Films - blue ray quality, Games - repacks, TV series වගේ download කරලා විකුණන්ඩ. ඒවා download කරන්ඩ Hutch 70 offpeak package එක වගේ එකක් පාවිච්චි කරන්ඩ. DVD වලට ගහන් ඉන්ඩ ඕන නෑ. External hard එහෙක වගේ තියන් ඉල්ලුම අනුව write කරලා හෝ USB drive එහෙකට දාලා දෙන්ඩ. සිංහල එව්වා එපා. නීති ප්‍රශ්ණ එන්ඩ පුළුවන්.
Tuition class වල එහෙම පාවිච්චි කරන පොත් කට්ටල තියෙනවා පොඩි පොත් කඩවල හොයන්ඩ නැති. ඒවා මොනවද කියල හොයලා බලලා ගෙනත් තියාගන්ඩ. ඉල්ලුම අනුව ගෙනත් විකුනන්ඩ. Past papers වගේ එව්වා එහෙම විකිනෙයි.
ගැසට් එකේ දාන රජයේ රැකියා, රස්සා වගේ ඒවගේ applications ඒ කියල තියෙන විදියට හරියටම හදලා address එක, title එක හරියට ගහපු ලියුම් කවර වල දාලා විකුනන්ඩ. application විකුනන්ඩ තියෙන කඩයකින් දෙක තුනක් අරන් බලන්ඩ කොහොමද වැඩේ වෙන්ඩ ඕනේ කියලා. වැඩිපුර print කරලා වටේ පිටේ කඩවල් වලටත් දාන්ඩ පුලුවන්ද කියල හොයලා බලන්ඩ. හැබැයි වගකීමෙන් හරියට හදන්ඩ ඕනේ.
communication එකේ notice board එකක් maintain කරන්ඩ.
Graphic designing වගේ ඉගෙනගත්තොත් ඒ වැඩ කරන්ඩත් පුළුවන්.
communication කෙරුවාව ගැන දන්නේ නෑ. මට හිතුන එව්වා කිව්වේ. තව මතක් උනොත් දාන්නම්.
Thanx machan



