මචං මම උඹේ මේ ත්‍රේඩ් එක කියෙව්වා .ඒත් මම මෙතන කතාකරන්නේ අපක්ෂපාතිව ස්වධීනව .ඒක උඹට තෙරේවී මම මේ එළකිරි එකේ ඔයවගේ ත්‍රේඩ් වලට දලා තියෙන පොස්ට් වලින් .හැබැයි කවුරු හරි එකෙක් අන්තවාදි මතයක එල්බ ගෙන අනික් අන්තයෙ උන්ව පල්ලෙහාට දාලා කතාකරනවානම් සහ ඇත්ත ඇති සැටියෙන් උදාහ්‍රණ සහිතව ඔප්පු වෙද්දිත් එහෙම ඔප්පු කරන උන්ව නිර්දය නොපිළිගෙන කාරණා ප්‍රතික්ෂේප කරනවනම් හරි අන්න ඒ වගේ උන්ට උත්තර දෙන්න අවස්ථාවේ හැටියට යම් පක්ෂක්ග්රාහී බවක් අරගන්නවා .හරි ඒකෙන් වැඩක් නැහැ .උඹ මෙතන කියලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගෝඩක් උන්ට සමාජය ගැන මේලෝ දැනීමක් නැහැ කියලා .ea කියන්නේ හැමෝන්ටම නෙමේ නේ ? ඔව් එහෙනම් ඒ කතාව හරි .මොකද මම දන්න ගොඩක් උනුත් ඉන්නවා උන්ට් සමාජය් ගැන නෙමේ තමන් කවුද කියන එකවත් දන්නේ නැහැ .හැබැයි ඒ අතරේ හොඳ උනුත් ඉන්නවා .ඒක කියන්න ඕනේ .හැබැයි උබේ පළවෙනි කාරණාව ගැන මට තියෙන ප්‍රශ්නෙ තමා සමාජ දැනීම නැත්තේ ප්‍රයිවට් ගොඩක් යන එවුන්ට විතරමද ? රජයේ විශ්වවිද්‍යාලවලට යන ගොඩක් උන්ට එහෙම අවුලක් නැද්ද ? මොක්ද මම දන්න රජයේ විශ්වවිද්‍යාල වලට යන උන් ඉන්නවා උන්ව දැක්කම දුක හිතෙනවා ,හැබැයි හැමෝටම මේක අදාළ නැහැ .
…හරි මම අනෙක් කාරණයට එන්නම් .උබ කිව්වා ඔය ප්‍රයිවට් යන උන් රජයේ A/L කරන්නේ ඇයි අවුරුදු 3 ක් තිස්සේ .ඒක කාලේ කන වැඩක් නේ London එව්වා කරන්න පුළුවන්නේ කියලා .මචං මේක කියන්න ඕනේ ඉස්සෙල්ලා .අපේ රටේ මේ නිකන් දෙනවා කියන අධ්‍යාපනය තුළින් නිර්මාණය වෙච්ච සමාජ රටාව හමුවේ ඇතැම් අය හිතනවා උසස් ලෙස දිවි ගෙවන්න නම් A/L ,උපාධි වගේ එව්වා විතරක්ම තිබ්බොත් තමා පුළුවන් කියලා .එහෙම හිතන අය තමා උඹලග්ත් අපේත් දෙමාපියන් ,ගුරුවරුන් කියන අය .ඉතිං ඒ දෙමාපියන් ගේ ඉගෙනුම් මට්ටමට අනුව ඔවුන් බලන්නේ තමන්ට යන්න බැරිවෙච්ච තැනට ළමයාව යවන්න හෝ තමන් ලබන වරප්‍රසාද වලට වඩා උසස් වරප්‍රසාද ලාභියෙකු බවට ළමයා පත් කරන්න .ඒක කරන්න තියෙන එකම මාර්ගය A/L කියලා ඒගොල්ලෝ හිතනවා .ඒ නිසා අපිව පොඩි කාලේ ඉඳන් පංති යව යව මරවන්නේ ඔය විභාගේ වෙනුවෙන් .අපේ ඉස්කොලවල් වල උගන්වන ගුරුවරුත් අපේ හිතට කාවද්දන්නේම A/L තමා උපාධියක් කරන්න තියෙන අවස්ථාව ,උපාධියක් නැත්තම් හොඳින් ජීවත් විය නොහැක යන මතය .අන්න ඒ මතයට අහුවෙච්ච නිසා සහ ඒ මතය අපිට ප්‍රොග්‍රෑම් කරලා තිබ්බ නිසා (මෙහි අපි යනු රටේ සියළුම සිසුන්ය )තමා හැම එකාම කැමැත්තෙන් හෝඅ අකමැත්තේන් මේ Local A/L කරන්නේ .නැතුව ආසාවට නෙමේ .නිකන් හිතපන් අපේ අම්මලා තාත්තලා අපිට "පුතේ A/L කරන්න ඕනේම නැහැ උඹට ඉහළට යන්න.වෙන ක්‍රම ඕනි තරම් ටියෙනවා .ඉතිං ඒ ක්‍රමයක් හොයාගෙන උඹ කැමති දේ කරපන් පුතේ .මොනවා හරි ඕනේ නම් අපෙන් ඉල්ලපන් අපි කොහොම හරි උබ කැමති දේ වෙනුවෙන් උදව් කරන්නම් ".කියලා කිව්වානම් ගැනලා බලපන් කීයෙන් කීදෙනෙක් ඔය A/L නොකර ඉඳියිද කියලා .අපි A/L කරන්න එද්දිත් අපිට අපේ වටාපිටාවෙන් නිර්මාණය කරලා තිබ්බේ A/L විතරමයි ඒ වයසෙදි කරන්න ඕනේ කියන එක .අපිට කවුරු හරි කියලා දෙන්න හිටියනම් මේ අපි කියනවා වගේ අපිත් එහෙනම් ඔය A/L නොකර වෙන මොනවාහරි පාඨමාලවක් කරනවා .ඒත් උඹලට අපිට ලැබුණ Guide එක තමා A/L පමණයි ඒ වයසේදි (අවු.17)කළයුත්තේ කියන එක .මොකද බන් අපි උඹල ඒ වයසේදි (A/L කරන කාලේ ) යැපෙන්නේත් අම්මගෙන් තාත්තගෙන් නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide අනුව තමා අපිට යන්න වෙන්නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide එක තමා A/L කරන්න කියන එක .හැබැයි ඒ විභාගේ හැම එකාටම පාස් වෙන්න බැහැනේ .පාස් උනත් හැම එකාටම විශ්වවිද්‍යාලේ යන්නත් බැහැ නේ .එහෙම කියලා ඒ අති බහුතරය (මම හිතන්නේ A/L වලට මුහුණ දෙන අයගෙන් 10 % කටත් වඩා අඩුවෙන් තමා කැම්පස් යන්නේ ) .ජීවිතේ කාළකණ්නි කර ගන්නත් බැහැ නේ .අන්න ඒක නිසා තමා උන් වෙනුවෙන් පෞද්ගලික අධ්‍යාපනය නිර්මාණය වෙන්නේ .මම කලින් කිව්වා නේ රජයේ විශ්වවිද්‍යාලවලට යන සමහරුන්ටත් සමාජය ගැන දැනීමක් නැහැ කියලා .කියන්න කණගාටුයි .මට හිතෙනවා දැන් උඹටත් ඒක නැද්ද කියලා .ඒ නිකන් නෙමේ කිව්වේ.හේතුකාරණා සහිතව ඒ මොකද ? පළවෙනි එක තමා උඹ කිව්වා සල්ලි තියෙන මෙලෝ සසරක් දන්නැති උන් තමා මේ ප්‍රයිවට් එව්වට යන්නේ කියලා .උඹ දන්නවද කීදෙනෙක් පාර්ට් ටයිම් ජෝබ් කරලා ඔය ප්‍රයිවට් එව්වයේ ඩිග්‍රී කරනවද කියලා ? ,සමහරු නයිට් ශිෆ්ට් හිටන් අදිනවා ,සමහරු අම්මගේ කන කර උකස් තියලා තමා Semester එකේ ෆීස් ගෙවන්නේ .තව සමහරු ඉන්න ගේ පවා උකස් තියල ඉගෙන ගන්නේ .තව සමහරු සල්ලි පොළියට අරගෙන ෆීස් ගෙවන්නේ .මම දන්න එකෙක් ඉන්නවා ඌ කරන කොර්ස් එකේ සල්ලි ගෙවන්න උනා 120,000ක් ඒ 120,000 න්50,000ක් උගේ අම්මා කාලයක් තිස්සේ එකතු කරපුවා .අනික් කොටස ණයට ඉල්ලන් ගෙවුවේ . ඉතිං ඒ සල්ලි කාර හින්දද එහෙම කරන්නේ ? හොයලා බලපන් මේ කිව්ව එව්වා .අනික උඹ දන්නවද රජයේ විශ්වවිද්‍යාල වලට කීදෙනෙක් සල්ලි තියෙන උන් එනවද කියලා ? ඒකත් හොයලා බලපන්කෝ උඹම .දෙවෙනි කාරණය තමා උඹ කිව්වා මේ රටේ තියෙන්නේ පෞද්ගලික උපාධි දෙන ආයතන කිසිම ගුණාත්මක භාවයක් නැහැ .එව්වා උපාධි කඩ කියලා,.ඔව් අපි මොහොතකට පිළිගමු ඒ කතාව .ඒත් උඹ දන්නවද ඔය උපාධි කඩ කියන එව්වයේ උඹලගේ ගුණාත්මක රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්‍ය්වරු කීදෙනෙක් Lecturing දෙනවද කියලා ? එව්වා කඩ නම් ඇයි ඒ ගොල්ලො ඒ කඩ අස්සේ ගිහින් ඒ කඩ වලට බඩු ගන්න එන උන්ට උගන්නන්නේ ? ඒතකොට ඒ ගුණාත්මක භාවය නැති උපාධි කඩවල උගන්වන ලෙක්ස් ලම නේ උබලගේ එව්වයෙත් උගන්වන්නේ ? උඹට තෙරෙනවනේ මම කිව්ව එක .අන්න ඒකයි මම කිව්වේ උඹෙත් සමාජ දැනීම නැහැ කියලා .නැතුව තරහකට නෙමේ .මොකද එහෙම තිබ්බා නම උබ මේ මම කිව්ව එව්වා දැන ගන්නවා මට කලින් .මොකද උඹ කියනවා ප්‍රයිවට් යන එවුන්ට "රජයේ විශ්ව විද්‍යාලවල යන එවුන්ට කුහක කම් කරන්න කියලා".හැබැයි උනුත් කිව්වොත් "අපි සල්ලි දීලා ඉගෙන ගන්න එකට උඹලා කුහක වෙන්න එපා " කියලා ? එතකොට මොකෝ කරන්නේ ?
…
… මචං මට කියන්න තියෙන්න අන්තිමට මෙච්චරයි .මෙතන අවුල ප්‍රයිවට් ද රජයේද කියන එකේ නෙමේ .මේතන අවුල තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රම වේදයේ සහ ඒ තුළින් සැකසිච්ච අවුල් සහගත සමාජ ක්රමයේ ඒක නිසා අන්න ඒ අවුල හොයාගෙන එව්වා විසඳන්න බලපන් .මෙහෙම එක එකාට බැන බැන ඉන්නේ නැතිව .මොකඩහ කවුරුහ් කැමති නැහැ කාළකණ්නි වෙන්න .එහෙම නේ ? ඒක නිසා හැමෝම ගැන හිතන්න පුරුදු වෙයන් .
පලවෙනි කරණය, මම මෙතන කතා කරන්නේ අන්තවාදී සුළු පිරිසක් ගැන, මේ වගේ ත්‍රෙඩ් වල සමහරුන්ගේ උත්තර වලින්ම ඒ ගැන උබට තේරුම් ගන්න පුළුවන්. මම මේ ත්‍රෙඩ් එක පුරාවටම කතා කරන්නේ ඒ වගේ අන්තවාදී අය ගැනයි මචං,පොඩ්ඩක් යේ කියවල බලපන්.
උබට ලංකාවේ International school වලට යන එවුන්ව අනුමත කරන්න පුලුවන්ද, (ගොඩක් අය), ඒවා වල ගොඩක්ම (99%) වගේ ඉන්නේ අර්ත්මර්තකාමී එවුන්, අනික ඔය පුද්ගලික විශ්වවිද්‍යාල වලට එන ගොඩක් අය ඒ වගේ අය නේ.
මම පිලිගන්නවා මචං රජයේ විශ්වවිද්‍යාල වලටත් ඔය වගේ මෙලෝ රහක් නැති එවුන් එනවා කියල, එත් උන්ව කොන් වෙනවා බන්, ගොඩක් එව්වුන් ක්‍රමයට අනුගත වෙනවා බුන්, අනිත් එවුන් පච වෙනවා.
එත් සාපේක්ෂව ගත්තම රජයේ එවුන්ගේ ඒ වගේ ගති අඩුයි.(මම නැහැ කියන්නේ නැහැ)
මචං ඔය රජයේ විශ්ව විද්‍යාලවලට බැන බැන ඉන්න ගොඩක් එවුන් Local A/L (සමහරු දෙපාර තුන් පාර) කරපු එවුන්. මම කිව්වේ අන්න එයාල ගැනයි. උබ දැන් ඔය Local A/L ගැන කියපු දේ ඒ අයගෙන් තමයි හරියටම අහන්න ඕනේ, ඇයි එහෙනම් Local A/L කලේ කියල ( උන් හැසිරෙන්නේ හරියට උන් රජයේ විශ්ව විද්‍යාල වලට කවදාවත්ම හීනෙන් වත් යන්න හිටියේ නැති විදිහට)මම ඒ කතාව කිව්වේ අන්න ඒ අයට. තොප්පිය හරි අය දා ගත්තට වැරද්දක් නැහැ.
මම කිව්වා නෙහැ මචං මම මේ උපාධි කඩ වලට විරුද්දයි කියල. මම කියන්නේ ඔය හැම තැනම A/L tution ගානට තියෙන උපාධි කඩ එපා කියලයි. අපේ Lect. ලත් ඕවට එනවා තමයි, එත් මචං පඳුරක් පඳුරක් ගානේ උපාධි කඩ දැම්මම ඒවාට එන්න Lect. ල ඔය තරම් ලංකාවේ ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්.(මම කිව්වේ Senor Lecturers ල,ප්‍රොෆෙසර් ල වගේ ය ගැන.)
මම දන්නා එවුන් ඉන්නවා මචං ඔය වගේ ඉඩකඩන් වගේ උකස් තියාලත් ගිය. මම එකයි මචං අන්තිමට කිව්වේ අවබෝදෙන් දෙයක් කරන්න වරදින්නේ නැහැ කියල. ඒ දේ එය අවබෝදයක්,ඉලක්කයක් ඇතිව කලා නම් එකේ වරදක් නැහැ. ජොබ් කර කර ඉගෙන ගන්න එවුන් ගොඩක් ඉන්නවා බන්. මම එක වැරදියි කිව්වෙවත්, එහෙම එපා කිව්වෙවත්, උන්ට ඉගෙන ගන්න එපා කිව්වෙවත් නැහැ නෙහැ මචං. එහෙනම් මම පවුද්ගලික විශ්ව විද්‍යාල ඕනේ කියන්නේ නැහැ නේද?
මම කියන්නේ ඔය කුහක කම, තරහව තියාගෙන මේක කියවන්න එපා මචං.
බුදු සරණයි.




den thienne 60,70,80 gananwala thibuna society eka newei 
