පලයන් පලයන් පලයන් !!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    පලයන් පලයන් පලයන් !!!!!!!!!!!!!!!!!!!!

    ඔබලාට රට පාලනය කරන්න බෑ.. දැන් ගෙදර යන්න.. පුළුවන් කෙනෙකුට රට දෙන්න..:shocked::shocked::shocked:

    අපේ රටේ නායකයන්ගේ කොන්ද පන නැති බවත් ඔහු වැඩ කළ යුත්තේ මේ ආකාරයෙන් නොවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.

    ඉතාමත් ශක්තිමත් ව තිබූ බුද්ධි අංශ පාලකයන් විසින් විනාශ කළ බවද එහිමියන් චෝදනා කළහ.

    වනාතවිල්ලූවේදී අන්තවාදීන් හසුවූ අවස්ථාවේ කිසිම දෙයක් නොකර ඔවුන් නිදහස් කළ බවත්, මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අය හමුවූ පසු වූ විට ඔවුන් නිදහස් කර ඒ ගැන ඔත්තුව දුන් පුද්ගලයාට වෙඩි තැබූ බව ද කාදිනල් හිමියන් පැවසූහ.

    විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති වී තිබෙන බල අරගලයේ හේතුවෙන් ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලය කැඳවා නැති බවත් ලැබී තිබූ තොරතුරුද අතහැර දැමුවත් කාදිනල් තුමන් සදහන් කලහ.

    දැන් සියලු දෙනාටම ගෙදර යන්නේ කීමට කාලය පැමිණ ඇති බවත් රට කරන්න පුළුවන් කාට හරි භාර දෙන්නැයි ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් එහිමියන් සඳහන් කළහ.

    පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය නැවත පිලිසකර කර දේව පූජා ආරම්භ කිරීමේ දේව මෙහෙය අමතමින් කාදිනල් හිමියෝ මෙම අදහස් පල කළහ.


    copyright Lankacnews


    අනුර රනිල් MY3 හදපු මේ ආණ්ඩුව එළවලා දන්නා ඕනේ ...........................රටට වෙනසක් අවශ්‍යයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    අනතුරු ඇඟවීම් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ : අහිංසක ජීවිත විනාශ වුනේ හිතුවක්කාර දඩබ්බර ප‍්‍රතිපත්තියක් නැති නායකයෝ නිසයි : කාදිනල් හිමිපාණන් කියයි

    විදේශීය බලවේගවලට අත පොවන්න ඉඩ නොදෙන්න අපේ නායකයන්ගේ කොන්ද පණ මදි. මේවා විසදන්න නායකයෝ උදව් කරන්න ඕනෑ. කකුලෙන් අදින්න එපා. ශක්තිමත්ව තිබූ බුද්ධි අංශය විනාශ කළා ජාත්‍යන්තර ඕන එපාකම් කිරීීම සදහා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් සංවිධාන සතුටු කරන්න බුද්ධි අංශ අඩපන කර විනාශ කර දැම්මා. වනාතවිල්ලූවේ සිද්ධියේදී කිසිවක් කලේ නැහැ. මාවනැල්ලේ බුදු පිලිම විනාශ කළ අය හෙලිකල අයට වෙඩි තිබ්බා ඒවා යට ගැහුවා. ව්‍යවස්ථායකය හා විධායක අතර පැවති අරගලය නිසා ආරක්ෂක මණ්ඩලය කැඳවූයේ නැහැ. අනතුරු ඇගවීම් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. අහිංසක ජීවිත තුන් සීයක් විනාශ වුනේ හිතුවක්කාර දඩබ්බර ප‍්‍රතිපත්තියක් නැති නායකයෝ නිසයි.මේ සියලූ දෙනාට ගෙදර යන්න කියලා රට කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න ඕනෑ" අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටිනවා.

    අද (21) දින කාදිනල් හිමිපාණන් මේ බව සදහන් කළේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රහාරය හේතුවෙන් විනාශයට පත් මීගමුව කටුවාපිටිය ශූද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීීමෙන් පසු නැවත කැප කිරීමේ දිව්‍ය යාගය හා ප‍්‍රහාරයෙන් මියගිය පිරිස් වෙනුවෙන් දිව්‍ය පූජාව අවසථාවේදී අදහස් දක්වමින්ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර සිටියා,

    " කටුවාපිටිය, කෝච්ච්කඬේ, මඩකලපුව සියොන් දේවස්ථානය, හෝටල්, ආපනශාලාවල සිදුවූ ප‍්‍රහාරය නිසා සියලූ දෙනාගේ දුක වේදනාව මට හොදට දැනෙනවා. මේ මිනිස් ඝාතනය ගැන කරුණ කියන්නට මම පසුගියදා මේ ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවුණා. උන්වහන්සේට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. සංයුක්ත තැටියක් මගින් මේ විනාශය මම පාප්තුමන්ට පෙන්නුවා. උන්වහන්සේ මමත් එක්ක කදුළු සැලූවා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් යාච්ඥා කරනවා. මම ඔබ සමග සිටිනවා.උන්වහන්සේ සමග ලෝකයේ හැම දෙනාම ඔබ සමග සිටිනවා.

    අපිට විනාශවූ ජීවිත දෙන්න බැහැ. කදුළු පිස දමන්න උදව් කරන්න පුලූවනි. මම ගිය අවස්ථාවේ පාප්තුමන් ඩොලර් 25000 ක් මට දුන්නා. ජනතාවට උදව් කරන්න කිව්වා. දින දෙකකට පස්සේ මට එතුමන් යුරෝ 60000ක ලබාදුන්නා. මේ සියල්ලෙන්ම පෙන්වන්නේ ලෝකයම ඔබ සමග බවයි. ආගමක් අදහන්නේ නැති අය, භික්ෂූන් වහන්සේ, කුරුක්කල්තුමන්, මවුලවිතුමන්ලා ඇතළු හැම දෙනාම අපිට උපකාර ලබා දුන්නා. ඒවයින් ඔබට උදව් කරන වැඩ සටහන් කරනවා.

    මේ ශාන්තුවරයන්ගේ පල්ලියෙන් පාස්කු ඉරිදා තවත් සාත්තුවරයින් 120 ක් බිහිවුනා. මේ ප‍්‍රහාරයෙන් අනෙක් ආගම් අදහන අයත් මරණයට පත්වුනා. මේ මැරුනේ අපේ සහෝදර මිනිසුන් පිරිසක්.

    මේ ප‍්‍රහාරය වලක්වාගන්න තිබුනාද? ඕනෑ තරම් ඉඩකඩ තිබුනු බවට තොරතුරු ලැබිලා තියෙනවා. ප‍්‍රහාරයට කලිනුත් රජයේ නිලධාරීන්ට මේ බව දැන්වූ බව ඉන්දියානු මහ කොමසාරිස් දැනුම් දුන්නා. එහෙම නම් වලක්වා ගන්න තිබුනා. අපේ අවාසනාවට ආත්මාර්ථකාමී දේශපාලන බංකොලොත්කරුවන්ගේ කුලල් කා ගැනීම නිසා මේ ව්‍යසනය සිද්ධ වුනා. ඕන ඕන විදියට කමිටු පත්කරමින් ඡන්දය ගන්න බලාගෙන කරන උප්පරවැට්ටි වාර්තා දුන්නා. ඒවා බාරදුන්නා කිවවාට තවම දැකලා නැහැ. හැත්තෑවේ ඉදලා මිනිමැරුම්, ටයර් සෑයවල්, ගංගාවල පාවීම්, සිද්ධ වුණා. එක එක ආණ්ඩු තිබුණා.

    කමිටු පත් කළා. කිසිම නායකයෙක් ඒ වාර්තාවල් එලියට දැම්මේ නැහැ. මේ රටේ යථාර්ථය එයයි. රට පාලනය කරන අයගේ දේශපාලන සංස්කෘතිය මගින් මේ සියල්ල රතු පලස යට සඟවා තියෙනවා. මේ නිසා ඒ අය විශ්වාස කරන්න බැහැ.

    අයිඑස් නායකයා බලගතු රටක ජීවත් වෙන බව බදාදා පුවත්පතක තිබුණා. ඒ කියන්නේ අයිසිස් නායකයා ඒ රටේ අතකොලූවක්ද. සිංහල මුස්ලිම් කෝලාහල ඇති කරලා රට අස්ථාවර කරන්න පිරිසක් උත්සාහ ගන්නවා. තරුණ පිරිස ඉස්ලාම් ආගම වෙනවෙන් ජීවිත පූජා කලැයි විශ්වාස කරන්න පුළුවන්ද. මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්.

    මේ සිදුවුනේ නිදහසෙන් පස්සේ සිදුවූ ලොකුම විනාශයයි. මේ පිටිපස්සේ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ වෙන්නේ කෙසේද. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇත්ත නැත්ත කරන නැත්ත ඇත්ත කරන කට්ටියක්. ඔවුන් විශ්වාස කරන්න බැහැ. සිද්ධියෙන් පස්සේ ඒ අය ආවා. ඒ අය ගියේ අල්ලාගෙන ඉන්න වැරදිකරුවන් ට සාදාරණය කරන්නයි. ඔවුනට විපතට පත්වූවන් ගැන රිදීමක් කැක්කුමක් නැහැ. අපේ රටේ නායකයෝ ඒවාට විරුද්ධව කි‍්‍රයාකරන්න බයයි.

    මුස්ලිම් ජනතාවට මම කියන්නේ පාස්කු ඉරිදා සිද්ධිය ඔබේ වැඩක් නොවෙයි. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් නොමග ගිය තරුණ පිරිසක් අල්ලාගෙන කළ ප‍්‍රහාරයක්. මේකට මුස්ලිම් අය වග කියන්න ඕන නැහැ. අද මුස්ලිම් ජනතාව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන්ගේ ගොදුරක් බවට පත් වෙලා. උත්තරීතර ඉස්ලාම් ධර්මය ආරක්ෂා කරන්න පෙරට එන්න. අන්තවාදී අදහස්වලට ඉඩදී මුස්ලිම් ධර්මයට කරන නිග‍්‍රහය පරාජය කරන්න අප සමග එකතු වන්න කියා මම ඉල්ලනවා.

    ලෝකයේ යුද්ධ වැඩි වශයෙන් පැවතුනේ ඉස්ලාම් රටවලයි. අන්තවාදය වපුරා කලබල ඇතිකර ආයුද විකූණන්න තෙල් බිම් අතට ගන්න කරන මේ වැඩ පිළිවෙල ඉස්ලාම් ධර්මයට සම්බන්ධ නැහැ.

    ජනාධිපතිතුමාත් පාප්තුමන් හමවූ අවස්ථාවේදී යුද්ධ ඇතිවෙන්නේ ඇයි කියා අසා තියෙනවා. ඔබතුමාම කියන්න කියා ජනපතිතුමා කිව්වාම ආයුද නිෂ්පාදනය කරන රටවල් ආයුද විකුණගන්න යුද්ධ ඇති කරන බව පාප්තුමා පවසා තියෙනවා. එයයි සත්‍යය.

    මෙහේම නොවෙන්න විදේශීය බලවේගවලට අත පොවන්න ඉඩ නොදෙන්න අපේ නායකයන්ගේ කොන්ද පණ මදි. මේවා විසදන්න නායකයෝ උදව් කරන්න ඕනෑ කකුලෙන් අදින්න එපා.ශක්තිමත්ව තිබූ බුද්ධි අංශය විනාශ කළා. ජාත්‍යන්තර ඕන එපාකම් කිරීීම සදහා . එක්සත් ජාතීන්ගේ සංවිධානය , මානව හිමිකම් සංවිධාන සතුටු කරන්න බුද්ධි අංශ අඩපන කර විනාශ කර දැම්මා. වනාතවිල්ලූවේ සිද්ධියේදී කිසිවක් කලේ නැහැ. මාවනැල්ලේ බුදු පිලිම විනාශ කළ අය හෙලිකල අයට වෙඩි තිබ්බා ඒවා යට ගැහුවා.

    ව්‍යවස්ථායකය විධායක අතර අරගලය නිසා ආරක්ෂක මණ්ඩලය කැදවූයේ නැහැ. අනතුරු ඇගවීම් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. මේ නිසා අහිංසක ජීවිත තුන් සීයක් විනාශ වුනා. හිතුවක්කාර දඩබ්බර ප‍්‍රතිපත්තියක් නැති නායකයෝ නිසා මෙහෙම වැඩ සිද්ධ වෙනවා. මේ සියලූ දෙනාට ගෙදර යන්න කියලා කරන්න පුලූවන් කෙනෙකුට බාර දෙන්න ඕනෑ.

    මේ මෝඩ මිනිසුන්ට සමාව දෙන්න. මම කියන්නේ වෛරය තියා ගන්න එපා. ඉස්ලාම් අයට කරදර කරන්න එපා. ගෞරවයෙන් සලකන්න.අන්තවාදී අදහස්වලට ඉඩ නොදෙන්නට සියලූ දෙනා අත්වැල් බැදගනිමු. ලෝකය අන්තවාදයෙන් නිදහස් කරන්න එක්වන්න කියා ලෝක මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලනවා.

    මේ විනාශයෙන් පස්සේ යලි යථා තත්ත්වයට පත් කරන්න අතහිත දුන් සජිත් ප්‍රේමදාස ඇමතිතුමන්ට, යුද හමුදාව ගුවන් හමුදාව පොලිසිය ඇතුළු විවිධ අංශ වලට මගේ ස්තුතිය පුද කරනවා. මීසම බාරව කටයුතු කළ ශී‍්‍ර ලාල් ෆොන්සේකා පියතුමන්ගේ සේවයද මා මෙහිදී අගයනවා" යැයි උන්වහන්සේ කියා සිටියා.

    ඉකුත් අප්‍රේල් 21 වෙනිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතින් හා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් ඇතුළු විශාල පිරිසක් අද පැවති දේව මෙහෙයට සහභාගී වීමට පැමිණ සිටියා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    රටට වෙනසක් අවශ්‍යයි , එත් ආයේ මගින්දගේ හෙන්චයොත් එපා , චන්දෙ දෙන්න කෙනෙක් නැත්නම් චන්දෙ කටු ගානවා . ඔක්කොලම හොරු බොරු කාරයෝ නිසා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රටට වෙනසක් අවශ්‍යයි , එත් ආයේ මගින්දගේ හෙන්චයොත් එපා , චන්දෙ දෙන්න කෙනෙක් නැත්නම් චන්දෙ කටු ගානවා . ඔක්කොලම හොරු බොරු කාරයෝ නිසා

    Katu gapuwahama rata diyunu wenawada:oo:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න රනිල්ගේ කොලු පැන්චෙක් කොළපාටින් කොටලා ගිහින්...කෝ අනිත් කෙනා ? smart අයිය එන්න බලන්න
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    ඔන්න රනිල්ගේ කොලු පැන්චෙක් කොළපාටින් කොටලා ගිහින්...කෝ අනිත් කෙනා ? smart අයිය එන්න බලන්න

    smart අයිය මේ වගේ නුලකදී කලබල නොවෙන්න හේතුවක් නැහැ
    :shocked::shocked::lol::lol::lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මැල්කම් රංජිත් වේස බල්ලා මරාගේ පුක ලෙවකන සුනකයෙක්.ඕකට කාඩිනල් පක ඔලුවේ ගැහුවේ මරාගේ කුරුස හාමිනේ.එදා කොටි තොපේ පල්ලි වලට ගැහුවේ නැත්තේ තොපේ පල්ලි කොටින්ට පුක දුන්න නිසා දෙමලු එක්ක එකතු වෙලා උතුරේ කුරුස රාජ්‍යයක් හදන්න.හම්බයො තොපේ පල්ලි වලට ගැහුවට තොපි ඩොලර් ඒකට හරියන්න එකතු කරගත්තා අරාබියෙනුත්.


    උගේ හෙන්චයිය්යෙක් ද නැද්ද වෙනම කතාවක්.එතුමා කියනදේ ඇත්තනේ.
    ගහයි මෙහෙම ගහයි කියලා හිතපු ආරක්ශකලේකම්ලනේ උබලගේ හිටියේ.
    බුද්ධි තොරතුරක් ලැබුනාම ලියුම් ගහ ගහ හිටිය.එතකොට ත්‍රස්තවාදියා ලියුම ඇප්‍රොවෙ වෙලා මාසභතරක් විතර ගිහින් ආරක්ශාව් දානකල් ඉදලා පුපුරුවා ගන්න එයි කියලාද උබලා හිතන්නේ,ආන්ඩුවේ කාර්යාලෙකට ගහක් කපන්න ෆොර්මිට් එකක් ගන්න අව එකෙක් නෙවෙයි උන්.
    කොයි ත්‍රස්තවාදියී විතරනේ ඇතුලේ ,ඒකියන්නේ දේශපාලන සහයක් උන් ලබාගන නැද්ද.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    ගහයි කියල දැනගෙන හිටිය. එත් මෙහෙම ගහයි කියල හිතුවේ නැහැ :P
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කාදිනල්තුමා එපා කියන්නේ 226 ම.

    ඔයා වතුර පාර හැරෙන්න කාණු කැපුවට වැඩක් නැ. ගඟ වගේ ඇවිත් ඔක්කොම හෝදගෙන හරි පැත්තට යයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    කාදිනල්තුමා එපා කියන්නේ 226 ම.

    ඔයා වතුර පාර හැරෙන්න කාණු කැපුවට වැඩක් නැ. ගඟ වගේ ඇවිත් ඔක්කොම හෝදගෙන හරි පැත්තට යයි.

    එහෙම වෙන්නෙ නෑ නිසි වාරි මාර්ග ක්‍රම භාවිතා කරල ඇළවේලි හදන්න පුළුවන්. මහවැලි ගඟෙත් අතු ගංගා කොච්චර තියෙනවද ?
    map_srilanka.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උගේ හෙන්චයිය්යෙක් ද නැද්ද වෙනම කතාවක්.එතුමා කියනදේ ඇත්තනේ.
    ගහයි මෙහෙම ගහයි කියලා හිතපු ආරක්ශකලේකම්ලනේ උබලගේ හිටියේ.
    බුද්ධි තොරතුරක් ලැබුනාම ලියුම් ගහ ගහ හිටිය.එතකොට ත්‍රස්තවාදියා ලියුම ඇප්‍රොවෙ වෙලා මාසභතරක් විතර ගිහින් ආරක්ශාව් දානකල් ඉදලා පුපුරුවා ගන්න එයි කියලාද උබලා හිතන්නේ,ආන්ඩුවේ කාර්යාලෙකට ගහක් කපන්න ෆොර්මිට් එකක් ගන්න අව එකෙක් නෙවෙයි උන්.
    කොයි ත්‍රස්තවාදියී විතරනේ ඇතුලේ ,ඒකියන්නේ දේශපාලන සහයක් උන් ලබාගන නැද්ද.

    ඔය ගොනාව ගණන් ගන්න එපා බං....
    ඔය ඉරිකොතේ ගූ පුච්චන් කන පොන්නයෙක්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපේ රටේ නායකයන්ගේ කොන්ද පන නැති බවත් ඔහු වැඩ කළ යුත්තේ මේ ආකාරයෙන් නොවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.