පවුරු_වළලු

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කාලෙකට පස්සේ පට්ටම සිංහල ෆිල්ම් එකක් බැලුව... (බලන්න හම්බුනා නිසා) :D
    ඊයේ රෑ හිරු එකේ ගිය ෆිල්ම් එක කවුද බැලුවේ ?

    PAWRU-WALALU.jpg


    ෆිල්ම් එකේ නම පවුරු වළලු !
    අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ.
    නිෂ්පාදනය නීටා ප්‍රනාන්දු.
    තිර රචනය ටෝනි රණසිංහ.

    මේක ගැන ටිකක් හොයද්දි තමයි මේ විස්තර හොයා ගත්තේ ..

    1997 දී 11 වැනි
    11 වැනි සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී මේ ෆිල්ම් එකේ රඟපාපු නීටා ප්‍රනාන්දුට හොඳම නිළිය සම්මානය ලැබිල තියෙනවා . ඒ වගේම තමයි ප්‍රංශයේ 18 වෙනි අමියොන් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම ආසියානු චිත්‍රපටයට හිමි නෙට්පැක් සම්මානය, අමියොන් නගරය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය , ස්වාධීන ප්‍රදර්ශකයන්ගේ සම්මානය කියන සම්මාන 3ක් දිනාගෙන තියෙනවා ..

    ෆිල්ම් එක ගැන කියනවා නං ඉතින් කියන්න වචන නෑ ෆිල්ම් එක පුරාවටම සුපිරි lighting ... :yes: ඒ වගේම තමයි පට්ට location ටිකකුත් තෝරාගෙන තියෙනවා කතාවට ගැලපෙන්න .. ටෝනි රණසිංහ ගේ එහෙම ඇක්ටිං නං සුපිරි .. :yes: අද ලංකාවේ සිනමාව ඒ කාලෙත් එක්ක බලද්දී මොනාද කියල හිතෙනවා මචන්ලා :( ඉතිහාස කතාවක් විකුණන් කනවට වඩා ජීවිතේට දෙයක් එකතු කරගන්න ගමන්ම රසවිදින්න පුළුවන් මේ වගේ ෆිල්ම් අලුතින් ලංකාවේ හැදෙන්නේ නැති එක නං අපේ අවාසනාවක් .. :sorry: අම්ම කෙනෙක්ගේ ආදරය වගේම ගැහැණියකගේ හිත/ආසාවන්/ ගැන ෆිල්ම් එක බලන මිනිස්සුන්ට කාවද්දන්න හොඳ උත්සහයක් අරං තියෙනවා .. :yes:

    එත් සොරි.com කියන්න වෙන්නේ මට ෆිල්ම් link එකක් නං හොයා ගන්න බැරි උනා .. ඒ හින්ද කවුරු හරි හොයාගන්න පුළුවන් එළකිරි වැඩ්ඩේක් ඉන්නවා නං අපේ අනිත් අයටත් බලන්න ඒක බෙදා ගන්න කියල මම ඉල්ලීමක් කරනවා .. මට trailer එකක් නං හම්බුනා .. ඒක බලල කට්ටිය පුළුවන් නං මේ ෆිල්ම් එක හොයාගෙන බලන්න
    11.gif
    11.gif




    :love::love::love: හැමෝටම ජය වේවා ! :love::love::love:

    11.gif
    11.gif
    11.gif

    PS : මෙන්න අපේ MNV සහෝදරයා ෆිල්ම් එකේ ලින්ක් එක හොයල දුන්න .. කොටස් වශයෙන් තමයි තියෙන්නේ කැමති කට්ටිය බලන්න :yes:

    Menna Youtube eke link eka මෙතන කොටන්න
    keli walata thiyenne.(okkoma thiyenawa.parts walata wen karala thiyenne.)full thibba eka Haren Nagodawithana copyright claim karala.

     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බලලා තියනවා දැන් ගොඩාක් කල්. හොඳ චිත්‍රපටයක්
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වැඩිහිටියන්ට විතරද බන්,එහෙනම් මට එපා :)

    පවුරු වලල්ලක් බැඳලා
    සතර අතේ අවි ගත් මුර සෙබලුන් යොදලා
    පවුරු වලල්ලම බිඳලා
    මන් එනවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වලල්ලක් බැඳලා ♩ ♪ ♫ ♬ ♩ ♪ ♫ ♬
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම බෙනා;18612582 said:
    වැඩිහිටියන්ට විතරද බන්,එහෙනම් මට එපා :)

    පවුරු වලල්ලක් බැඳලා
    සතර අතේ අවි ගත් මුර සෙබලුන් යොදලා
    පවුරු වලල්ලම බිඳලා
    මන් එනවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වලල්ලක් බැඳලා ♩ ♪ ♫ ♬ ♩ ♪ ♫ ♬

    :shocked:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම බෙනා;18612582 said:
    වැඩිහිටියන්ට විතරද බන්,එහෙනම් මට එපා :)

    පවුරු වලල්ලක් බැඳලා
    සතර අතේ අවි ගත් මුර සෙබලුන් යොදලා
    පවුරු වලල්ලම බිඳලා
    මන් එනවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වලල්ලක් බැඳලා ♩ ♪ ♫ ♬ ♩ ♪ ♫ ♬


    :P:P:P
    නෑ නෑ පොඩි හිටියන්ටත් හොඳයි .. ඒකනේ මම බැලුවේ ..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මීට කලින් දෙපාරක් බලලා තියනවා...හිතන්න දෙයක් ඉතුරු කරන හොඳ ෆිල්ම් එකක්...:yes:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Menna Youtube eke link eka........

    keli walata thiyenne.(okkoma thiyenawa.parts walata wen karala thiyenne.)full thibba eka Haren Nagodawithana copyright claim karala.


    by the way lighting nam kiyala wedak ne.supiri.patan gaththa gaman balanna hithenawa.:P:P:P:P
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Menna Youtube eke link eka........

    keli walata thiyenne.(okkoma thiyenawa.parts walata wen karala thiyenne.)full thibba eka Haren Nagodawithana copyright claim karala.


    by the way lighting nam kiyala wedak ne.supiri.patan gaththa gaman balanna hithenawa.:P:P:P:P

    අම්මටසිරි එලම තමයි .. මේ තියෙන්නේ ෆිල්ම් එකම
    11.gif


    සිරාවට සුපිරිම lighting .. out door සීන් වලත් ගානට ලයිට් බැලන්ස් කරලා තියෙනවා :yes: