මෙතන පොඩි අවුලක් වුනා බන්... මන් අදහස් කරපු දෙයක් නෙවේ සමහර විට කියවන අයට තේරුනේ.. එකෙන් thread එකත් off topic ගියා බන්.. "ඔය බල්ලෝ වගේම අඬන ළමයිනුත් ඉන්නවා දහස් ගානක් - උන්ට ආදරේ කෙනෙක් වුන්ව හදා ගනී" කියලා සාධාරණව කිවුවේ බන්.. නිකන් අදහසක් විතරයි..
බලපන් උඹ නියම විදිහට උඹේ අදහස කිවුවා බන්. වැදගත් විදිහට.. අනිත් මිනිස්සුත් ඒ විදිහට කතා කළා නම් මන් ඔය විදිහට කතා නොකරන්න තිබ්බා.. එකෙන් උඹලගේත් හිත රිදෙන්න ඇති..
මමත් සත්තු ඇති කළා බන්..මමත් වුන්ට ආදරෙයි. හැබැයි ස්වභාවයෙන්ම මම මිනිස්සුන්ට ඊට වඩා සංවේදියි. මිනිස්සුන්ට වඩා හිතවත් කමක් මට සත්තුන්ට ඇතිවෙන්නේ නැහැ බන් මම වුන්ව ඇති කලත්... හැමෝම ඉපදිලා ඉන්නේ කර්මනුරුපව කියලායි බන් මගේ ඔලුවේ වැඩ කරන්නේ.. ඉතින් ඒ නිසා මන් දරන සමහර අදහස් ටිකක් වෙනස් ඇති බන්..
උඹ බන් සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් එක වගේ සලකනවනේ බන්.. උඹ හරි. මන් දැකලා තියන මිනිස්සු ඉන්නවා (මේ EK එකෙත්) ඇති කරන සතාට මාසෙට දාහ දෙදාහ වියදම් කලත් පාරේ බස් එකේ යන හිඟන්නෙකුට රුපියල් 5ක් දෙන්නේ නැති. වයසක අම්මලා ඇවිදගන්න බැරි ගාතේ ඇවිත් දවල්ට කන්න පාන් කාලක් ගන්න අත දික් කරනවා ඒ වුනාට දැක්කේ නෑ වගේ යන මිනිස්සු. ඒ වුනාට ගෙදර සතාට හැමදාම මොනාහරි අරගෙන යන. මන් අන්න ඒ මිනිස්සුන්ගෙන් ඇහුවේ බන් මනුස්සයට වඩා සතා ලොකු වුනේ ඇයි කියලා.. නැතුව ඒ සත්තුන්ට ආදරය කරන/සලකන එකට නෙවේ බන්.![]()

මමත් ඔයාගේ කතාව අල්ලන් තියෙන්නේ වැරදියට වගේ
ඒකට සමාවෙයන් මචෝ ....
උබ කියනදේ හරි කොල්ලා,,,
මොකද සමහර මිනිස්සු සතෙක් ඇතිකරන්නේ ඒ ජීවියාට තියන ආදරයට නෙවෙයි
තමන්ගේ තත්වය ලෝකයාට පෙන්නන්න
''මම මුට මෙච්චර වියදම් කරා අරක කරා මේක කරා''කියලා පම්පෝරි ගහන්න
කන්ඩ බොන්ඩ මොනවා දීලා හැදුවත් වැඩක් තියද බන් උට ආදරයක් නැත්නම්.


