පලි ගැනීම

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    අපි ඉස්කෝලේ යන කාලේ එල සීන් එකක් උනා.:yes::yes::yes:
    අපේ නගරේ බාලිකා පාසලට යන්න ඕනේ අපේ ඉස්කෝලේ පහු කරගෙන. :):)
    ඉතින් අපේ ඉස්කෝලෙට වගේම ඔය ඉස්කෝලේටත් ඉතින් ස්කූල් බස් එකක් තියෙනවා. කොන්දයි ඩ්‍රයිවරයයි අර කලින් කියපු ජාතියේ ඩබලක්.:frown::frown: මාර උණක් තිබුනේ.


    ඉතින් අපිටත් ඉන්න බෑනේ…


    අපේ ඉස්කෝලේ ඉස්සරහ ස්කූල් ට්‍රැෆික් ඉන්න කවුරු උනත් බස් එක එනකොට අනිවා බස් එක නවත්තනවා. ඩ්‍රයිවරයටයි කොන්දටයි හැමදාම මල.
    දවසක් අපේ කොල්ලෙක්ට අපේ ස්කූල් බස් එක මිස් වෙලා. පරක්කුත් වෙලා. ඉන්නකොට කෙල්ලන්ගේ බස් එක එනවලු. මූ ශේප් එකේ අත දාලා. ඩ්‍රයිවරයත් චුට්ටක් වෙන්න ස්ලෝ කරලා… මූත් එල්ලිලා. කොන්ද මූ නැගපු වෙලාවේ ඉඳන් මූට බකට් එක ඇදලා. මූට ෆුට් බෝඩ් එකෙන් උඩට එන්න දීලා නෑ. (මූ අපේ බස් එකේනම් ෆුට් බෝඩ් එකෙන් උඩට එන්නෙත් නෑ.)

    මූට බහින්නම කියලා. මූව බස් එකෙන් තල්ලු කරන්නත් හදලා. .
    මූත් ඉතින් කරන්න දෙයක් නැති නිසා කොන්දට වැඳ වැඳ කොහොම හරි ඇවිල්ලා. මූට බස් එකට නගින්න ඩ්‍රයිවරය ස්ලෝ කරාට බස් එකෙන් බහින්න ස්ලෝ කරලා නෑ. එදා පරක්කු වුන නිසා අපේ ස්කූල් ට්‍රැෆික් ඉඳලත් නෑ. මූට වෙන කරන්න දෙයක් නැතිව මූ බස් එකෙන් පැනලා. බස් එකේ වේගේ වැඩි කමට මූව වැටිලා. තුවාලයි බරටම. බස් එක ඒත් නවත්තලත් නෑ.

    ඉතින් මූව ඉස්පිරිතාලේ ගිහින් දාලා එන ගමන් අපි සෙට් උනා හවස රිටන් එක දෙන්න බස් එකට.

    මාකට් ගිහින් කුණු තක්කාලි ගත්තා…. තව කෘෂිකර්මය යුනිට් එකෙන් කොම්පෝස්ට් හදන්න ගෙනාපු ගොමත් ඇති තරම් ගත්තා. අරගෙන හැදුව ටුඩේ ඉස්පෙෂල් ගොම සුප් එකක්. ඕකත් අරගෙන 1.30 ට ගියා පාරට. 12.30 ඇරපු මල්ලිලා කට්ටියකුත් හිටියා ඒගොල්ලන්ගේ ඉස්කූල් වෑන් එනකම්. ගානක් නෑ.

    අයියලගේම මල්ලිලානේ. මුනුත් මේවා පුරුදු වෙන්න ඕනනේ. නැත්නම් ඉස්කෝලේ නම ගෙනියන්නේ කවුද.


    ටිකකින් ඔන්න එනවා භාන්ඩේ….
    කෙල්ලන්ගේ බස් එක….


    ඉස්කූල් ට්‍රැෆික් නැවැත්තුවා බස් එක….
    නවත්තගන්නත් කලින්ම වැදුනා බස් එකට කුණු තක්කාලියි ගොම සුවඳ පැන් ටිකයි ලෙසටම…


    කෙල්ලෝ කෑගහනවා….ඒයී…… ඊයා……
    එත් එක්කම සලාංග් සලාංග් ගාල සද්දෙකුත් ඇහුනා….
    අපිටත් හොල්මන් මොකද වෙන්නේ කියලා…..
    බස් එකේ වීදුරු සර සර කියලා බිමට වැටෙනවා….
    කෙල්ලෝ බෙරිහන් දෙනවා…..
    ජනෙල් අයිනේ හිටපු කෙල්ලන්ගේ ඔලු පැලිලා…. ලේ එනවා……
    කොන්දටත් වැදිලා…. ඒකනම් එල….
    තව ටිකක් බැලුවා මොකද වෙන්නේ කියලා….
    අප්පට සිරි කිව්වලු

    අපි තක්කාලි ගහන කොට පොඩි එවුන් ටික ෆෝම් වෙලා බස් එකට ගල් වලින් ගහනවා……
    පසු වදන….
    පහුවදා 4 දෙනෙක් පොලීසියේ… රජයේ දේපල වලට හානි කිරීම… පොඩි එවුන් ගැහුවට අපේ 4ක් තමයි ඉතින් ගියේ…
    අපේ පිනාට මල් තියල වඳින්න ඕනේ… පිනා පොලිසියටම ගිහින් පොලිස් ඇප තියලා කට්ටියම ආපහු ගෙනාවා බස් එකේ අලාබයත් ගෙවනවා කියල පොරොන්දු වෙලා…
    එන ගමන් ඉස්පිරිතාලේ ගිහින් තුවාල වෙච්චි කෙල්ලන්වත් බලලා…

    අපි ඉස්කෝලේ හැට් කලෙක්ෂන් එකක් දැම්ම බස් එකට ගෙවන්න…..
    ඒකත් ආතල්… ඩිපෝ එකට කිව්වටත් වඩා මේ එකතු වෙන්නේ……
     
    Last edited: