ජීවත්වීමේ කලාව නිවැරදි වු මතුවන්නේ ලස්සනක්.ඒ කියන්නේ පවුල් ජිවිතයක ලස්සන බැදිමක්.මව,පියා දු දරුවන් තුළ ආදරයේ බැදීම තිබෙන තුරාවට මතුවන සතුටු සිනා හඩ දක්නට ලැබෙන්නේ ජීවත්වීමේ කලාව නිවැරදිව හදුනාගත් නිවසක් තුළිනි.ජීවත්වන විට බොහෝ ගැටලු අප අභියසට පැමිණෙන බව සැබෑවකි.විය යුත්තේ ඒවා නිවැරදි හදුනාගෙන ජීවිතයට මුහුණ දීමයි.ගැටලු අභියස කටයුතු කිරීමේ ක්රමය නිවැරදි වන තරමට ජිවිතයට සතුට එක් කරගත හැකිබව රහසක් නොවේ.එහි ප්රධාන වගකීම් පවුලට කාන්තාව,බිරිද හෝ මවටම හිමි වන බව අමුතුවෙන් කිව යුතුනොවේ.නිවසේ බිරිද නැතිනම් මව කෙතරම් කාර්යබහුල වුවද ඇය වෙත පැවරී ඇති වගකීම් එකක් හෝ මගහැරීම තම විශාල ගැටලු මතුකිරීමට හේතුවක් වනුඇති.
ආර්ථික බර මහමෙර තරමට ඉහල යද්දී කාන්තාවකට නිවසට වී සිටීමට හැකි යුගයක් අද අභියස නැත.එසේත් නැතිනම් නූතනයේ බුද්ධිමත් කාන්තාව ඉහල විභාග සමත්කිරීම සමග ඉහල තනතුරු දැරීමේදි රැකියාවක නිරත වනවා ඇත.මව රැකියාවක නිරත වනවා යනු ප්රශ්න රාශියකට මුහුණ දෙන කරුණකි.ඇය නිවසින් එළියට යාමේදී නිවස තුළ පසුබිම නිවැරදි නොවිනම් එතැන මතුවන අඩදබර තුළ ලස්සන පවුල් ජිවිතයක් ගොඩ නොනැගෙනු ඇත.මව පියා නිවසේ මතුවන ප්රශ්න මත රණ්ඩු දබරකර ගැනීම දරුවන්ගේ මානසික වැඩිකිරීමට මෙන්ම කායික වැඩිකිරීමට බලපෑම් කරනු ඇත.ඇය රැකියාවක් කලද පවුලේ ගෘහණිය බව මතකයේ තබා ගත යුතුය.
