 1969 අගෝස්‌තු 27 වැනි දින හෙක්‌ටයාර 22981ක්‌ ද, දෙසැම්බර් 05 වැනි දින හෙක්‌ටයාර 25252.9ක්‌ ද අවසන් වරට වර්ෂ 1973 දෙසැම්බර් 07 වැනි දින හෙක්‌ටයාර 21484.8ක්‌ ද යනාදි වශයෙන් එක්‌ වීමෙන් වත්මන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට හෙක්‌ටයාර 131693.7ක විශාලත්වයක්‌ හිමි වෙයි. එනම් වත්මන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය කොටස්‌ පහකින් යුත් උද්‍යාන සංකීර්ණයකි. එසේම විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා විල්පත්තු උතුරු අභයභූමිය තබ්බෝව අභය භූමිය සහ වීරක්‌කුල්චෝලේ එළුවන්කුලම යෝජිත රක්‍ෂිතය වැනි වනාන්තර ද සම්බන්ධ වී තිබේ.
විල්පත්තුවේ ඉතිහාසය පිලිබදව දින ගණනක් කලළ ගවේෂනයෙන් සොයාගත් තොරතුරු සටහන් කර ගත් පසු එතැනින් නොනැවතී අප ඊළගට ගමන් කළේ වර්තමානයේදී විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සිදුවන ‘මිනිස් ආක්‍රමණය‘ සොයා බැලීමටය.
මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ අනවසර නිවාස ඉදිවෙයි. එයඋතුරු අභය භූමි ප්‍රදේශයට අයිතිය. මෙතරම් හානියක් සිදුවෙද්දී බලධරයෝ නිහඩව බලා සිටිති. වන ජීවි ආංඥ පනතේ නීති රීති එක රැයින් අවලංගු වී ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ තබ්බෝව අභය භූමිය හා ඒ අවට ජනතාව පත්වී තිබෙන ගැටළු පිලිබදව ගවේෂණයක යෙදුණේ වසර ගනනාවක සිටය.
2002 වසරේදී නිර්මාණයවූ තබ්බෝව අභය භූමිය විල්පත්තුවට යාව පිහිටා තිබේ. විශාලත්වයෙන් හෙක්ටයාර විසි එක්දාහකින් සමන්විතය.මෙය නිර්මාණය කිරීමේදී වනජීවී දෙපාර්තුමේන්තුවෙන් සිදුවු අවිධිමත් භාවය හේතුවෙන් සින්නක්කර ඔප්පු වලට හිමිකම් කියූ ඇතැමුන්ට පදිංච් නිවාසද ඉඩම්ද ගොඩ මඩ වගා බිම්ද අහිමි විය. එයින් නොනැවතුණු වනජීවී නිලධරයෝ වැසිකිලි යෑමට අභය භූමියට ඇතුළු වු වරදට අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් පැමිණවීය.
විල්පත්තුවේ නිවසක් තනමින් සිටි තරුණයකු ළගට ගොස් වතුර කෝප්පයක් ඉල්ලා ගත් අපි ඔහු හා සුහද වීමු.
*ඔයාලට ගෙවල් හදන්න රජයෙන් උදවු කරනවද ?
රජයෙන් කියන්නෙ අපේ ඇමතිතුමා උදවු කරනවා ඒකටත් දැන් කේස් දානවනෙ.
*කවුද කේස් දාන්නෙ?
හාමුදුරුවරුන් තමයි.
* ඔයාලට ඉන්න වෙන ඉඩම් නැද්ද?
තිබෙනවා. ඇමතිතුමා කිව්ව හින්ද අපි ආවා . ඇමතිතුමා නැත්නම් වනජීවි මහත්තය අප එළවා දානවා.
* පත්තරේට ඔයාලගෙ ගැටළු දැම්මෙ නැද්ද?
පත්තර කාරයො අපේ ඇමතිතුමාටත් කේස් දානවනෙ.
* ඔයාලටත් කතාකරල බලන්න පුළුවන්නෙ?
අම්මෝ පත්තර කාරයො ආවොත් මේ සේරම පොටෝ ගහල පත්තරේ දායි. එතකොට අපිට කේස්නේ. මේව කපන්න තහනම්.ඇමතිතුමා හිංද බය නැතුව ඉන්නෙ.
*හොඳ ඇමතිවරයෙක් ඔයාලට හම්බවෙලා තිබෙන්නෙ මොකක්ද ඇමතිතුමාගෙ නම?
........ ඇමතිතුමා තමයි වෙන කවුරුත් අපට උදවු කරන්නෙ නැහැ.
* ඇමතිතුමා උදවු කරනවා කියා පිළිගන්නත් බැහැනෙ. ඇමතිතුමා හොඳට දන්නවද ...... කියන්නෙ වෙන කෙනෙකුටද? නැත්නම් ....... ..... ඇමැතිතුමාද?
ඔව් ......... ......... ඇමති තමයි
*ඇමති පත්තර වලට කියල තිබුණේ මේ ගැන දන්නෙ නැහැ කියල?
එහෙම කියන්නෙ නැත්නම් රජයෙන් කේස් දානවනෙ.
*අයියගෙ නම මොකක්ද?
මගෙ නම ‍ඓහියා ඛාන්
*එහෙනම් අපි යන්නම්.
වන සතුන්ගේ නිජබිමේ දැන් ගම්මානය. විදුලි කණුය. ජල බවුසර්ය. දෙපස ස්ථීර නිවාසද, ඉදිවෙමින් පවතින නිවාස ද කුඩාරම් ද ඇත.
නීති විරෝධි ලෙස සිදු කරණ මෙවැනිදේ හෙට දිනයේදී තබ්බෝව අභය භූමියේ සිදු වුවහොත් වනජීවි නිළධාරින් ඒ සදහා ගන්නා පියවර කුමක්ද?
මේ රට එක ධජයක් යට එක රජයක් යට එකම නීතියකට යටත්ව පාලනය වෙත්දී විල්පත්තුවට එක් නීතියකි. තබ්බෝවට තවත් නීතිය ක්‍රීයාත්මක කරන්නේ කොහොමද? බලධාරින්ගෙ ඇස් දැන්වත් නොඇරුනොත් විල්පත්තුව සත්ව අභය භූමියක් නොව මිනිස් වාස භූමියක් බවට පත්වේවි.
මේ විනාසයට මූලික යැයි චෝදනා ලබන අමාත්‍යවරයා මේ සදහා සම්බන්ධ නොමැති බව ජනමාධ්‍ය හරහා නිවේදන නිකුත් කර තිබේ.
*මේ පිළිබදව අදහස් දැක්වූ කරුවලගස්වැව සන්ධාන ප්‍රදේශීය සභා මන්ත්‍රී ජයසේන මහතා මෙසේ කීවේය.
වසර තිහක යුද්ධය නිමා කරල රට සංවර්ධනය කරා යමින් පවතිනවා. හැම කෙනාටම මේ රටේ නිදහසේ ජීවත් වෙන්න වාතාවරණයක් පවතිනවා.එහෙම කියා රටේ ඉතිහාසය විනාස කරන්න ඉඩ දෙන්න බැහැ.අපට ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන් වුණේ. අපේ මුතුන් මිත්තන් ඒ ආරක්ෂා කළ නිසා.විල්පත්තුව කියන්නෙ සිංහලයගෙ උපත විජය රජු ලංකාවට ගොඩ බැස්ස ප්‍රදේශයයි. ඇතැම් පිරිසක් මේ ප්‍රදේශයට ඇතුළු වී නීති විරෝධිව කරන මේ විනාස කාරි ක්‍රියා කලාපය නිසා අපහසු තාවයට පත්වෙන්නෙ රජය. මමනම් මෙය දකින්නෙ රජය අපහසු තාවට පත්කරන්න කාගේ හරි උවමනාවකට කරන වැඩක් කියලයි.
නමුත් එහෙම කියල නිකම් ඉන්න එක ගැටළුවක් මේ ක්‍රියාව ගැන අද වන විට ජනමාධ්‍යය ඔස්සේ ලෝකෙටම ගිහින් ඉවරයි.
මම ඉන්නෙ විල්පත්තුව සහා තබ්බෝව අභය භූමියට යාබදව මේ ප්‍රදේශයෙ ජනතාවට තිබෙන ගැටළුව තමයි අතීතයේ සිට භුක්ති වින්ද ඉඩම් තබ්බෝව අභය භූමියට ඈදා ගැනීම.ඒ නිසා දින තුන්සිය හැට පහේම අපතේ යන ජලයෙන් වැඩක් ගන්න බැරි වෙලා තිබෙනවා.සමහර කුඹුරු වගා කරන්න විතරක් වනජීවි නිලධරයන් අවසර දුන්නා. නමුත් ඒ ඉඩම් වලට ඔප්පු දෙන්නෙ නැහැ. ඒ නිසා ගොවියන්ට රජයෙන් නයක්වත් ගන්න බැහැ.තවත් අක්කර දහස් ගානක් වගා කරන්න මේ ජලය ඇති.මේ වතුර කලාඔය හරහා මුහුදට ගලා‍ගෙන යනවා, ප්‍රයෝජනයක් නැතිව.
මේ වැරැද්ද නිවැරදි කර ජනතාවට සාධාරනයක් කරන්න කියල කොතරම් කතා කලත් තවමත් ගැටළුව එතනමයි.එහෙම තිබෙත්දී විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිදුවන විනාසයට වන ජීවී පනත අනුව නීතිය ක්‍රියාත්මත නොකිරීම ගැටළුවක්.එම විනාසායට ඉඩදී වගකිව යුත්තන් බලා සිටිනවා නම් තබ්බෝව අභය භූමියට මොකක් වෙයිද. වනජීවි දෙපාර්තමේන්තුවට සිදුවන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහා තබ්බෝව අභය භූමිය සත්ව වාස භූමිනොව මිනිස් වාස භූමි වන තුරු නිහඩව බලා සිටීමය.එයිනුත් අපහසුතාවට පත්වන්නේ පවතින රජයයි.ඒ නිසා කඩිනමින් මේ පිළිබදව කටයුතු කලයුතු කරන්න ඕනෑ.
1999 පවුල් තුන්සියයකින් සමන්විතවූ කරුවලගස්වැව බුද්ධි දසුන් ගම ගම්මානය නිර්මාණය කලේ දිවංගත ද.මු.දසනායක අමාත්‍යවරයා 2002 වසරේදී තබ්බෝව අභය භූමිය නිර්මාණය වීමත් සමග එම ගම්මානය අභය භූමියට ඈඳා ගත්තා .‘
*මල්කාන්ති දමයන්ති මහත්මිය මෙසේ කීවාය.
‘ විල්පත්තුවෙ නීති විරෝධිව ඩෝසර් කර වනය විනාස කර ගෙවල් ගහනවා. නිලධාරීන්අපට හයිය පෙන්නනවා. නමුත් විල්පත්තු උතුරු අභය භුමියට යන්න බයයි.අපට හිතෙන්නෙ එහෙමයි.තබ්බෝව අභය භූමියට අපි කෝටුවක් කපන්න ඇතුළු වුනොත් උසාවියට දඩ ගෙවන්නත් වෙනවා.සමහර විට හිරේ යන්නත් ඉඩ තිබෙනවා.එක නායකයකු ඉන්න රටක නීතිය එකක් වෙන්න ඕනෑ. අපේ රටේ පවතින නීති හෑල්ලුවට ලක්වෙන්නෙ මෙවැනි ක්‍රියා නිසයි.
*තබ්බෝවට ගිය අප සමග බොහෝ පිරිසක් අදහස් දැක්වූහ. හැම කෙනකුම පවසන්නේ අපේ උරුමය විල්පත්තුව රැක ගන්න බලධාරි වහාම මැදිහත් විය යුතු බවයි.
02%28662%29.jpg

03%28579%29.jpg

04%28502%29.jpg

05%28454%29.jpg

06%28433%29.jpg

08%28375%29.jpg

09%28334%29.jpg

10%28360%29.jpg

11%28340%29.jpg

12%28324%29.jpg

13%28286%29.jpg




මේ විනාශයට විරුද්ධ නම් මේ පිටුවට එන්න- https://www.facebook.com/SaveWilpaththu
 
Last edited:

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
කියලා වැඩක් නෑ බං.. අපිට ඕක බලන්න ඇතුලට යනකොටත් කොයි තරම් නීති දානවද.
 

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
අඩේ මට හිතාගන්න බෑ බං. ඔය රක්ශිතෙක පැලයක් ඉස්සුවත් උසාවි දානවනෙ බං වනජීවි එකෙන්. එක සැරයක් යල ගිහින් එද්දි උන් වාහන ඉදලා චෙක් කරනවා. සුද්දෙක් පැලයක් තියන් හිටියා කියලා ඌවත් අරන් ගියා. එච්ච්ර නටන මුන් අක්කර දාස් ගානක් ඩොසර් කරනකම් උඩ බලං හිටියද බං. නිතියෙන් අභය භුමියක් නම් කෙලින්ම පොලිස්යට පුලුවන් නෙ ඔක්කොම කුදලලා උසාවි දාන්න
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    යකෝ මහින්දය එහෙමකරලත් අනිත් ආගම් වලට සලකන්නේ නැ කියලා ජිනීවා එවුන් කියන්නේ :P