පවුම්_පන්ලක්‍ෂයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පවුම්_පන්ලක්‍ෂයක්

පාස්කු ප්‍රහාරයෙන් නංගියි මල්ලියි අහිමි වුණත් "මම ලංකාවට එනවා"



_107860774_thumbnail_image3.jpg



දියණිය අමිලී සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. ඇය 15 හැවිරිදි වූවාය




මැතිව් සිය දරුවන් දෙදෙනා සමඟ ලන්ඩන් නුවරින් පිටත් වූයේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නරඹා එහි සතුට සහ මතක සටහන් රැගෙන පැමිණීමේ බලාපොරොත්තුවෙනි. නමුත් ඒ නිවාඩුවේ අවසානය සුන්දර නොවීය. සතුට සහ සුන්දර මතක සටහන් වෙනුවට මැතිව් රැගෙන ආවේ දරුවන් දෙදෙනාගේ නිසල දේහයන් සහ අමිහිරි කම්පනය පමණි. ශ්‍රී ලංකාවේ සොඳුරු ස්ථාන කිහිපයක් නරඹා කොළඹට පැමිණි මැතිව් සිය දියණිය සහ පුතු සමඟ ශැංග්‍රිලා හෝටලයේ ලැගුම් ගත්තේය. පුතු ඩැනියෙල් 19 හැවිරිදිය. උසස් අධ්‍යාපනය සඳහා සුදානම්ව සිටියේය. දියණිය අමිලී සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. ඇය 15 හැවිරිදි වූවාය. උදෑසන ආහාර වේල සඳහා ඩැනියෙල් සිය නැගණිය සමඟ අසුන් ගත්තේය. මැතිව් ද දරුවන් දෙදෙනා සමඟ එක් වීමට කෑම මේසය වෙත පිය මනිමින් සිටියේය. ඒ අවාසනාවන්ත මොහොත උදා විය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මේ දරුවන් දෙදෙනා ද ගොදුරු වූහ.



දෛවෝපගත ගමන



_107860776_thumbnail_image1.jpg





පුතු ඩැනියෙල් 19 හැවිරිදිය


මේ කතාව ලියන්නට පටන් ගත්තේ දරුවන් අහිමි වූ පියෙකුගේ දුක විස්තර කිරීමේ අදහසින් නොවේ. ඒ දුක කාටත් තේරුම් ගත හැකිය. එම නිසා මේ කතාවේ දෙවන ජවනිකාව මෙසේ දිග හරිමු.


මැතිව් සිව් දරු පියෙකි. මේ නිවාඩුව ගත කිරීම සඳහා සිය බිරිඳ සහ දරුවන් සිව් දෙනා ම රැගෙන යාමට ඔහු සැලසුම් කළේය. සරසවි අධ්‍යාපනය ලබන වැඩිමල් පුතු ඩේවිඩ් ට විභාගයට සුදානම් වෙමින් සිටියේය. ඔහු 21 හැවිරිදිය. මැතිව් ගේ බිරිඳ ඇන්ජලීනා ට රැකියාවේ වගකීම් හරස් විය.
පවතින තත්වය සලකා බැලීමෙන් අනතුරුව මේ දෙදෙනා ම නිවසේ නතරවීමට තීරණය කළහ. දොළොස් හැවිරිදි ඊතන් පවුලේ බඩ පිස්සා ය. ඔහුට ද මේ 'නිවාඩුව' අහිමි වූයේ මව ගමනට එක් නොවන බැවිනි. මේ තිදෙනාගේ ම සුබ පැතුම් මැද ඩැනියෙල් සහ අමිලී කැටුව මැතිව් මේ දෛවෝපගත ගමනට පිටත් විය.


ඩැනියෙල්ගේ සහ අමිලීගේ ගමන් මලු



_107860778_thumbnail_image2.jpg



අමිලී, ඇන්ජලීනා, මැතිව් සහ ඩැනියෙල්





මෙතැන් පටන් මේ කතාන්තරයේ 'ප්‍රධාන චරිතය' වන්නේ දරු දෙදෙනා අහිමි වූ මැතිව් නොවේ. අකාලයේ මිලින වූ ඩැනියෙල් හෝ අමිලී ද නොවේ. මේ වන විට සියල්ල සිදු වී හමාරය. මුස්ලිම් අන්තවාදීන් ශ්‍රී ලංකාවේ දියත් කළ 'පාස්කු ප්‍රහාරයෙන්' දරුවන් අහිමි වූ මව් පියවරුන් අතරට මැතිව් සහ ඇන්ජලීනා ද එක් වූහ. සොයුරු සොයුරියන් අහිමි වූවන් අතරට ඩේවිඩ් සහ ඊතන් ද පිවිසියහ. ආගමේ නාමයෙන් සිදු කෙරෙන ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වූ මල් කැකුළු අතරට ඩැනියෙල් සහ අමිලී ද තුරුලු වූහ. ඩැනියෙල් ගේ සහ අමිලී ගේ ගමන් මලු නිවසේ කාමරයක කොනක තබා ඇත. ඩේවිඩ් ඒ දෙස බලාගත් වන ම සිටී.



පෘතඃජන සිත





_107869255_7f5a1a20-cd7d-48db-9137-91db1024bc59.jpg





ඩේවිඩ් ලින්සේ




සිය බාල සොයුරිය සහ සොයුරා සදහටම සමුගෙන ඇති බව සැබවි. නමුත් ප්‍රහාරයෙන් පසුව සිදු වූ දේ පිළිබඳව සියලු විස්තර දැන ගැනීමට ඩේවිඩ් ට අවශ්‍ය විය. කොළඹ ජාතික රෝහල කරා තුවාලකරුවන් සහ මළ සිරුරු රැගෙන ගිය ආකාරය මැතිව් විස්තර කළේය. රෝහලේ තත්වය පිළිබඳව ඩේවිඩ් විස්තර විමසීය. දිවි අහිමි වූවන් ගේ මව් පියන් සහ සමීපත ම ඥාතීන් එම අවස්ථාවට මුහුණ දුන් ආකාරය ගැන ඩේවිඩ් සිය පියාගෙන් විමසීම් කළේය. වෙනත් රටක පවතින දේශපාලනික, සංස්කෘතික හෝ සමාජයීය අර්බුදයකට තම සමීපතයන් ගොදුරු වූ විට ඒ රට ගැන හෝ සමාජය ගැන කෝපයකින් හෝ වෛරයකින් කතා කරන්නට යමෙකු පෙළඹිය හැකිය.
ඒ රට හෝ එහි වෙසෙන ජනයා දෙස නැවත හැරී බැලීමට පවා පෘතථඃජනයෙකුට සිත් නොදිය හැකිය. ප්‍රහාරය සිදු වී මාස දෙකක් ගත විය. ඩැනියෙල් සහ අමිලී ට අත්වූ ඉරණම ගැන පවුලේ සියලු දෙනා සොවින් තැවෙන අතරම මේ ඉරණමට ගොදුරු වූ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ගේ දුක ද ඔවුනට දැනෙන්නට තරම් ඒ හදවත් විවෘත ය.




සිත් නිවන්නට



_107869250_gettyimages-1139474811-594x594-1.jpg





නැගණිය සහ සොයුරා දිවියෙන් සමුගත් ස්ථානයට ගොස් ඔවුන් ස්මරණය කිරීම සඳහා තව නොබෝ දිනකින් ඩේවිඩ් ද ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිතය





නංගී සහ මල්ලී වෙනුවෙන් හරවත් යමක් කරන්නට ඩේවිඩ් සපථ කළේය. සිය විභාගය පසෙක ළා කල්පනාවේ නිමග්න විය. ඒ රුදුරු ප්‍රහාරයෙන් තුවාල ලැබූ අන් අය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රෝහල් තුළ පවතින පහසුකම් සහ වෛද්‍ය උපකරණ පිළිබඳව ඩේවිඩ් සිතන්නට විය. දෙමාපියන් අහිමි වූ ශ්‍රී ලාංකික දරු පැටවුන් ගැන සිතන්නට විය. ඔවුන්ගේ අධ්‍යාපනයට යන කළ දසාව ගැන සිතන්නට විය.
දරුවන් අහිමි වූ ශ්‍රී ලාංකික මව්වරුන් පියවරුන් ගේ දුක්ඛ දෝමනස්සයන් වටහා ගන්නට වෑයම් කළේය. ඔවුන්ගේ සිත් නිවන්නට කළ හැකි දෙයක් සිතන්ට විය. උපදේශන සේවාවන් හි ඇති වටිනාකම ඔහුට වැටහුණි. මෙවැනි හදිසි ප්‍රහාරයක දී රෝහල් සහ සහන සේවා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පුහුණුවක ඇති වටිනාකම ඩේවිඩ් ට දැනුණි.


පවුම් පන්ලක්‍ෂයක්



ඩේවිඩ් ක්‍රියාත්මක විය. කඩදාසි මත කුරුටු ගාමින් සැලසුම් පිඹුරුපත් කළේය. අවසානයේ සිය ව්‍යාපෘතිය ජනගත කළේය. අමිලී සහ ඩැනියෙල් වෙනුවෙන් The Amelie & Daniel Linsey Foundation නමින් පුණ්‍යාධාර ආයතනයක් ලියාපදිංචි විය. මෙය ශ්‍රී ලාංකිකයන් උදෙසාම ය. ඒකායන අරමුණ ශ්‍රී ලාංකිකයන්ට පිහිට වීම බව ඩේවිඩ් අවධාරණය කළේය. ඔහුගේ පළමු ඉලක්කය බ්‍රිතාන්‍ය පවුම් පන්ලක්‍ෂයක් එක් රැස් කිරීමයි. වින්දිතයන් උදෙසා මානසික හා වෛද්‍ය උපදේශන සේවා ස්ථාපනය කිරීම, රෝහල් තුළ වෛද්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, වින්දිතයන් වෙනුවෙන් නිවාස තනා දීම, හදිසි ප්‍රහාරයක දී ප්‍රතිචාර දැක්වීම සඳහා පවතින සහන සේවා වැඩි දියුණු කිරීම ඩේවිඩ් ගේ අරමුණුවලින් කිහිපයකි.




නැවතත් ශ්‍රී ලංකාවට



නැගණිය සහ සොයුරා මෙලොවින් සමුගත් ස්ථානය වන ශැංග්‍රිලා හෝටලයට ගොස්, ඔවුන් මෙනෙහි කිරීම සඳහා තව නොබෝ දිනකින් තමන් ද ශ්‍රී ලංකාව බලා පිටත්ව යන බව ඩේවිඩ් මා හා පැවසීය.



_107869257_gettyimages-1138455652-594x594.jpg



නැගණිය සහ සොයුරා මෙලොවින් සමුගත් ස්ථානය






19 හැවිරිදි මේ නව යෞවනයා දැන් වෙහෙසෙන්නේ තම උසස් අධ්‍යාපනය වෙනුවෙන් නොවේ. වැඩි කාලයක් ගත කරන්නේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යමක් කරන්නට ය. තමන්ගේ බාල සොයුරා සහ සොයුරිය බිලි ගත් සමාජ අර්බුදයට ශාප කරමින් ඔහු කාලය වැය කළේ නැත. විපත සිදු වූ රටට හෝ සමාජයට ඔහු වෛර කළේ නැත.





අමිලීගේ ඇඳි වතෙහි සිදුරක්



එම විපත්තියට ම ගොදුරු වී, තමන්ට වඩා අසරණ වූ උදවිය ගැන සිතන්නට විය. ඔවුන් වෙනුවෙන් පිහිටක් වන්නට වෙර දරන්නෙහිය. ඩේවිඩ් සමඟ කතා බහ කරමින් සිටිය දී මට සිහිපත් වූයේ අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා එක් පහනක් හෝ දැල්වීමේ වටිනාකමයි. ඩැනියෙල් සහ අමිලී අවසාන වරට හැඳ සිටි ඇඳුම ඔහු සතුව සුරක්ෂිතව පවතී. ඩැනියෙල් ගේ වස්ත්‍රය කැබලිවලට ඉරී ගොස් ය. අමිලී ගේ ඇඳි වතෙහි ඇත්තේ එක් සිදුරක් පමණි. ඒ පපු ප්‍රදේශය ආශ්‍රිතව ය. කෙසේ නමුත් ඒ දෙදෙනාම අද ඩේවිඩ් සමඟ නැත. එහෙත් ඩැනියෙල් සහ අමිලී සතුව පැවති දයාව සහ කරුණාව අද දෙගුණ තෙගුණ වී තමන් සතුව පවතින බව ඩේවිඩ් මා හා පැවසුවේය.
ඩේවිඩ් ගේ හඬ සහ වදන් තුළින් කරුණාවන්ත සහ සංවේදී යෞවනයෙකු මම දුටිමි.


BBC NEWS - Sinhala




 
  • Like
Reactions: DangerMan119

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකිට සතුටු ඇති බං නංගියි මල්ලියි මැරුණ එක ගැන. දැන් දේපල සේරම ඒකිටනෙ :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    පොන්න ආණ්ඩුව වත් තුවාලකරුවන් / මරණකරුවන් වෙනුවෙන් දෙයක් නොකරපු එකේ මේ මිනිස්සු කරන්න යන දේ නොසැහෙන්න වටිනවා.....හැබැයි ඉතින් මේ දේශපාලු හැත්ත මේ මිනිස්සුගෙනුත් කොමිස් ඉල්ලයිද දන්නේ නෑ...
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පොන්න ආණ්ඩුව වත් තුවාලකරුවන් / මරණකරුවන් වෙනුවෙන් දෙයක් නොකරපු එකේ මේ මිනිස්සු කරන්න යන දේ නොසැහෙන්න වටිනවා.....හැබැයි ඉතින් මේ දේශපාලු හැත්ත මේ මිනිස්සුගෙනුත් කොමිස් ඉල්ලයිද දන්නේ නෑ...




    කොමිස් කුට්ටි ඉල්ලුවේ ඉතින් කවුද මහින්දගේ සනුහරේ නේ ඒ දවස් වල. :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අර පොන්න අාරක්ෂක ලේකම් කියපු කථා නිසා තමා සුද්දො මේ රටට ඵන ඵක අඩු උනේ..අර හිනා වෙවී පොර ටෝක්ස් දුන්න UNP පොන්නයොත් වග කියන්න ඕන ඒකට..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොමිස් කුට්ටි ඉල්ලුවේ ඉතින් කවුද මහින්දගේ සනුහරේ නේ ඒ දවස් වල. :lol:

    මුන් හරි හොඳායි...කොමිස් ගහන්නෙම නෑ..දෙයියම්ප:yes:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    අර පොන්න අාරක්ෂක ලේකම් කියපු කථා නිසා තමා සුද්දො මේ රටට ඵන ඵක අඩු උනේ..අර හිනා වෙවී පොර ටෝක්ස් දුන්න UNP පොන්නයොත් වග කියන්න ඕන ඒකට..

    :yes::yes::yes:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මේ අය ඉංග්ලිෂ් අය නෙවෙයි. වෙන ඔරිජින් එකක් තියෙන්නේ.මැරුන කෙල්ල ලස්සන කෑල්ලක්.ඔය වගේ ගර්ල්ස්ල මම මෙහෙ දැකලා තියෙනවා.අපරාදේ ලංකාවට ආවේ ඒ මිනිස්සු.මේකත් මාරම සුයිසයිඩ්ලා තමයි.බැංකු වල කෝටි සීයක් තියෙන එකෙක් බෝම්බයක් බැඳන් යනවා මේ වගේ ලමයි බ්ලාස්ට් කරන්න:lol:.අනිත් බෝම්බකාරිය අලව්දීන්ගේ දුව.ලංකාවේ ඉන්න තව බිලියන කෙනෙක්ගේ දියනියක් පොලිස් කාරයො බදාගෙන පුපුරවා ගන්නවා:lol:.අනිත් මැරුන ලමයි තුනෙත් බිලියනස්ලා වෙන්න තිබුන ලමයි තුන් දෙනෙක්.‍ෆියුනරල් එකේදි මැරුන ලමයෙක්ගේ යාලුවෙක් ඩෙන්මාර්ක් රජ පවුලේ පොඩි දුව.ඒ ප්‍රින්සස් අම්මව බදාගෙන අඬනවා.
    funeral-of-Asos-Billionaires-3-Children-Killed-In-Sri-Lanka-Terror-attack-on-Easter-Sunday1-1.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    කොමිස් කුට්ටි ඉල්ලුවේ ඉතින් කවුද මහින්දගේ සනුහරේ නේ ඒ දවස් වල. :lol:


    :lol::lol::lol::lol:

    අනේ සුකහන් සමනල පොන්ස්...දැන් ඉන්න උන් ඉල්ලපුවා නිසා කොච්චර ඒවා නැවතුනාද කියලා තොපි නොදන්නවා උනාට අපි දන්නවා....


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අර පොන්න අාරක්ෂක ලේකම් කියපු කථා නිසා තමා සුද්දො මේ රටට ඵන ඵක අඩු උනේ..අර හිනා වෙවී පොර ටෝක්ස් දුන්න UNP පොන්නයොත් වග කියන්න ඕන ඒකට..

    :yes::yes::yes::yes::yes: