සිරාවට බන් .අපේ රටේ මේ විභාග ලකුණුවලින් මනින ගොබ්බ කම නැති වෙන්කම් කිසි දවස්ක දියුණුවක් වෙන්නේ නැහැ ...හැබැයි මම දන්න අයියා කෙනෙක් ඉන්නවා ජපානේ .ඌ මෙහේ අවුරුද්දකට නිවාඩු ඇවිල්ලා ඉන්න කාලේ IT කොර්ස් එකක් කලා.මම ඉතින් උගෙන් ඇහැව්වා "උඹ ඩිග්රී එකක් කරන්නේ නැද්ද කියලා "
…ඊට පස්සේ ඌ කිව්වා නැහැ කියලා .මම ඇහැව්වා "ඉතිං බන් ඩිග්රී ekak නැතුව එහෙ කේස් නැද්ද ?" කියලා .ඌ කිව්වා "එහෙ එව්වා නෙමේ බන් බලන්නේ .උඹ එහේ ඇවිල්ලා interview කලොත් උන් බලන්නේ උඹ කරලා තියෙන වැඩ මොනවද සහ උඹ දන්නේ මොනවද කියන එක. ඩිග්රී එක තිබ්බත් අවුල්ක් වෙන්නේ නැහැ .ඒත් උඹේන් උන් බලන්නේ අර කිව්ව දේවල් ."
… ඉතිං අන්න එතනදි මට තේරුණා දියුණු රටකයි නොදියුණු රටකයි වෙනස තියෙන්නේ කොතනද කියලා .![]()
ලංකාවේ private sector එකේ ඕක පොඩ්ඩ පොඩ්ඩ හැදීගෙන එන්නේ..අපිට ලංකාව යන විදිය වෙනස් කරන්න බැහැ මචං...ඒ ළමයා එහෙම දෙයක් දිනපු එක ගැන සතුටු වෙනවා....එයාට Engineering එන්න බැරි වෙන බව ඇත්ත...ඒක එහෙම වුනයි කියල අපිට ලංකාව යන විදිය වෙනස් කරන්න බැහැ...එයාට ආසාව තිබුනා නම් A/L වලට මැත්ස් කරලා මොරටුව හරි පේරා හරි රුහුනු හරි යන්න තිබුනා...ඒ ළමයා උසස් පෙළට මැත්ස් කරපු නැති එකට ඉතින් සිස්ටම් එකට බැනලා වැඩක් නැහැ...
ප්රයිවට් වුනත් කොහෙ වුනත් ඉගෙන ගන්න එකා හොදට ඉගෙනගන්න එකයි කරන්න ඕනෙ...ගුණාත්මකබාවයත් තියෙන්න ඕනෙ...ඒව ගැන හොයල බලන්න UGC එක ඉන්නවා....
අනිත් එක ඉගෙනගන්න සුළුතරයක් එයි කියල කියන්නත් බැහැ මචන්..ලංකාවෙ A/L ලියන එවුන්ගෙනුත් කැම්පස් යන්නේ 15% ක් වගේ පොඩි ප්රතිශතයක්...එකෙනුත් ගොඩක් අය Art කරපු අය...ඉතුරු 85% ත් ඉගෙනගන්න ඕනෙ මචන්..කුහක වෙන්න එපා..ඉගෙනගන්න හැමෝම ආසයි...දුප්පත් පෝසත් කියල භේදයක් නැහැ හැමෝම කැමති හොදට ඉගෙනගෙන ලස්සනට ජීවත් වෙන්න...ඉගෙන ගන්න එකාට ගරහන්නේ නැතුව වෙන විදියට අකුල් හෙලන්නේ නැතුව හිටපන් බං...මට උඹගේ කතාවෙන් රිදුනා කියල හිතන්නත් එපා..


ලංකාවේ private sector එකේ ඕක පොඩ්ඩ පොඩ්ඩ හැදීගෙන එන්නේ..
ඉස්සර තමයි qualifications විතරක් තැන දුන්නේ. දැන් skill and experience බලනවා දරුණුවට. මොකද private company වලට profit ගන්න වැඩ්ඩෝ ඉන්න ඕනී with experience මිසක් GPA විතරක් මදි.. අපි වැඩ කරන්නේ foreign company එකක් එක්ක, අපේ foreign head designer ට diploma විතරයි තියෙන්නේ හැබැයි මෙහෙ ඉන්න Msc කාරයන්ටත් වඩා පට්ට වැඩ්ඩා..








මේ ගැන කතා කරන එක ඇත්තටම තේරුමක් නෑ..
පෞද්ගලික විශ්ව විද්යාල වල උපාධි වල මට්ටම බලා ගන්න UGC එකේ වෙනමම රෑන්ක් එකක් තියෙනවා.කොහෙන් හරි කමක් නෑ..
වගේම රජයේ විශ්ව විද්යාල වල ඉන්න කී දෙනෙක් ඉන්නවද පිට
වෙනමම රෙජිස්ටර් වෙලා ඩිග්රී කරන..
වගේම දන්නවනේ සමහර රජයේ කැම්පස් වලින් අරන් යන ඩිග්රී එක
කැම්පස් එකේ නම දැක්ක ගමන් එතනින් එහාට නොයන බව..
හොඳින් ඉගෙන ගෙන විශිෂ්ඨයෙක් වෙලා රටට සේවය කරන්න..
එහෙම මිනිස්සුන්ට හැමදාම හරියනවා..





