පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ යැවූ මංගල පන්දුවෙන්ම ක්රිස්ගේල් දැවීයයි
දෙසැ.01- පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු කඩුල්ල දවා ගැනීමේ ගෞවරවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ වේග පන්දුයවන ක්‍රීඩක සුරංග ලක්මාල් අද සමත්විය.
මෙරට 8වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණය අද විවෘත කෙරුණේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භවීමත් සමගිනි.
එය ලොව 104වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයද වේ.
වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ තරගයේ කාසිය වාසියා දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර පළමුවෙන් පන්දුවට පහරදීමට කොදෙව්වන්ට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා ඇරයුමෙන් මුලින් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉණිමේ පළමු කඩුල්ල ලෙස ඉණිමේ යැවූ පළමු පන්දුවේදීම ක්රීස්ගේල් දැවීයාම විශේෂත්වයකි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පළමු පන්දුව යැවීමේ වාසනාව හිමි කරගත් වේග පන්දුයවන ක්‍රීඩක සුරංග ලක්මාල් ගේල්ගේ කඩුල්ල දවා ගත්තේය.
අනතුරුව ඩ්වයින් බ්රාවෝ පිටියට පිවිසියේය.
කොදෙව් ලකුණු පුවරුව එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලෙස සටහන්වෙද්දී තරගයට යළිත් වර්ෂාවෙන් බාධා ඇතිවිය.
ඩ්වෝන් ස්මිත් සහ ඩැරන් බ්රාවෝ ඒ වනවිට පන්දුවට පහරදෙමින් සිටියේය.
තේ විරාමයෙන් පසුව යළිත් තරගය ආරම්භවීමෙන් අනතුරුව ඩැරන් බ්රාවෝ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවනි අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්විය.
මෙම තරගාවලියේදි ටෙස්ට් වරම් දිනාගත් බ්රාවෝ තරග තුනේදීම අර්ධ ශතක වාර්තා කිරිම විශේෂත්වයකි.
ඩ්වේන් ස්මිත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5වෙනි අර්ධ ශතකය අද වාර්තා කළේය.
කොදෙව් ඉණිමේ දෙවනි කඩුල්ල ලෙස අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 55කට දැවී ගියේය.
අද තරගය නතර කරනවිට කොදෙව් කණ්ඩායම සිය පළමු ඉණිමට කඩුලු 2ක් දැවී ලකුණු 134ක් රැස් කරගෙන සිටියේය.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඩැරන් බ්රාවෝ ලකුණු 63ක් රැස් කරගෙන සිටි අතර ශිවනරීන් චන්ද්‍රපෝල් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 11කි.
REP Dunnata waradak nehe