මම මං සමරිසියෙක් කියල හඳුනගත්තෙ පත්තරේ දැකපු ආටිකල් එකක් කියවලා. එදා මම හොඳටම බය උණා. වයස 18ක් ඒ වෙද්දි. ආදරය කියල දෙයක් දැනං හිටියෙ නෑ. පිරිමි අයට වැඩි කැමැත්තක් තිබුණත් ඒක වාසනාවකට වගේ මගේ චරිතෙන් මතුවෙලා පෙනුනෙ නෑ. මම සමරිසියෙක් කියලා දැනගත්තම මම මුලින්ම සියදිවි නසා ගන්න හැදුවා. ඒත් ඒක කොච්චර අමාරුද කියල දැනුනෙ අම්මව මතක් වෙලා. මම හිතාගත්තා දවසක ඉගෙනගෙන හොඳ වැදගතෙක් වෙලා මට මේ ලැබුණ ජීවිතේ වැරදි දේවල් නොකර, කාටවත් කරදරයක් නොවී ලස්සනට ගෙවන්න ඕන කියලා. මට ඒත් මේක ගෙදරට කියන්න තරං මනස හැදිල තිබුන නැති නිසාත්, එයාල සාම්ප්‍රදායික නිසාත් කටපියන් ඉන්න උණා.
පලවෙනි වතාවට මම ආදරය කියන හැගීමට එන්නෙ වයස 19දි. ඒ කාලෙ ෆේස්බුක් වල ෆේක් එකවුන්ට් එකකින් මම වගේ තව අය ඉන්නවද කියල බලන්න මට උවමණා උණා. කිහිප දෙනෙක් එක්ක චැට් කලා. ඉන්බොක්ස් එක මානසික ලෙඩ්ඩුන්ගෙන් පිරිලා. අහවල් තැන පොටෝ එවනවා. පන් ගමුද කියනවා. ඒත් මට උවමණා කලේ මම වගේම ජීවිතේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. එක් කෙනෙක් දිගින් දිගටම කතා කලා. අපි හමුඋණා. හමුඋණ පලවෙනි දවසෙම එයා මාව අයුතු විදිහට අතගාන්න ගත්තා. මට හරි බයක් දැනුනා. මම ඉක්මණට එතනින් මාරු වෙලා ආවා. පස්සෙ හොයල බලද්දි ඒ කොල්ලට කෙල්ලෙක් ඉන්නවා. මට මාර තරහයි. අහිංසක කෙල්ලක් යාලු කරගෙන තවත් කොල්ලො කී දෙනෙක්ට මෙහෙම කරනවා ඇතිද කියල හිතුනා. සමාජයෙ ගොඩක් සමරිසියො එහෙමයි.
මට මම ගැන දැනෙන දේ බෙදාගන්න කිසි කෙනෙක් නෑ. ඒක කොච්චර අසරණද කියල තේරෙන්නෙ තමනුත් ඒක වින්දම. දවසක් මට චැට් කලා තවත් කොල්ලෙක්. මම එයාව පොදු ස්ථානයක හමුඋණා. අපි එදා අයිස්ක්‍රීම් කෑවා. එයා මට ජීවිතේ ගොඩක් දේ කියල දුන්නා එක දවසින්. ඒත් මට එයා ගැන හැගීමක් ආවෙ නෑ. එයා කියපු එක දෙයක් අදටත් මතකයි. කවදාවත් තමන්ගෙ ලිංගිකත්වයට චරිතය ඝාතනය කරන්න දෙන්න එපා කියලා. හැබැයි ආයි මට එයාව හමුඋනේ නෑ.
ගොඩක් අය හිතුවට සමරිසියො කියන්නෙ සෙක්ස් මැෂින් කියලා... අපෝ නෑ.. මට ඇත්තටම කිසිම උවමණාවක් නෑ පිරිමියෙක් එක්ක තාවකාලික සතුටක් ගන්න. ගොඩක් අය දන්නවා ඇති අද කාලෙ ඒඩ්ස් බෝ වෙන ප්‍රධාන සාධකය සමරිසියො. කවදාවත් මට ඒකෙ කොටස් කරුවෙක් වෙන්න ඕන නෑ.
අවසාන වශයෙන් කියන්නෙ තමන්ගෙ දුවට පුතාට යාලුවෙක් වගේ ඉන්න. එයාලට ඇහුම්කම් දෙන්න. ඒ දරුවා සමරිසි උනොත් කොන් කරන්න එපා. හරි පාර පෙන්නල දෙන්න. එලන් කෙනෙක් හරි ජිම් පාර්සන් කෙනෙක් වගේ සාර්ථක කරවන්න. පුළුවන් තරං පිනට දහමට යොදවගන්න. මොකද මම යන පාරෙ යන අයට වරදින්නෑ කියල මට පූර්ණ විශ්වාසයක් තියෙනවා.
බුදු සරණයි!